විවාහයට බාධා කර විවාහ නසන විසි දෙවැනි දෙර්කාණාධිපති ග්‍රහයා

පෙබරවාරි 21, 2020

පෙරුම් පුරා වසර ගණනාවක් පෙම්දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය විවාහයයි.

අපට අවශ්‍ය ලෙස කළයුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබන විවාහය මිනිස් ජීවිතයේ අතිශයින් වැදගත් සාධකයකි. එබැවින් සාර්ථක විවාහයක් සඳහා ස්ත්‍රියක හා පුරුෂයෙකු ගැළපීමේ දී ඔවුන්ගේ කේන්ද්‍ර තුළ ඇති ග්‍රහ ගැළපීම් නොගැළපීම් දෙස දැඩි අවධානය යොමුකිරීම උගත් වැදගත් ඡ්‍යොතිෂවේදීයාගේ මහඟු යුතුකමකි. පොරොන්දමට පමණක් සීමා වී ග්‍රහ ගැළපීම් නොබැලීම තුළ අද වන විට ලංකාවේ දික්කසාද පෝලිම දිනෙන් දින දිගුවෙමින් පවතී.

විවාහය වනාහි ආත්මීය බැඳීමකි. සංසාරගත බැඳීමක සොඳුරු ඵලය විවාහයයි. විවාහය ආත්මහතක බැඳීමක් බව හින්දුන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමීදම් පුරමින් එකට එන සිදුහත් යසෝදරා විවාහය සසර දුකින් අත්මිදෙන අවසන් බවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොඳුරු බැඳීමකි. එය ගෞරවයෙන් සිහිකළ යුතු ය.

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිතවීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපත ද රැඳී ඇත්තේ විවාහය තුළයි. කෙනෙකුට විවාහය කරුමයකි. තවත් කෙනෙකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයෙකු පිටුපස යහපත් ස්ත්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැනියක් පසුපස යහපත් පුරුෂයෙකු ද සිටිය යුතු ය.

කෙනෙකුගේ විවාහය නිසි කලට නිසි ලෙසට නිසි වයසටම සිදුවනවා. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියලු දේ ලැබෙනවා. ඔවුන් සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තව කෙනෙකුගේ විවාහයේ මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දේත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැබී නැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වෙලා නේද?

යහපත් මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුම සහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත් කරන්නට ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩනැඟීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල් වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවය. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය තුළටද අපට මේ ඡ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහාගත හැකියි. අප විසින් පෙර බවයේ සිදුකරන ලද කිසියම් අකුසල කර්මයක ඵල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල්වීමට, බිඳ වැටීමට, හෝ ප්‍රමාදයකට මුහුණ දීමට, උරුම නම් එකී කාරණා කල්වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිළියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්මපත්‍රයයි.

එය පළපුරුදු උගත් පින්වත් මුදල් මතම නොයැපෙන ඡ්‍යොතිෂවේදියෙකුගෙන් විග්‍රහ කර ගැනීම තුළ විවාහයක ආත්මගතවූත් සංසාරගතවූත් බැඳීම එකිනෙකාට ඇති හුරුපුරුදු බව මනා ලෙස හඳුනාගත හැකියි. කර්ම චක්‍රය උපතේදීම සටහන්ව ඇති ජන්මපත්‍ර පරීක්ෂාව මඟින්ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙදෙනා අතර සංසාරික හුරු පුරුදු බවක් පැවතීම විවාහක යුවළගේ හෝ විවාහවීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්මපත්‍රවල ඇති ගැළපීම් නොගැළපීම් මඟින් දෙදෙනාගේ ආත්මීය හුරු පුරුදු බවද අනාවරණය කරගත හැකි ය.

එසේ නම් විවාහ ප්‍රමාද වීම්, විවාහ ගැටලු, දික්කසාද වැනි විවාහ බිඳ වැටීම් වන්නේ ඇයි?

ඒකට මෙන්න මේ වගේ විවාහ දෝෂ රාශියක් බලපානවා.

හත අධිපති හෝ සිකුරු 22 වන දෙර්කාණාධිපති වීම.

භෞම දෝෂය - ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1 2 4 7 8 12 යන ස්ථානවල කුජ ග්‍රහයා සිටීම, බේමදෘම දෝෂය, විෂ කන්‍යා යෝගය, කඩහන්දි යෝගය, වෛධව්‍ය දෝෂය, ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මාර යෝග, පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මාර යෝග, නාශාංශක දෝෂය, අති ධාවන කාම යෝග, බහු විවාහ දෝෂ, සිකුරු 7 අධිපති පාපකර්තරී විම, සිකුරු 7 අධිපති 64 වන නවාංශකාධිපති වීම, වඳ දෝෂ, 07 - 08 පරිවර්තන යෝගය, 07 අධිපති 8 වැන්නේ සිටීම, විවාහ කාරක සිකුරු 7 අධිපති 6 8 12 රාශිගතවීම, ශනි මංගල යෝගය (සෙනසුරු හා කුජ එකට යෝගවීම හෝ සප්තම දුෂ්ටියෙන් සිටීම), චන්ද්‍ර මංගල යෝගය( සඳු හා කුජ එකට යෝග වීම හෝ සප්තම දුෂ්ටියෙන් සිටීම), වඳ දෝෂ.

ඒ අතරින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා හත්වැන්න හා විවාහ කාරක සිකුරු හා සම්බන්ධ වූ විට විවාහයට වන බලපෑම සම්බන්ධවයි. ඡ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව දෙර්කාණ 36 අතුරින් 22 වන දෙර්කාණය විශේෂයෙන්ම ඉතා අයහපත් ලෙස සැලකේ. ජන්මපත්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහ යනු ඉතාමත් අශුභවාදී ග්‍රහයා ලෙස සැලකේ. ඒ අනුව යම් ජන්ම පත්‍රයක කිසියම් ස්ථාන අධිපති ග්‍රහයෙකු එම කේන්ද්‍රයේ ඉහත 22 වන දෙර්කාණාධිපති හා සම්බන්ධ වූ විට එම ස්ථාන ඵලවලට දැඩි බාධාකාරී බලපෑම් එල්ල වෙයි. විවාහ ස්ථාන වන 7 වැන්න හා සම්බන්ධ වූ විට එම විවාහ ඵලවලට එල්ල වන බලපෑම් පහත කේන්දර අනුසාරයෙන් සාකච්ඡා කරමු.

මෙම 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා විවාහ ස්ථානය වන හත්වැන්නේ තැන්පත්වීම 7 අධිපති වීම 7 වැන්නට දෘෂ්ටි හෙළීම හෝ 7 වැන්නා සමඟ යෝගවීම හා කුමන ආකාරයෙන් හෝ විවාහ ස්ථාන හා සම්බන්ධවීම මේ සඳහා මූලික වෙයි.

මෙසේ තමන්ගේ කේන්ද්‍රය තුළ 22 දෙර්කාණාධිපති ග්‍රහයා විවාහයට අසුබ ආකාරයට පිහිටා විවාහය දෙදරාගිය අවස්ථා මෙන්ම විවාහ දිවියට ඇතුළුවීමට වාසනාව නොලද අවස්ථාද අප වෙත පැමිණෙන සේවාදායකයන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී බොහෝ ප්‍රමාණයක් හමුවී ඇත. පහත දැක්වෙන්නේ එයින් එක් සත්‍ය සිදුවීමක් ආශ්‍රය කොට ගනිමින් ගොඩනැඟූ උදාහරණයකි.

පුරුෂ කේන්ද්‍රය ස්ත්‍රී කේන්ද්‍රය 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.