මාර්තු 22 සිට මාර්තු 28 දක්වා සතිය ඔබේ ලග්නයට...

මාර්තු 22, 2024

 

මේෂ

විදෙස් ලැබීම්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසෙමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් මේ සතියේ ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලුකාරී බවකින් නිදහස්වීමට කරුණු ඇති කරයි. අන්සතු වස්තු ලාභයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. විදෙස්ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් හෝ විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම අතමිට සරුකරන අමතර ආදායම් මාර්ග යෙදෙන කාලයකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි.

අධ්‍යාපනය

තරගකාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. විශේෂ පාඨමාලාවක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. ගණිත අංශයේ හෝ තාක්ෂණික අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් කාලයක් වුවත් වරින් වර හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලටද සම්බන්ධවීමට සිදුවෙයි. චර්මගත ආබාධයකට ද ඉඩකඩ ඇති සතියක් වන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 04

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

වෘෂභ

ප්‍රභූ ඇසුරක්

විශේෂ ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන සතියක් වන මේ සතියේ සඳු ග්‍රහයා 4,5, 6, යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමා නොසිතූ ගැටලුවකට මුහුණපායි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට අවස්ථාව උදාකරන කාලයකි. වෙනදාට වඩා විශේෂ සැලකිල්ලකින් රැකියාවේ කටයුතු සිදුකරයි. තාක්ෂණික අංශයේ රැකියා කටයුතු වලින් විශේෂ ආදායම් මාර්ග හිමිකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරී කටයුත්තකින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට අමතර කාලයත් වියදමකුත් දැරීමට සිදුවන සතියකි. නිතර පොත්පත් කියවීමට දැඩි රුචිකත්වයක් දක්වයි.

සෞඛ්‍යය

පැවැති අසනීපකාරී බවක් සුවවෙමින් පවතින බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. කොන්ද ආශි‍්‍රත යටපත් වූ ආබාධයක් නැවත මතුවිය හැකිය. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 වැය 06

ජය අංකය - 03

ජය වර්ණය - සුදු

සුබ දවස - බදාදා

 

මිථුන

වාහන ගනුදෙනුවක්

ගතට සිතට සැනසිල්ල උදාකරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි. අමතර ලැබීම් අතින් යහපත් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතු පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති කරයි. එමෙන්ම වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මෙන්ම රැකියා ස්ථිරවීම් බලාපොරොත්තු වන අයට සුබදායක කාලයකි. එමෙන්ම කරගෙන යන රැකියාවේ කටයුතුවල දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉදිරි අධ්‍යාපනික සැලසුම් කීපයක් සාර්ථක කරන සතියකි. වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. ගුරුවරුන් අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. ශාරීරික උෂ්ණාධික ගතිය හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න.

අය 06 වැය 04

ජය අංකය - 03

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

කටක

අලුත් හිතමිතුරන් ඇති වේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අඹු සැමි මතභේදවලට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි. අමතර වියදම් බහුල කරන සතියකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. අලුත් හිතමිතුරු ඇසුරකට කටයුතු උදාකරන කාලයකි.

රැකියාව

රැකියාවේ තනතුරුවල වෙනසක් සිදුවිය හැකි කාලයකි. ආයතන ප්‍රධානීන්ගෙන් වැඩි සහයෝගයක් හිමි කරන බවක් පෙනේ. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

මෙතෙක් අධ්‍යාපන කටයුතු කෙරෙහි පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. තරග විභාගවලින් විවිධ ජයග්‍රහණ ලබාගත හැකි කාලයකි. දහම් අධ්‍යාපන කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා බහුල කරයි. නිතර ඇතිවන ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ

ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදය

පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර වියදම් බහුල වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. අසල්වැසි සිත් අමනාපයක් මඟහැරී යන සතියකි. දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන බවක් පෙනේ.

රැකියාව

වෙනදාට වඩා උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ. එහෙත් රැකියාවේ වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. විදෙස් රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. නිතර නායකත්වය ගෙන කටයුතු සිදුකරන කාලයකි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකිවන බවක් පෙනේ. එහෙත් වරින් වර ශාරීරික උෂ්ණාධික ගතිය මෙන්ම මුඛය ආශි‍්‍රත තුවාල හට ගැනීමටද ඉඩ ඇති බවක් පෙනේ.

අය 07 වැය 06

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස බදාදා

 

කන්‍යා

ගේ දොර අලුත්වැඩියාවක්

විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී වුවත් ක්‍රමවත් ලෙස ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යෑමට හැකිවෙයි. පැරැණි හිතවත්කම් අලුත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි කටයුතු කිහිපයක් වෙනස් කිරීමට සිදුවෙයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. මෙතෙක් අවිවේකී ලෙස කරගෙන ගිය රැකියා කටයුතු යහපත් ලෙස කරගෙනයෑමට අවස්ථාව සැලසෙනු ඇත.

