සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 15, 2023
ශක වර්ෂ 1945 ක් වූ වෘශ්චික රවි 29 භාග උඳුවප් පුර තියවක තිථිය ලත් කිවිදින සිට ධනු රවි 06 භාග උඳුවප් පුර නවවක ලත් ගුරු දින දක්වායි. 
 
ග්‍රහයෝ සහ රාශි
රවි - වෘශ්චික ( 16 දා සවස 03.58 ධනු) 
කුජ - වෘශ්චික 
බුධ - ධනු 
ගුරු - මේෂ 
ශුක්‍ර - තුලා 
ශනි - කුම්භ 
රාහු - මීන 
කේතු - කන්‍යා 
යුරේනස් - මේෂ (වක්‍ර) 
නැප්චූන් - මීන (නිවෘත) 
 
ග්‍රහයෝ සහ නැකැත්
ග්‍රහයෝ සහ රාශි 
රවි - දෙට ( 16දා සවස 03.58 මුල) 
කුජ - දෙට 
බුධ - පුවසල ( 16දා සවස 04.55 මුල) 
ගුරු - අස්විද 
ශුක්‍ර - සා ( 16දා රාත්‍රී 11.07 විසා) 
ශනි - දෙනට 
රාහු - රේවතී
කේතු - සිත 
යුරේනස් - බෙරණ 
නැප්චූන් - පුවපුටුප 
 
පෝය
දෙසැම්බර් 19 අඟහරුවාදා සවස 01.10න් පුර අටවක ලබා 20 බදාදා දහවල් 11.18න් ගෙවේ. 19 අඟහරුවාදා සිල්. 
 
චන්ද්‍ර චාරය
15දා දහවල් 01.45 මකර 
17දා සවස 03.47 කුම්භ 
19දා සවස 06.24 මීන 
21 දා රාත්‍රී 10.12 මේෂ 
 
දිනූ තත්ත්ූවය
දෙසැම්බර් 15 සිකුරාදා 
 
වෘශ්චික රවි 29 භාග උඳුවප් පුර තියවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.14. ඉර බැසීම 05.57 පුවසල නැකත උදේ 08.11න් ගෙවී උත්‍රසල නැකත ලබයි. උඳුවප් පුර දියවක තිථිය අලුයම 12.56න් ගෙවී පුර තියවක තිථිය ලබා එය රාත්‍රී 10.31න් ගෙවී පුර විසේනිය තිථිය ලබයි. වෘධි යෝගය උදේ 10.17න් ගෙවී ධෘම යෝගය ලබයි. කෞලවකරණය අලුයම 12.56න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 11.45න් ගෙවී ගරජකරණය උදාවී එදින රාත්‍රී 10.31න් ගෙවී වණිජකරණය උදාවෙයි. 
 
විෂ කලාව - ගෙල 
අමෘත කලාව - කෙණ්ඩ 
මරු - ගිනිකොන 
යෝගිනී - ගිනිකොන 
සුබ දිශාව - නැඟෙනහිර 
දෙසැම්බර් 16 සෙනසුරාදා 
 
ධනු රවි 01 භාග උඳුවප් පුර ජලවක ලත් ශනි දින. ඉර උදාව 06.14. ඉර බැසීම 05.57. උත්‍රසල නැකත උදේ 06.26න් ගෙවී සුවන නැකත ලබයි. උඳුවප් පුර ජලවක තිථිය රාත්‍රී 08.02න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. ධෘම යෝගය උදේ 07.04න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. වණිජකරණය උදේ 09.17න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 08.02න් ගෙවී බවකරණය උදාව පවතී. 
 
විෂ කලාව - නාසය 
අමෘත කලාව - දණහිස 
මරු - නැඟෙනහිර 
යෝගිනී - නිරිත 
සුබ දිශාව - දකුණ 
දෙසැම්බර් 17 ඉරිදා 
 
ධනු රවි 02 භාග උඳුවප් පුර විසේනිය ලත් රවි දින. ඉර උදාව 06.15. ඉර බැසීම 05.58. සුවන නැකත අලුයම 04.38න් ගෙවී දෙනට නැකත ලබයි. උඳුවප් පුර විසේනිය තිථිය සවස 05.36න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය අලුයම 03.48න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. බවකරණය උදේ 06.48න් ගෙවී බාලවකරණය ලබා එය සවස 05.36න් ගෙවී කෞලවකරණය උදාවෙයි. 
 
