සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 1, 2023

දිනූ තත්ත්වය

ශකවර්ෂ 1945 ක්වූ වෘශ්චික රවි 15 භාග ඉල් අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 21 භාග ඉල් අව දසවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – වෘශ්චික

කුජ – වෘශ්චික

බුධ – ධනු

ගුරු – මේෂ (වක්‍ර)

ශුක්‍ර – තුලා

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

ග්‍රහයෝ සහ නැකැත්

රවි – අනුර (03 දා දහවල් 01.03 දෙට)

කුජ – අනුර

බුධ – මුල

ගුරු – අස්විද

ශුක්‍ර – සිත ( 05 දා සවස 05.47 සා)

ශනි – දෙනට

රාහු – අස්විද

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

පෝය

දෙසැම්බර් 04 සඳුදා රාත්‍රි 10.02න් අව අටවක ලබා 06 බදාදා අලුයම 12.38න් ගෙවේ. 05 අඟහරුවාදා සිල්.

චන්ද්‍ර චාරය

01 දා උදේ 10.16 කටක

03 දා රාත්‍රි 09.39 සිංහ

06 දා උදේ 10.22 කන්‍යා

දිනූ තත්ත්ූවය

දෙසැම්බර් 01 සිකුරාදා

වෘශ්චික රවි 15 භාග ඉල් අව ජලවක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.07 ඉර බැසීම 05.52. පුනාවස නැකත සවස 04.45න් ගෙවී පුෂ නැකත ලබයි. ඉල් අව ජලවක තිථිය සවස 03.37න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය රාත්‍රි 08.07න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බවකරණය අලුයම 02.57න් ගෙවී බාලවකරණය ලබා එය සවස 03.37න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – කන

මරු – ගිනිකොණ

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

 

දෙසැම්බර් 02 සෙනසුරාදා

වෘශ්චික රවි 16 භාග ඉල් අව විසේනිය ලත් ශනි දින ඉර උදාව 06.07 ඉර බැසීම 05.52 පුෂ නැකත සවස 06.58න් ගෙවී අස්ලිස නැකත ලබයි. ඉල් අව විසේනිය තිථිය සවස 05.19න් ගෙවී අව සැටවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය රාත්‍රි 08.22න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. කෞලව කරණය අලුයම 04.21න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 05.19න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – ඇස

මරු – නැඟෙනහිර

යෝගිනී – නිරිත

සුබ දිසාව – උතුර

 

ඔක්තෝබර් 03 ඉරිදා

වෘශ්චික රවි 17 භාග ඉල් අව සැටවක තිථිය ලත් රවි දින ඉර උදාව 06.08 ඉර බැසීම 05.52 අස්ලිස නැකත රාත්‍රි 09.39න් ගෙවී මා නැකත ලබයි. ඉල් අව සැටවක තිථිය රාත්‍රි 07.31න් ගෙවී අව සතවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය රාත්‍රි 08.58න් ගෙවී වෛධෘති යෝගය ලබයි. ගරජ කරණය උදේ 06.19න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 07.31න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – නාසය

මරු – උතුර

යෝගිනී – බටහිර

සුබදිශාව – දකුණ

 

දෙසැම්බර් 04 සඳුදා

 

වෘශ්චික රවි 18 භාග ඉල් අව සතවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.08 ඉර බැසීම 05.53 මා නැකත දවස පුරාම යෙදී පවතී. ඉල් අව සතවක තිථිය රාත්‍රි 10.02න් ගෙවී අව අටවක තිථිය ලබයි. වෛධෘති යෝගය රාත්‍රි 09.48න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 08.44න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 17.02න් ගෙවී බාලවකරණය උදාවෙයි.

 

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – ගෙල

මරු – වයඹ

යෝගිනී – වයඹ

සුබ දිසාව – නැඟෙනහිර

 

දෙසැම්බර් 05 අඟහරුවාදා

වෘශ්චික රවි 19 භාග ඉල් අව අටවක ලත් කුජ දින ඉර උදාව 06.09, ඉර බැසීම 05.53 මා නැකත රාත්‍රි 12.37න් ගෙවී පුවපල් නැකත ලබයි. ඉල් අව අටවක තිථිය දවස පුරාම යෙදී පවතියි. විශ්කම්භ යෝගය රාත්‍රි 10.42න් ගෙවී පි‍්‍රති යෝගය ලබයි. බාලව කරණය උදේ 11.20න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව – පතුල

අමෘත කලාව – තනය

මරු – බටහිර

යෝගිනී – ඊසාන

සුබ දිසාව – නැඟෙනහිර

 

දෙසැම්බර් 06 බදාදා

වෘශ්චික රවි 20 භාග ඉල් අව නවවක ලත් බුධ දින ඉර උදාව 06.09 ඉර බැසීම 05.53 පුවපල් නැකත අලුයම 03.39න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. ඉල් අව අටවක තිථිය අලුයම 12.38න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය රාත්‍රි 11.29න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. කෞලව කරණය අලුයම 12.38න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.53න් ගෙවී ගරජකරණය උදාවෙයි.

 

විෂ කලාව – මාපටැඟිලි

අමෘත කලාව – ළැම

මරු – නිරිත

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

දෙසැම්බර් 07 බ්‍රහස්පතින්දා

වෘශ්චික රවි 21 භාග ඉල් අව දසවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.09 ඉර බැසීම 05.54 උත්‍රපල් නැකත උදේ 06.29න් ගෙවී හත නැකත ලබයි. ඉල් අව නවවක තිථිය අලුයම 03.05න් ගෙවී අව දසවක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය රාත්‍රි 11.59න් ගෙවී සෞභාග්‍යය යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.05න් ගෙවී වණිජකරණය ලබා එය සවස 04.08න් ගෙවී විෂ්ටි කරණය උදාවෙයි.

විෂ කලාව – මාපටැඟිලි

අමෘත කලාව – පෙකණිය

මරු – දකුණ

යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.