පෝෂණ ගුණයෙන් පිරිපුන් ඔසුව කූරතම්පලා

මාර්තු 24, 2023

 

අප ජීවත් වන මේ සුන්දර පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් ශාකයෝ වෙති. මේ අතර ඖෂධීය සහ ආහාරමය වශයෙන් වැදගත් ශාකද විශාල ප්‍රමාණයක් දක්නට ඇත. මීට අමතරව ආර්ථික වශයෙන් මෙන්ම තවත් විවිධ වූ ප්‍ර‍යෝජන ගෙන දෙන ශාක රාශියක් දක්නට ඇත.

 

මේවා අතුරින් ඖෂධීය හා ආහාරමය වශයෙන් අතිශයින් වැදගත් ඖෂධාහාරයක් ලෙස කූරතම්පලා හැඳින්විය හැකිය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේද අගනා ඔසුවක් ලෙස එදිනෙදා ආහාරයේදී එක්කර ගත හැකි අගනා පලා වර්ගයක් ලෙසත් කූර තම්පලා හැඳින්විය හැකිය.

මෙහි පොදු සිංහල නාමය වනුයේ තම්පලාය. ව්‍යවහාරයේදී කූර තම්පලා යන නමද භාවිතා කරයි. කූර යන්නෙහි තේරුම පලා (ශාක) යනුයි. දෙමල බසින් කීර යනු ප්‍රභවයෙන් කූර වන්නට ඇතැයි සැලකිය හැකිය. සංස්කෘත බසින් තණ්ඩුලීයක යැයි කියනු ලබයි. තාමුපලා තඹපාට ඇති (රතට හුරු) පලා තම්පලා යන්න තඹ පලා වී පසුව තම්පලා වී ඇත. කූර තම්පලා යනුවෙන් යෙදී ඇත්තේ මේ අනුවය. මෙහිදී කූර යනු වැඩි වචනයක් වුවද ව්‍යවහාරය අනුව එය හුරුවී ඇත. මෙහිදි මෙම කූර තම්පලා ප්‍රභේද 3කි. එනම් රතු කූර තම්පලා, සුළු කූර තම්පලා, කටුකූර තම්පලා වශයෙන් දක්වයි.

කූර තම්පලා වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාව සහ මලබාරයේ අධික ශීත නොවූ සියලුම ප්‍රදේශවල වැවෙන අතර දකුණු ඉන්දියාවේ අධිකව වැවේ.

දේශීය වශයෙන්

ශී‍්‍ර ලංකාවේද අධික ශීත නොවූ සියලුම ප්‍රදේශවල වැවේ.

කූර තම්පලාව සඳහා විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම

කූර තම්පලා, සහ සුළුදොර වන අතර

සංස්කෘත බසින් තණ්ඩුලීය, තණ්ඩුලීයක, මේඝනාද, විෂඝ්න අල්පමාරිෂ, තන්ඩුල බීජ ආදී නාමයන් යෙදේ. හින්දිබසින් චෞලාඉතා ශාක යයිද වංග බසින් චංපා, නටේ, ක්ෂුදේනටේ, ලාල්නටේ යනුවෙන්ද යෙදෙන අතර දෙමළ බසින් තාදුක්කිරාර් නාමයද යෙදේ. ඉංගී‍්‍රසි බසින් ර්‍ථපඪඥඬතර ඒථචපචදබඩ යනුවෙන් යෙදේ. කූර තම්පලා වල උද්භිද විද්‍යාත්මක නාමය ඒථචපචදබඩභඵබපඪඵබඪඵ වන අතර කුලය ඒර්ඒඅඒව්ඊඒඛ්ඡ්ඒඡ් හෙවත් ආපාමාර්ග කුලය වේ. මෙහිදී කූර තම්පලා ප්‍රභේද 3ක් පොන්නුම් කරයි.

1. රතු කූර තමිපලා

2. සුළු කූර තම්පලා

3. කටුකූර තම්පලා වශයෙනි.

මෙයින් රතු කූර තම්පලා

සංස්කෘත බසින් රක්තමාරිෂ, රක්ත මාර්ෂ සහ අක්ත වාෂ්පක යනුවෙන්ද යෙදේ. හින්දි බසින් ලාල් මර්ෂා සහ ලාල් සාග යනුවෙන් ද හඳුන්වයි.

