තාරා ග්‍රහයන් ගෙන දෙන ග්‍රහ යෝග

සැප්තැම්බර් 18, 2020

තාරා ග්‍රහයන් යනු සූර්යයාගේ ආලෝකය වැටීම හේතුකොටගෙන රාත්‍රී අහසේ බැබළෙන ග්‍රහ ලෝකයන්ය. අප ජීවත් වන මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තාරා ග්‍රහයන් පස් දෙනෙක් සිටිති. 

රවි, සඳු යන ග්‍රහයන් පෘථීවියට දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ ආලෝකය ලබා දෙන ග්‍රහයන් වෙති. පෘථිවියේ උප ග්‍රහයෙක් වන සඳු සූර්යයාගෙන් ආලෝකය ලබා ගෙන රාත්‍රී කාලයේ පෘථීවියට ආලෝකය ලබා දෙයි. 

එහෙයින් මෙකී රවි, සඳු යන ග්‍රහයන් තාරා ග්‍රහයන්ට අයත් නොවෙති. තාරා ග්‍රහයන් යනු සූර්යයාගේ ආලෝකය වැටීම හේතුකොටගෙන රාත්‍රී අහසේ බැබළෙන ග්‍රහ ලෝකයන්ය. අප ජීවත් වන මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තාරා ග්‍රහයන් පස් දෙනෙක් සිටිති. එකී තාරා ග්‍රහයන් නම් කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් ය. ඒ අනුව කේන්දර සටහනක මෙකී තාරා ග්‍රහයන්, කේන්ද්‍ර ස්ථානවල උච්ච, මූල, ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යෙදුනු විට පංච මහා පුරුෂ නම් බලගතු රාජයෝග විශේෂයක් යෙදෙන බව ඡ්‍යොතිෂ පිළිබඳව සුළු දැනුමක් ඇති අය පවා හොඳින් දන්නා කාරණයකි. මෙකී තාරා ග්‍රහයන් පස්දෙනා කේන්ද්‍රස්ථාන හැර අන් භාවයක, උච්ච මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යෙදුනු විට ග්‍රහයෝග කිහිපයක් පැන නඟියි. ඒවා  පිළිවෙළින් මෙසේය. 

මහිපාල යෝගය 

මහිපාල යෝගය යෙදෙන්නේ කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ ස්වක්ෂේත්‍රව පතිතව සිටීමෙනි. මෙකී මහිපාල යෝගය යෙදෙන වෘශ්චික රාශිය ස්ථිර රැයක් නිසා මෙකී යෝගධාරියා දැඩි උත්සාහවන්තයෙකි. එහෙයින් ඔහු තම කාර්යය කෙසේ හෝ සාර්ථක කර ගනියි. භූමි ලාභ ලැබීමේ මෙන්ම භූමිය ආශි‍්‍රත කටයුතුවලින් අතමිට සරු කර ගැනීමේ භාග්‍යයක් ඇත. මෙකී යෝගය කේන්දරයක 2,3,5,6,11 යන භාවයක යෙදීමෙන් උසස් ශුභ ඵලයක් භුක්ති විඳිය හැකිය. 

ගජකේසර යෝගය 

කුජ ග්‍රහයා මේෂ රාශිගත වීමෙන් මෙකී යෝගය පැන නඟියි. මේෂ චර රැසක් නිසා මෙකී යෝගධාරියා ක්‍රියාශීලිය. නිර්භීත ප්‍රතාපවත් කෙනෙකි.මෙකී යෝගයට සම්බන්ධ කුජට, ඥානකාරක ග්‍රහයන් වන බුධගේ හෝ ගුරුගේ ශුභ දෘෂ්ටියක් ඇත්නම් මෙකී යෝගධාරියා ඉංජිනේරු, යන්ත්‍ර සූත්‍ර, රථවාහන යනාදී කටයුතුවලින් දියුණුවක් ලබයි. සැණකින් කිපුණද සානුකම්පිත පුද්ගලයෙකි. ගජකේසර යෝගය කේන්දරයක 2,3,5,6,9,11 යන භාවයක යෙදුනුවිට උසස් ශුභ ඵලයක් භුක්ති විඳිය හැකියි. 

සාරදීප යෝගය 

කුජ ග්‍රහයා මකර රැසෙහි තැන්පත්ව උච්ච බලය ලැබීමෙන් සතරදීප යෝගය යෙදෙයි. මෙකී යෝගධාරියා බෙහෙවින්ම භාග්‍යවන්තය. උච්ච කුජට ශනි, හෝ රවි ග්‍රහයෙක් බලවත් දෘෂ්ටියක් ඇත්නම් දැඩි සිත් ඇති තරමක් දුෂ්ට ගති ශුභ ඇති අයෙක් වන්නේය. ආ ගිය තැන කැපී පෙනෙන කෙනෙකි. බාධක අවහිර මැඬ ගෙන ඉදිරියට යන කෙනෙකි.අවසානය දක්වාම සටන් කරයි.මෙකී උච්ච කුජට ඥානකාර බුධ හෝ ගුරු ගේ ශුභ    දෘෂ්ටියක් ඇත්නම් මෙකී යෝගධාරියා ඉංජිනේරු කාර්මික අංශයන්ගෙන් දියුණුවක් ලබයි. සතරදීප යෝගයෙන් උසස් ශුභ බලයක් භුක්ති විඳිය හැක්කෙ මෙකී යෝගය කේන්දර සටහනක 2,3,5,6,9,11 යන ස්ථානය යෙදුණහොත් පමණි. 

