සුවඳවත් මලක් අගනා ඔසුවක් මානෙල්

පෙබරවාරි 1, 2019

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේදී යෙදෙන විවිධ ඖෂධ යෝග සඳහා යොදා ගනු ලබන ඖෂධ ද්‍රව්‍ය සමහර විට නිවරැදි නොවන අවස්ථාද වේ. එවන් වූ එක් ද්‍රව්‍යයක් ලෙස මානෙල් අල දැක්විය හැකිය. අප විසින් රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන ‘හාතාවාරිය අල’ වැනි ප්‍රකට කෂාය යෝග වලදී ‘මානෙල් අල’ එක් උපාදානයක් වන අතර සමහර බෙහෙත් විකුණන කඩවල මානෙල් අල වෙනුවට නෙළුම් අල දෙන අවස්ථා බහුල ලෙස දැකිය හැක.

නෙළුම් අල සහ මානෙල් අල ගුණයෙන් සමාන යැයි ඔවුන් පවයි. මෙය එසේ නොවේ. නෙළුම් අල වල සහ මානෙල් අල වල ගුණයෙන් වෙනස්කම් ඇත. එනිසා මෙය නිවැරැදිව යෙදීම වැදගත් වේ.

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බුදුන් පිදීම සඳහාම කැප කළ මිහිරි සුගන්දයකින් යුතු මල් විශේෂයක් ලෙස ‘මානෙල්’ හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ගංගා ඇල, දොළ, වැව්, පොකුණු ආශි‍්‍රතව වැවෙන ජලජ පැලෑටියක් ලෙස මානෙල් හැඳින්විය හැකිය. මෙම මල් ඉතා මෘදු පි‍්‍රයංකර සහ සිත් ඇදගන්නා සුළු නිසා තම නිවෙස් සහ උද්‍යාන ඉදිරිපස වගා කිරීමට බොහෝ දෙනා පි‍්‍රයතාවයක් දක්වති. මානෙල්මල සුදු, නිල් සහ රතු වර්ණයෙන් යුතු මල් දැකිය හැක. සමහර ග්‍රන්ථ වල කියැවෙන පරිදි මානෙල්, නිල්මානෙල් වශයෙන්ද, ඕලු සුදු මානෙල් වශයෙන් සේරම රතු මානෙල් වශයෙන්ද හඳුන්වාදී ඇත. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙසද මෙය ගනු ලබන අතර සීගිරි බිතුසිතුවම් වල පවා මානෙල්මල නිරූපනය වන බවක් දැකිය හැක.

ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉතා වැදගත් ඔසුවක් ලෙස මානෙල් යොදා ගන්නා අතර ඒ සඳහා යොදාගන්නේ නිල් මානෙල් බවත් දත යුතුය.

ත මානෙල් වැවෙන ප්‍රදේශ

ත විදේශීය වශයෙන්

ත ඉන්දියාවේ සිට නිව්ගිනියාව දක්වා

තදේශීය වශයෙන්

ත ශ්‍රී ලංකාවේ පහතරට විශේෂයෙන් වියලි කලාපීයව පිහිටන වැව් පොකුණු ආශි‍්‍රතව දැකිය හැකිය. මේ අතර ගෙවතු උද්‍යාන ආදියේ අලංකාරය සඳහා වගාකරන අවස්ථාද වේ.

මානෙල් වල ස්වරූපය

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.