වංග බසින් ඩෙංගුආ යනුවෙන් හඳුන්වයි.

රතු කූර තම්පලාවල උද්භිද විද්‍යාත්මක නාම ඒථචපචදබඩභඵඨචදඨඥබඪජභඵතඪදද වේ.

සුදු කූර තම්පලා

සංස්කෘත බසින් ශ්වේත මාරිෂ, ශ්වේත මාර්ෂ, සහ ශ්වේත වාෂ්ප යනුවෙන් ද හින්දි බසින් සඵෙද් මර්ෂා යනුවෙන් ද වංග බසින් සදානටේ සහ නොටේශාක් යනුවෙන් හඳුන්වයි. සුදු කූර තමිපලාවල උද්භිද විද්‍යාත්මක නාමය ඒථචපචදබඩභඵඵනඪදධඵභඵ ඹ්ඪද වෙයි.

කටුකූර තම්පලා

සංස්කෘතබසින් මාරිෂ සහ භණ්ඩී යයිද හින්දි බසින් කාටොචෞලාර්, භණ්ඩී සහ භණ්ඩීර වංග බසින් කංටානටේ යනුවෙන්ද හඳුන්වනු ලබයි.

මෙම කූර තම්පලා වර්ග 3න් ඖෂධ සඳහා රතු කූර තම්පලා හෝ සුදු කූර තම්පලා ගැනීම යෝග්‍ය වන අතර එසේ නොමැති අවස්ථාවල කටු කූර තම්පලා ගැනීම ඉතා සුදුසුය. මෙම තෙවර්ගයේම ගුණයන් සම්බන්ධව බලවත් වෙනසක් දක්නට නොමැත.

කූරතම්පලාවල ඖෂධීය අංග සම්පූර්ණ පැළෑටියම ගනු ලබයි. කූර තම්පලා වල රසායනික උපාදාන ප්‍රමාණවත් පෝෂක තත්ත්වයන් සහිත මෙම පැළෑටියේ ප්‍රෝටීන් 3% ක්ද ස්නේහ පදාර්ථ 0.3ක්ද කාබෝහයිඩ්රේට් 8%ක්ද, ඛනිජ 3.6%ක්ද චූර්ණ ධාතු 0.8%ක්ද ලෝභ මිලිග්‍රෑම් 23 ක්ද ග්‍රෑම් 100කබර ප්‍රමාණයක අඩංගු වේ.

කූර තම්පලාවල ඖෂධීය ගුණකර්ම

රසයෙන් මධුර වන අතර

ගුණයෙන් ලඝු සහ රූක්ෂ වේ

වීර්යයෙන් ශීත වන අතර

විපාකයෙන් මධුර වේ

 

දෝෂ අනුව සැලකීමේදී

මෙය ලඝු හා රූක්ෂ යන ගුණවලින් යුතු නිසා සෙම වාත දෙකද මධුර රස සහ ශීත වීර්යය නිසා පිතද සමනය කරයි. මෙනිසා පිත් සෙම් රෝගවලදී යොදනු ලබයි.

ශාරීරික ව්‍යුහා ගත කි‍්‍රයා

බාහිර වශයෙන්

මෙහි ලේපය දාහ ප්‍රශමන (දැවිලි නසන) විෂ නසන, සහ ව්‍රණ රෝපණ ගුණවලින් යුතුවේ. මෙනිසා දැවිලි, තුවාල, සහ විෂ යන අවස්ථාවලදී කූර තම්පලා මුල් සහ කොළ ආලේප කරනු ලබයි.

ආහාර ජීර්ණ පද්ධතියේදී

මෙය රෝචන, දීපන පුරීෂජනක (මල ඇතිකරන) සහ අනුලෝමක ගුණ යුතුය.ආහාර අරුචිය, බඩගිනි අඩුකම, සහ මලබද්ධය ආදියේදී ප්‍රයෝග කරනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

කූර තම්පලා හදවතට හිතකාරී වන අතර රත් පිත සමනය කරයි. මෙනිසා හෘද රෝගයේදී මෙන්ම රක්ත පිත්ත රෝගයේදීද, එසේම රක්ත පිත්ත සම්බන්ධය ඇති රක්ත අතීසාර, රක්ත ප්‍රදර, රක්ත අර්ශස් ආදියේදී ද ප්‍රයෝග කරනු ලබයි.