අධ්‍යාපනය

මනසට පීඩාකාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි. නිතර ගුරුදෙගුරුන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවෙයි. පාඩම් වැඩ කීපයක් අතපසු වන අන්දමේ අවස්ථා යෙදෙනු ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පපුව, පෙණහැල්ල ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකින් පීඩා අත් කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු සතියකි.

අය 07 වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

තුලා

වෘත්තීය වරප්‍රසාද

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට හැකි වෙයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ග වලට හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

විශේෂ අධ්‍යාපන චාරිකාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. උසස් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයකි. අමතර භාෂාවක් ඉගැනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

වරින් වර හට ගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. හදිසි වැටීම් තැළීම් වැනි සුළු සුළු අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති සතියකි.

අය 07 වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික

දුර ගමනකට සූදානමක්

යොදාගත් සැලසුම් කිහිපයක් වෙනස්කිරීමට කටයුතු සැලසෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. එමෙන්ම නැති වූ දෙයක් නැවත හිමිකරන කාලයකි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දුර ගමනක් වෙනුවෙන් සූදානමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථාව උදාකරයි. වෙළඳ ව්‍යාපාරවලින් සුළු සුළු ලාභ හිමිකරයි. එමෙන්ම පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලටද ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

නව දැනුම සොයා යන මාර්ගවලට යොමුවන සතියකි. එමෙන්ම කණ්ඩායම් වැඩසටහන්වලට යොමුවීමට අවස්ථාව උදාකරයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විවිධ කුසලතා සහතික හිමිවීමට ඇති බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් සතියකි. පැවැති සුළු සුළු අසනීප ගති මඟහැරී යන යනු ඇත. එහෙත් උගුර ආශි‍්‍රත ආබාධයක් හෝ දතක ආබාධයකින් පීඩා අත්කරන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

ධනු

පවුලේ සුහදතාවය ඇති කරයි

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

එදිනෙදා කටයුතු සම්බන්ධ ගෙනදුන් බාධාකාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා පවුලේ අය සමඟ සුහදතාවය ඇතිවන අන්දමේ කරුණු ඇති කරයි. අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භයට මඟ සැලසේ. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. අතමිට සරුකරන නව ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි. දරුවන්ට දැනුම ලබාදීම සම්බන්ධ කටයුතුවල නියැළී සිටින අයට විශේෂ වාසි කීපයක් සැලසේ.

අධ්‍යාපනය

විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු සැලසෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවෙයි. පොත්පත් කියවීමට දැඩි කැමැත්තක් දක්වන කාලයකි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික වෙහෙස මහන්සිය අඩු වී යන කාලයකි. උෂ්ණාධික රෝගී තත්ත්වයක් හෝ ශරීරයේ හට ගන්නා කැසීම්, පලු දැමීම් වැනි අසනීප තත්ත්වයකින් පීඩාගෙන දිය හැකියි.

 

අය 07 වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

මකර

ස්වයං රැකියා වාසි

පවුලේ කෙනෙකුගේ කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අන් අයගේ උපදෙස් නොපිළිපදින කාලයකි. අතපසු වූ කටයුතු කීපයක් නැවත සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සූදානමක් ඇතිකර ගන්නා බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට සිත යොමුකරන බවක් පෙනේ. එමෙන්ම ස්වයං රැකියා කටයුතුවලින් ද නොසිතූ ලාභ අත්කර ගන්නා කාලයකි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නව දැනුම ලබා ගැනීමේ මාර්ගවලට යොමුවන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

යටිබඩ ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳීමට සිදුවන බවක් පෙනේ. වරින් වර සෞඛ්‍යය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවෙයි. මූත්‍රගත ආබාධ, වකුගඩු සම්බන්ධ ආබාධ හට ගැනීමට ඉඩ ඇති බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය - 09

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

කුම්භ

නව රැකියා මාර්ග හිමිකරයි

නිදහසේ කටයුතු කිරීමට හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

තරමක් දුරට සැනසිලිදායක බවක් අත් කරයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. විසිතුරු දේ මිලයට ගැනීමට සිත පෙලඹෙන කාලයකි.

රැකියාව

අලුත් රැකියා මාර්ගයකට සිත යොමු කරයි. එමෙන්ම වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට සිත යොමු කරන කාලයකි. නිතර අතමිට මුදල් ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් අති කර ගනී.

සෞඛ්‍යය

වරින් වර ඇතිකරන සෙම් අමාරු හේතුවෙන් පීඩා ගෙන දෙන සතියකි. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයක් බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - සුදු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන

නවීන දේ ඉගෙනීමට අවස්ථාවක්

අවිවේකී ලෙස සතිය උදාකරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන කාලයකි.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු යම් තරමක් ඉටුවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලටද හේතු ඇතිකරන බවක් පෙනේ. ව්‍යාපාර කටයුතුවලින් එතරම් වාසි අත්නොවන බවක් පෙනේ.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. පාඩම් වැඩ කටයුතු කීපයක් අතපසු වී යන අන්දමේ කරැණු පෑදෙනු ඇත.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

 

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.