ඡ්‍යොතිෂ යෝගවල බලපෑම්

ඔක්තෝබර් 9, 2020

 ඔබේ ජන්ම පත්‍රයෙත් යෝග ඇති බව මට විශ්වාසයි. එහෙනම් ජන්ම පත්‍රයක් ඇති හැමදෙනාම ඡ්‍යොතිෂ්‍ය විශ්වාස කරන හැම කෙනෙක්ම යෝග ගැන සාමාන්‍ය දැනුමක් තිබිය යුතු බව වැටහෙනව ඇති. යෝග ඇතිව උපදින්නෙ වාසනාවන්තයෝ. ඒක තමයි කිව්වේ මේ පොළෝ තලයේ උපදින හැම කෙනෙක්ම වාසනාවන්තයි කියලා. 

ඡ්‍යොතිෂයේ යෝග ගැන විමර්ශනයක් කරන්න කලින් යෝග කියන්නෙ මොනවද කියල දැනගත්තොත් හොඳයි කියලයි මම හිතන්නේ. යෝග ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න ගියොත් මේ සටහනින් ඉවර කරන්න බැරි වේවි. ඒ තරමටම යෝග තිබෙනවා. තවත් විශේෂයෙන් කිව්වොත් පොතක් ලියලවත් විග්‍රහ කරන්න බැරි වේවි. 

මොකද යෝග ගැන කියන කොට යෝග භංග වන හැටිත් කියන්න එපායැ. මේ යෝග වලට බාලාරිෂ්ඨ යෝග ඇතුළත් වන්නෙ නැහැ. ඒ ගැන කලින් දවසක ලිව්වා මතකයි. යෝග කිව්වාම ඕනෑම කෙනෙකුට පහසුවට මතකයට එන යෝග වර්ග දෙකක් තිබෙනවා. එනම් රාජයෝග සහ පංච මහා පුරුෂ යෝග. අපේ ආචාර්ය පියසේන රතුවිතාන සූරීන් යෝග 550 ක් ගැන පොතක්ම ලිව්වා. මට මතක හැටියට එතුමා ඒ පොත ලිව්වේ, ඒ කිව්වේ ප්‍රථම මුද්‍රණය කළේ 1994 වර්ෂයේ. ඒ පොතෙනුත් කලින් සඳහන් කළා වගේ යෝග 550 ඇතුළත් කළේ බාලාරිෂ්ඨ යෝග රහිතව, මාහිතේ. ඒ විදියට බලන කොට හිතාගන්න පුළුවන් යෝග නැති කෙනෙක් හෝ යෝග නැති කේන්දරයක් නැති තරම් බව. ඔබේ ජන්ම පත්‍රයෙත් යෝග ඇති බව මට විශ්වාසයි. එහෙනම් ජන්ම පත්‍රයක් ඇති හැමදෙනාම ඡ්‍යොතිෂ්‍ය විශ්වාස කරන හැම කෙනෙක්ම යෝග ගැන සාමාන්‍ය දැනුමක් තිබිය යුතු බව වැටහෙනව ඇති. යෝග ඇතිව උපදින්නෙ වාසනාවන්තයෝ. ඒක තමයි කිව්වේ මේ පොළෝ තලයේ උපදින හැම කෙනෙක්ම වාසනාවන්තයි කියලා. නමුත් ඒක ඉතා අමාරුකාරියක් බවත් දන්නවනේ. අපි අහල තිබෙනවා මනුෂ්‍යත්වයක් ලබන එක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා එකටත් වඩා අමාරුයි කියා තිබෙනවා. ඒ තරම්ම අමාරුයි. මේ ටිකවත් වටහා ගන්න බැරුව කොපමණ ජීවිත අකාලයේ නැතිකර ගන්නවද? ඒ අය කොපමණක් ඉන්නවද? 