මුත්‍ර ව්‍යුහාවේදී

මෙය මුත්‍රා කාරක වන අතර පූයාමේහය මුත්‍ර කෘච්ඡ්ර ආදියේදී යොදනු ලබයි. මේ අතර කූරතම්පලා මුල් විෂ නාෂක ගුණ යුතු අතර කූර තම්පලා යොදා වමනය කරවීමේදී විෂ බැහැරට ඇදී යයි. එසේම විෂ නිසා හටගත් ලක්ෂණද පහව යනු ඇත. වස විස කැවුණු විටදී කූර තම්පලා මුල් අඹරා උණුවතුර සමඟ බිමට දෙනු ලැබේ.

මේ අයුරින් ශාරීරික ව්‍යුහාශි‍්‍රතව කූර තම්පලා ඉතා හොඳින් කි‍්‍රයා කරන බව පෙනී යයි. තවද කූර තම්පලා අඩංගු ඖෂධ යෝග බොහෝ ප්‍රමාණයක් විවධ රෝග රාශියකට යොදනු ලබන අතර ඉන් කිහිපයක් නම්,

රක්ත ප්‍රදරයට

සුළු කූර (කූර තම්පලා) මුල හාල්පානු වතුරින් අඹරා මී පැණි සමඟ යොදනු ලබයි.

රත්පිතට

කූර තම්පලා පලාව හෝ කූර තම්පලා ස්වරස, කල්ක, ක්වාථ අයුරින් යොදයි.

සියලු විෂ දෝෂ සදහා

කූර තම්පලා සහ ජීවන්ති යන දෙවර්ගය යෙදීමද කූර තම්පලා මුල් උණු වතුරෙන් අඹරා පොවා වමනය කරවීමද ඉතා ගුණදායකය.

මව්කිරි වර්ධනයට

කූර තම්පලා පංචාංගය සහ තෝර පරිප්පු යොදනු ලබයි.

මී විෂට

කූර තම්පලා මුල මී පැණියෙන් අඹරා ලේප කරනු ලබයි.

රක්ත අර්ශස් සදහා

ආහාරමය යෝගයක් ලෙස යොදනු ලබයි.

ගෙඩි පැසවීමට

කූර තම්පලා මුල් අඹරා ආලේප කරනු ලබයි.

ලේ වැගිරීම් ප්‍රදර රෝග සඳහා

කූර තම්පලා මුල් හොඳින් අඹරා ගත් කල්කය කලං 4ක් එලකිරි පත බාගයට දියකර එයට සූකිරි සහ මී පැණි කලං 1 1/2 බැගින් දියකර බීමට දීමෙන් වහා ගුණ ලැබෙයි.

නියපොතු පැසවීමට

කූර තම්පලා මුල් පිටි මෙන් චූර්ණ කර එම තුවාලයට හෙළනු ලබයි. ඉන් ගුණ ලැබේ.

මේ ආදී ඖෂධ යෝග රාශියක් කූර තම්පලා අඩංගුව විවධ රෝගාබාධ රාශියකට ප්‍රයෝග කරනු ලබන අතර ඉන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදේ.

මේ අතර කූර තම්පලා අඩංගු ප්‍රකට ඖෂධ යෝග කිහිපයක්ම වන අතර ඉන් ප්‍රධානම ඖෂධ යෝගය වනුයේ හාතවාරිය 10 යන නාමයෙන් හඳුන්වනු ලබන ශාතාවරි ශෝපකන්‍යාදී කෂාය සහ ක්වාථයයි.

මෙහි හාතවාරිය අල, ඉරමුසුමුල්, සුදුහඳුන්, සැවැන්දරා, ඉරිවේරිය, කූරතම්පලා මුල්, මුද්දරප්පලම්, වැල්මදට, මානෙල් අල සහ වැල්මී ආදී ද්‍රව්‍යයම 10කින් යුතු නිසා හාතවාරිය 10 යන නාමයෙන් හඳුන්වන අතර මෙහි කෂාය හෝ ක්වාථය සකස් කර දීමෙන් රක්ත අර්ශස්, අක්ත ප්‍රදර, රක්ත අතීසාර ආදී රෝගාබාධ රාශියකින් ඉක්මන් සුවය ළගා කර දෙයි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.