ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ රත්රන් නීතිය

පාලක ග්‍රහයෝ -2
නොවැම්බර් 17, 2023

මුලින්ම අප යොදා ගන්නා ලද්දේ පාලක ග්‍රහයන් පස්දෙනෙකු පමණි, එහෙත් පසු කාලවලදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුගාමිකයන් විසින් තවත් ග්‍රහයන් දෙදෙනකුද පාලක ග්‍රහයන් ලෙස ඇතුළත් කර ඇත. මේ දෙදෙනා පිළිවෙළින් ස් ග්‍රහයා සිටි උපස්ථානය

අධිපති ග්‍රහයා සහ ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයාද වෙති. ඒ අනුව දැන් පාලක ග්‍රහයන් 7 දෙනෙකු යොදා ගනිති.

ක්‍රිස්තු වර්ෂ 2023 පෙබරවාරි මාසයේ 24 වැනි දින පෙරවරු 09.10 ට සකස්කළ තත්කාල සටහන මෙසේ වෙයි. දශා ශේෂය කේතු ග්‍රහයාට අවුරුදු 05 මාස 03 දින 28 කි.

මේ තත්කාල සටහනෙහි ලග්න ස්ඵූඨය සහ සඳුගේ ස්ඵූඨය සහ ඒවා පාලනය කරන

ග්‍රහයන් මෙසේ වෙති. ඒ අනුව මෙම අවස්ථාවෙහි මතුවූ පාලක ග්‍රහයන් 7 දෙනා මෙසේ වෙති.

1. දිනය අධිපති ග්‍රහයා සිකුරු, 2. සඳු ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා කුජ, 3 සඳු ග්‍රහයා සිටි නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා කේතු, 4. සඳු ග්‍රහයා සිටි උපස්ථානය අධිපති ග්‍රහයා රවි, 5. ලග්නය අධිපති ග්‍රහයා ගුරු, 6. ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා බුධ සහ 7. ලග්නයේ උපස්ථානය අධිපති ග්‍රහයා ශනි,

මේ පාලක ග්‍රහයන් අතරෙන් ලග්නයේ නක්‍ෂත්‍රය අධිපති ග්‍රහයා වඩා බලවත්ම

ග්‍රහයාවන බව සඳහන් කර ඇත. එවිට මොවුන් අතරින් බලවත්ම පාලක ග්‍රහයා වන්නේ ලග්නයේ නක්‍ෂත්‍රය අධිපතිවන බුධ ග්‍රහයාය.

මෙම අවස්ථාවේ ඇති දශාශේෂය කේතු ග්‍රහයාට අවුරුදු 05 මාස 03 දින 28 කි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 2028 ජූනි මාසයේ 23 වැනි දින දක්වා කේතු ග්‍රහයාගේ මහදශාව පවතියි, ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 27 වැනි දින සිට 2023 දෙසැම්බර් මාසයේ 26 වැනි දින දක්වා කේතු ග්‍රහයාගේ මහ දශාවේ සඳු ග්‍රහයාගේ භුක්තිය පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2023 දෙසැම්බර් මාසයේ 26 වැනි දින සිට 2024 මැයි මාසයේ 24 වැනි දින

දක්වා කේතු ග්‍රහයාගේ මහ දශාවේ කුජ ග්‍රහයාගේ භුක්තිය පවතියි. අප මෙම අවස්ථාවේදී, එනම් ක්‍රිස්තු වර්ෂ 2023 පෙබරවාරි මාසයේ 24 වැනි දින පෙරවරු 09.10 ට, ආරම්භ කරන ලද කටයුත්තක අවසානය සිදුවන්නේ කවදාදැයි බලමු.

ආරම්භ කරන අවස්ථාවේදී මතුවූ පාලක ග්‍රහයන් නැවතත් ක්‍රියාත්මකවන අවස්ථාවේදී එය සම්පූර්ණ කරයි.

දැන් පවතින දශා කාලය හිමි කේතු බලවත් පාලක ග්‍රහයෙකි. ඒ නිසා කේතු ග්‍රහයාගේ දශා කාලසීමාව තුළ නිවේදක ග්‍රහයන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට බලාපොරොත්තුව ඉටුවෙයි.

එහෙත් දැන් පවතින භුක්තිය හිමි සඳු ග්‍රහයා පාලක ග්‍රහයෙකු නොවේ. ඒ නිසා යහපත් නැත. ඊළඟ භුක්ති කාලසීමව හිමි කුජ ග්‍රහයා පාලක ග්‍රහයෙකු වේ. දැන් කුජ ග්‍රහයාගේ භුක්තිය තුළ බුධ ග්‍රහයාගේ අන්තරය තෝරා ගන්න.

ක්‍රිස්තු වර්ෂ 2024 මාර්තු මාසයේ 10 වැනි දින සිට 2024 අප්‍රේල් මාසයේ 01 වැනි දින දක්වා කේතු ග්‍රහයාගේ මහ දශාවේ කුජ ග්‍රහයාගේ භුක්තිය සහ බුධ ග්‍රහයාගේ අන්තරය පවතියි.

ඒ නිසා මෙම කාල සීමාව තුල රවි සහ යන දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් සමඟ එකඟවන විට බලාපොරොත්තුව ඉටුවෙයි.

මෙම කාල සීමාව තුළ රවි ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න, ක්‍රිස්තු වර්ෂ 2024 මාර්තු මාසයේ 10 වැනි දින සිට මාර්තු මාසයේ 14 වැනි දින දක්වා,

රවි ග්‍රහයා, ශනි හිමි කුම්භ රාශියේද, 2024 මාර්තු මාසයේ 15 වැනි දින සිට 2024 අප්‍රේල්

මාසයේ 01 වැනි දින දක්වා ගුරු හිමි මීන රාශියේද, ගෝචරය වෙයි,

ක්‍රිස්තු වර්ෂ 2024 මාර්තු මාසයේ 18 වැනි දින සිට මාර්තු මාසයේ 31 වැනි දින දක්වා, රවි ග්‍රහයා, ගුරු හිමි මීන රාශියේ ශනි හිමි නක්‍ෂත්‍රයේද ගෝචරය වෙයි, ඊළඟට මෙම කාලසීමාව තුල සඳු ග්‍රහයාගේ ගෝචර ගමන බලන්න.

සඳු ග්‍රහයා 2024 මාර්තු මාසයේ 29 වැනි දින සඳු ග්‍රහයා, කුජ හිමි රාශියක සහ ගුරු හිමි නක්‍ෂත්‍රයක ගෝචරය වෙයි, එදින බලාපොරොත්තුව ඉටුවෙයි. නිවැරැදිව පාලක ග්‍රහයන් තෝරා ගැනීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය මෙසේ අවබෝධකර ගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.