යෝග කියන්නෙ එක් වනවා, කිට්ටු වනවා කියන එක බොහෝ දෙනා හිතනවා. ජන්ම පත්‍රයක යෝග තිබුණ පලියටම ඔහු හෝ ඇය වාසනාවන්තයි කියලා එහෙම වන්නේ නැහැ. බොහෝ දුරට යෝගය හොඳ පැත්තට ගෝචර වුණොත් යහපත වගේම නරකට හිටියොත් අයහපතම තමයි ලැබෙන්නේ. ජීවිතය හරියට කන්දක් වගේ. එක පැත්තක කන්ද වුණාට අනිත් පැත්තට පල්ලම. හැමදාම කන්දත් නැහැ පල්ලමත් නැහැ. ඒක තමයි කිව්වේ “දුක – සැප, නිති පෙරළේ. රියසක ලෙස ලෝකේ” කියලා. යෝග ගැන කියන කොට විස්තර කරන කොට ඔබේ ජන්ම පත්‍රය ගැන ඔබ පරික්ෂා කරන බව මට විශ්වාසයි. කේන්දරයක එක රාශියක එක ග්‍රහයෙක් පිහිටියොත් ඒ ජන්ම පත්‍රය ඒක ග්‍රහ කේන්දරයක්. ග්‍රහයගේ ස්වභාවයයි ගෝචර ස්ථානයි සසැඳුවා නම් බොහෝ ප්‍රතිඵල දැනගන්න හැකි වේවි. එක රාශියක ග්‍රහයෝ දෙදෙනෙක් ඉන්නවා නම් ඒක ද්විග්‍රහ යෝග කේන්දරයක් වන අතර ත්‍රිග්‍රහ යෝග වන්නේ ග්‍රහයෝ තිදෙනෙක් එකතු වුවහොත් තමයි. ග්‍රහයෝ හතර දෙනෙක් වුවහොත් චතුර්ග්‍රහ යෝග ජන්ම පත්‍රයක් වන අතර පස්දෙනෙක් නම් පංච ග්‍රහ යෝග කියනවා. ග්‍රහයෝ සය දෙනෙක් ඒකරාශි වුණොත් ඒ කේන්දරය ෂඩ්ග්‍රහයෝග කේන්දරයක් වනවා. මේ විදියටම ග්‍රහයෝ පිහිටන්නෙ ඉතාම කලාතුරකින්. වැඩිපුරම  බොහෝ ජන්ම පත්‍රවල බලපෑම් වන්නෙ ද්වි චතුර් යෝග තමයි. අනිත් වර්ගවල නැතුවාම නොවේ. 

මේ ආකාරයට යෝග පිහිටියට ලග්නයෙන් විතරක් මේ ග්‍රහ පිහිටීම් නිවැරදිව සූක්ෂ්මව බලාගන්න බැහැ. බොහෝ ඡ්‍යොතිර්වේදින් පහසුවට ලග්නය පරිගණකයට ඇතුළත් කරල ගුණාගුණ කියනවා. එහෙම වුණාම නිවැරදි පලාඵල කියන්න අමාරුයි. අපි හිතමු. එක රාශියක පරාසය අංශක 30 බව දන්නව නේ. යෝග පිහිටීමේදී එක ග්‍රහයෙකුට අනිත් ග්‍රහයා අඩුම තරමින් අංශක 15 කට වඩා දුරින් පිහිටියෙද ඒ යෝගයේ බලය අක්‍රිය වනවා. එතකොට ඒ යෝගයෙන් වැඩක් නැහැ. හොඳටත් එහෙමයි. නරකටත් එහෙමයි. ඕනෑම ශාස්ත්‍රයක බොහෝ දේ වැරදියට ඉගෙන ගන්නවට වඩා ටිකක් වුණත් කාරි නැහැ. නිවැරදිව ඉගෙන ගත්තොත් ඒක වටිනවා. යෝග ගැන කියන කොට රාජ යෝග, පංච මහා පුරුෂ යෝග ඔබ දන්න බව මට වැටහෙනවා. නමුත් නිවැරදි වැටහීමක් තිබේද යන්න මට වැටහෙන්නෙ නැහැ. 

නියම රාජයෝග ඉතාමත් කලාතුරකින් රටේ එක් අයෙකුට හෝ ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් යෙදෙන්නෙ බව ප්‍රායෝගිකව වුණත් හිතා ගන්න පුළුවන් නේ. මොකද එකම රටක රජවරු දෙදෙනෙක් ඉන්න විදියක් නැහැ නේ. එහෙම හිටියොත් රට වැසියගේ කරුමය උඩ තමයි. මොකද රටේ හැමදාම යුද්ධ පවතීවි. රජකම ලබා ගන්න. ඕක තමයි ඇත්ත තත්ත්වය. මේ හැම එකක්ම විශ්ව ශක්තිය පාලනය කරනවා. රාජ යෝග ලැබුණත් රැක ගන්න අමාරුයි. මොකද මේ ග්‍රහ සංයෝග වෙනස් වනවා. ඒ වෙනස් වෙනකොට පුද්ගලයත් වෙනස් වනවා. 