විෂ කලාව - ඇස 
අමෘත කලාව - ලිංග, යෝනි 
මරු - උතුර යෝගිනී - දකුණ 
සුබ දිශාව - නැඟෙනහිර 
දෙසැම්බර් 18 සඳුදා 
 
ධනු රවි 03 භාග උඳුවප් පුර සැටවක ලත් සඳු දින. ඉර උදාව 06.15. ඉර බැසීම 05.58. දෙනට නැකත අලුයම 02.56න් ගෙවී සියාවස නැකත ලබයි. උඳුවප් පුර සැටවක තිථිය සවස 03.17න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය අලුයම 12.37න් ගෙවී වජ්‍ර යෝගය ලබා එය රාත්‍රී 09.34න් ගෙවී සිද්ධි යෝගය උදාවෙයි. කෞලවකරණය අලුයම 04.24න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.17න් ගෙවී ගරජකරණය උදාව පවතී. 
 
විෂ කලාව - කන 
අමෘත කලාව - පෙකණිය 
මරු - වයඹ 
යෝගිනී - බටහිර 
සුබ දිශාව - දකුණ 
දෙසැම්බර් 19 අඟහරුවාදා 
 
ධනු රවි 04 භාග උඳුවප් පුර සතවක තිථිය ලත් කුජ දින. ඉර උදාව 06.16. ඉර බැසීම 05.59. සියාවස නැකත අලුයම 01.24න් ගෙවී පුවපුටුප නැකත ලබයි. උඳුවප් පුර සතවක තිථිය දහවල් 01.10න් ගෙවී පුර අටවක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය සවස 06.41න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. ගරජකරණය අලුයම 02.11න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 01.10න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.
 
විෂ කලාව - බැම 
අමෘත කලාව - ළැම 
මරු - බටහිර 
යෝගිනී - වයඹ 
සුබ දිශාව - නැඟෙනහිර 
දෙසැම්බර් 20 බදාදා 
 
ධනු රවි 05 භාග උඳුවප් පුර අටවක ලත් බුධ දින. ඉර උදාව 06.16. ඉර බැසීම 05.57. පුවපුටුප නැකත අලුයම 12.05න් ගෙවී උත්‍රපුටුප නැකත ලබා එය රාත්‍රී 11.01න් නිමා වී රේවතී නැකත ලබයි. උඳුවප් පුර අටවක තිථිය දහවල් 11.18න් ගෙවී පුර නවවක ලබා පවතී. ව්‍යාතිපාත යෝගය සවස 03.59න් ගෙවී වාරියන් යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 12.12න් ගෙවී බවකරණය උදාවී එදින දහවල් 11.18න් ගෙවී බාලවකරණය ලබා එදින රාත්‍රී 10.27න් නිමා වී කෞලවකරණය උදාවෙයි. 
 
විෂ කලාව - නළල 
අමෘත කලාව - තනනය 
මරු - නිරිත 
යෝගිනී - ඊසාන 
සුබ දිශාව - උතුර 
දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා 
 
ධනු රවි 06 භාග උඳුවප් පුර නවවක ලත් ගුරු දින. ඉර උදාව 06.17. ඉර බැසීම 06.00. රේවතී නැකත රාත්‍රී 10.12න් ගෙවී අස්විද නැකත ලබයි. උඳුවප් පුර නවවක තිථිය උදේ 09.40න් ගෙවී පුර දසවක ලබා පවතී. වාරියන් යෝගය දහවල් 01.30න් ගෙවී පරිඝ යෝගය ලබයි. කෞලවකරණය උදේ 09.40න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 08.59න් ගෙවී ගරජකරණය උදාවෙයි. 
 
විෂ කලාව - හිස්මුදුණ, හිස 
අමෘත කලාව - ගෙල, නාසය 
මරු - දකුණ 
යෝගිනී - නැඟෙනහිර 
සුබ දිශාව - උතුර 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.