හත්පෙති යෝගය 

බුධ ග්‍රහයා මිථුන රැසෙහි යෙදීමෙන් මෙකී හත්පෙති යෝගය පැන නඟියි. බුධ ඥානකාරක ග්‍රහයෙක් නිසා මෙකී යෝගධාරියා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමෙහි සමතෙකි. මෙකී බලවත් බුධට ගුරුගේ ශුභ දෘෂ්ටියක් ඇත්නම් හෙතෙම ලේඛන කලාව සාහිත්‍යයට දක්ෂයි. ගණිතයට දක්ෂය. බලවත් බුධට කේතුගෙ ශුභ දෘෂ්ටියක් ඇත්නම් ඔහු ඡ්‍යොතිෂ්‍ය විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට දක්ෂ අයෙක් වයසට වඩා නොමේරු පෙනුමක් ඇති මෙකී යෝගධාරිය ප්‍රයෝගයෙහිද දක්ෂය. මෙම යෝගයෙන් උසස් ශුභ ඵල ලබන්නේ බුධ ග්‍රහයා 2,3,5,8,9,11 යන භාවයක යෙදුනු විටදීය. 

විදුරවි යෝගය 

බුධ ග්‍රහයා කන්‍යා රාශියෙහි මුල් අංශක 15 ඇතුළත උච්චව සිටීමෙන් විදුරවි යෝගය යෙදෙයි. විදුරවි යෝගය කේන්දරයක යෙදීමෙන් එකී කේන්දර හිමියාට ද දැනුම, බුද්ධිය, ඥාන ශක්තිය, ධාරණ ශක්තිය ඇති කරයි, හෙවත් පණ්ඩිත නුවණක් හිමිවේ. ඒ හේතුකොටගෙන මෙකී යෝගධාරියා විවිධ භාෂාවන් විවිධ විෂයයන් පිළිබඳ උසස් දැනුමක් ලබා උගත්කමෙහි අග්‍ර ස්ථානයකට ළඟා වේ. මෙලෙස මෙකී යෝගයෙන් උසස් ප්‍රතිඵල ලැබීමට නම් උච්ච බුධ තවදුරටත් බලවත් ගුරු, කේතු යන ඥානකාරක ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට ලක්විය යුතුය. ඒ අනුව විදුරවි යෝගය කේන්දරයක 2,5,8,9,11 යන භාවවල යෙදීමෙන් කේන්දර හිමියාට උසස් ශුභඵලයක් භුක්ති විඳිය හැකිවේ. 

භූමිපාල යෝගය 

ගුරු ග්‍රහයා මීන රාශිගතව සිටීමෙන් භූමිපාල යෝගය පැන නඟායි. මෙම යෝගයේ පල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පතපොතෙහි දක්වා ඇත්තේ මෙකී යෝගධාරියා කරුණාවන්ත අන්‍යයන්ගේ ගරු බුහුමන් ලබන අන්‍යයන්ට උපදෙස් දීමට හැකි ගුණ නුවණින් හෙබි කෙනෙකු බවයි. මෙකී යෝගයෙන් උසස් ශුභ පල ලැබෙන්නේ මෙකී යෝගය කේන්දරයක 2,5,9,11 යන භාවයක යෙදී බලවත් සඳු ග්‍රහයාගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීමෙනි. 

රණහංස යෝගය 

ගුරු ග්‍රහයා ධනු රාශියේ ගතවීමෙන් රණහංස යෝගය යෙදේ. මෙකී යෝගධාරියා ක්‍රමානුකූලව කටයුතු කිරීමට දක්ෂයෙකි. ලාභ ප්‍රයෝජනවලට වඩා ගුණ යහපත්කමට මුල් තැනදී කටයුතු කරන නිසා ආර්ථික දියුණුව අඩුය. එනමුත් දරු සම්පත්, ධන සම්පත්, ආයු ප්‍රමාණවත් ලෙස ලැබෙයි. විවාහයෙන් හෝ වයෝවෘද්ධ ඥාතියෙකු ගේ දේපළ හිමිවීමේ භාග්‍යයක් ඇත. මෙකී යෝගයෙන් උසස් ශුභ ඵල ලැබෙන්නේ මෙම යෝගය කේන්දරයක 2,5,9,11 යන භාවයක යෙදී බලවත් සඳුගේ පූර්ණ දෘෂ්ටියට ලක්ව ඇත්නම් පමණි. 

ජය සිඳු යෝගය 

ගුරු ග්‍රහයා කටක රාශි ගතවීමෙන් ජයසිඳු යෝගය යෙදෙයි. කටක රාශි ගත ගුරු ග්‍රහයා උච්ච නම් (මුල අංකය ඇතුළත) මෙකී යෝගධාරියා ගුණ යහපත්, සාධාරණ කාරුණික හැගීම්වලින් යුත් සිත් ගන්නා ගති ඉරියව්වලින් හා ප්‍රසන්න රූප ශෝභාවෙන් යුත් කෙනෙක් වේ. සතුරු කරදර අඩුය. කිසිවෙකුට සතුරුකම් නොකරයි. ශිල්ප ශාස්ත්‍ර, ධන ලාභ, පුත්‍ර ලාභ ද හිමිය.මෙලෙස මෙකී යෝගයෙන් පූර්ණ ශුභ ඵලයක් භුකති විඳිය හැකිවෙන්නෙ. මෙකී යෝගයට සම්බන්ධ ගුරු ග්‍රහයා 2,5,9,11 යන භාවයක පතිතව බලවත් සඳුගේ පූර්ණ දෘෂ්ටියට භාජනය වී ඇත්නම් පමණි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.