ඕනෑම ජන්ම පත්‍රයක නියම රාජයෝගයක් පිහිටල තිබෙනව නම් අඟහරුවත්, රාහු කේතත් හැර අන් සෙසු ග්‍රහයෝ ඒ ඒ ග්‍රහයන්ට අයත් රාශිවල ගෝචරය වී ඇත්නම් අන්න එතැන රාජයෝගය පිහිටනවා බොහෝ දුරට. මේ පිහිටීම් ඉතාම අමාරුයි. මේ ග්‍රහ පිහිටීම්වල බලය අවම තත්ත්වයන් වලට පැමිණීම නිසා ඔවුනොවුන්ගේ බලපරාක්‍රමයද ඒ අයුරින්ම අඩු වනවා. මේ සුබ ග්‍රහ පිහිටීම් වගේ ඒ ඒ රාශිවල පාපි ග්‍රහ සංයෝග එහෙම පිහිටියොත් ඒ පාපිත්වයත් නොඅඩුව දෙනවාමයි. 

අර්ධ රාජයෝගයක් පිහිටි නිසා වීර පුරන්අප්පු දවසකටවත් රජ වුණා. 11 වැන්නේ පාපි අඟහරුවා පිහිටි නිසා අඟහරුවගේ කාල වකවානුවක දී ආයුධයකින් ප්‍රාණය නැති වනවා. මියගිය අගමැති බණ්ඩාරනායක මහතාගේත් ඒ වගේමයි. රවි /බුධ යෝගය පිහිටි නිසා අගමැති වුණා. 11 වැනි එතැන පාපියා වුණේ රාහු. අකල් මරණය සිද්ධ වුණා ආයුධයකින්. කේන්දරයක 11 වැන්න ඉතා වටිනවා. අකාලයේ මරණය ඇති කරන්නෙත්,අකාලයට වස්තුව සපයන්නෙත් මේ 11 රාශිය එනම් අයස්ථානය අධිපතියා. මේ දෙදෙනාගේම අයස්ථානාධිපති හතුරුව ගෝචරය වුණා .බලමු මහ රැජනගේ ජන්ම පත්‍රය 11 වැනි රාශිය අධිපති අඟහරුවා ලග්නෙ උච්ච වුණා. මොකද මකරයට අඟහරු උච්චයි. පිහිටීම ලග්නෙ. අනික අෂ්ටමය අයිතිකරු රවි. ඉතින් ආයුෂ ජීවිතය ගැන කියන අෂ්ටමයේ අධිපති රාශිය සිංහ . 6,8,12 දුෂ්ටස්ථාන වුණාට ග්‍රහ පිහිටීම ස්වභාවය උඩ සුබ අසුබ දෙනවා. මේ සටහනෙන් එකක් මතක තබා ගන්නකෝ. ඕනෑම කේන්දරයක අයස්ථානාධිපති පාපිත්වය දෙන්න ගියොත් අකල් මරණයකින් ජීවිතය අවසන් කරනවා. යෝගයක් පිහිටියොත් එය ඉක්මන් කරනවා. මේ පාපිත්වය දීප්තිමත් සඳු හෝ ගුරු හතේ දෘෂ්ඨියට නැත්නම් සප්තම දෘෂ්ඨියට හසු වුවහොත් දෝෂ භංග වෙනවා. රාජයෝග පිහිටලා ඒක කර්මයට ඉඩදීලා හිටියොත් ග්‍රහයෝග බලපෑමෙන් වැඩක් නහැ. උත්සාහය තිබෙන්නෙ ඕනෑ. අඩුම තරමින් අත පය වත් හොල්ලන්න ඕනෑ.අප්පුවා රජ වුණ හැටි මතකනේ. ඒ කතන්දරය අහගන්න.එතකොට වාසනාව,උත්සාහය, ග්‍රහයෝග ගැන වැටහේවි. 

පංච මහා පුරුෂ යෝග ගැන වෙන දිනයක ලියන්නම්. ඡ්‍යොතිෂය ඉගෙන ගන්න ඔබ දැනගන්න ඕනෑ විශේෂ දෙයක් තමයි ග්‍රහ පිහිටීම හා ග්‍රහ ස්වරූප. එකක් දෙකක් කියන්නම්. රවි ග්‍රහ වළල්ලේ ප්‍රධානියා බව දන්නව නේ. රවි සමඟ සංයෝග වන ඕනෑම ග්‍රහයෙක්  රවි ගේ ස්වරූපය ගන්නවා.’ රවිර් පාපිර් ගතෝ පාපඞ රවිර් සුභෝර් ගතෝ සුභඞ” කිව්වේ ඒකම තමා සිංහ ලග්න හිමියන්ගේ ලග්නස්ථානයේ රවි බුධ සංයෝග වුවහොත් බුධ එතැනදි පාපියා වුණාට ඒ පාපිත්වය මුදා හැරල රවි සමඟ බලය හා බුද්ධිය. දෙකම ඇති කරනවා. යම් හෙයකින් පුර තිථියට ඉපදිලා චන්ද්‍රයා 7 වැන්නෙ ගෝචරය වුණොත් එවැනිම විවාහයකට පාර කපනවා. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.