පෙබරවාරි 09 සිට පෙබරවාරි 15 දක්වා සතිය ඔබේ ලග්නයට...

පෙබරවාරි 9, 2024

 

මේෂ

යෝජනා ස්ථිරවීමක්

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක සාර්ථක නිමාවක් දැකිය හැකි කාලයකි. එමෙන්ම කරන කියන කටයුතුවලින් ප්‍රශංසා හිමිකරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා මවගේ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. මෙතෙක් ප්‍රමාද වූ යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක කාලයකි. රැකියා ස්ථානයේ අය අතර සුහදතාවය වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. විදෙස් රැකියාවක් පිළිබඳ කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හිමිකම් ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනික ජයග්‍රහණයක් හේතුවෙන් විවිධ ප්‍රශංසා හිමිකරයි. ගැටලුකාරී බවක් ඇති කළ පාඩම් වැඩකටයුතු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි. විදෙස් අධ්‍යාපනයක් සඳහා වෙහෙසීම් වැඩි කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. යටපත් වූ අසනීපයක් නැවත මතුවීමට ඉඩ ඇත. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හෝ මූත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩා විඳින සතියකි. නිතර රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

අමතර ලැබීම් හිමිකරයි

අමතර ලැබීම් අතින් යහපත් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 9, 10, 11,12 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

දරුවකුගේ ඉදිරි පියවරක් පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකි බවක් පෙනේ. නිතර වෙහෙස මහන්සි වී කරන කටයුතු අධික කරයි. වරින් වර උදාසීන ගති ඇති වීමටද ඉඩ ඇත. එහෙත් හදිසි ගනුදෙනු වාසියක් සිදුවිය හැකිය. පින් දහම් කටයුතුවල නිරතවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක්ද යෙදේ. වෙහෙස ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානයේ අය අතර කැපීපෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ බලාපොරොත්තු කීපයක් ඇති කරයි. තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදාකරන කාලයකි. නව සොයාගැනීම සඳහා වැඩි වෙහෙසක් දරන බව පෙනී යයි.

සෞඛ්‍යය

මෙතෙක් පැවති ශාරීරික අපහසුතා මගහැරී යයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය ගැන වෙහෙසෙන බවක් පෙනේ. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කාලයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

මිථුන

ව්‍යාපාර කටයුතුවලින් වාසි

හදිසි සැලසුමකට අත ගසමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8, 9, 10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. පවුලේ දානමය වැඩසටහනක් වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. පි‍්‍රය සාදයකට සහභාගීවීමට අවස්ථාව යෙදෙන සතියකි.

රැකියාව

අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ව්‍යාපාර කටයුතුවලින්ද වාසි සැලසෙන කාලයකි. තනතුරු උසස්වීම් බලාපොරොත්තුවන අයට එතරම් යහපත් නොවනු ඇත. ආයතන ප්‍රධානීන්ගේ අවධානයට ලක්වන සතියකි. රැකියාවේ කටයුතු සඳහා වරින් වර ඇවිදිලි ඇති කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

පැවැති අවහිර බාධා මගහැරී යන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවේ. වෙනදාට වඩා පොත්පත් වැඩකටයුතු මෙන්ම බාහිර කටයුතුවලටද කැමැත්තක් දක්වන සතියකි. කණ්ඩායම් වැඩසටහනක මූලික වීමට සිදුවන බවක් පෙනේ.

සෞඛ්‍යය

වරින් වර හට ගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ කල්පනාකාරී වන්න. යටපත් වූ රෝගී තත්ත්වයක් නැවත මතුවීමට ඉඩ ඇත.

 

කටක

සහෝදර බැඳීම්

අමතර වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වරින් වර නොසිතූ සිත් කලකිරීම්වලට ලක්වීමට සිදුවෙයි. පැරැණි ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර බැඳීම්වලට හිමිකම් ඇති කාලයකි. එහෙත් වංචාවකට, හෝ රැවටීමකට හසුවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක කරන කාලයකි. එමෙන්ම මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා හිමිකම් ඇති කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ නොසිතූ අවහිරතා මතුකරන කාලයකි. එමෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. පොත්පත් වැඩකටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. මූත්‍රා අමාරුවක් හෝ බඩේ පපුවේ දැවිලි ගතියක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින් වර ඇති වන සෙම් රෝගයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

 

සිංහ

වාහන ගනුදෙනුවක්

අවිවේකී ලෙස සතිය උදාකරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6, 7, 8,9 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. අලුත් නිවාසයක වැඩකටයුතු ඇරඹීමට හෝ ගේ දොර අලුත්වැඩියාවක් සිදුවිය හැකි කාලයකි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ විවිධ ලැබීම්වලට හේතු ඇති කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව රැකියාවේ කටයුතු සිදුකරන බවක් පෙනේ. රූපලාවණ්‍ය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් පැවැති අසහනකාරීබවක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

නොසිතූ ලෙස තමාට ජයග්‍රහණ කීපයක් හිමිකරයි. අලුත් පාසලකට ඇතුළත්වීමට කටයුතු උදාකරන කාලයකි. මෙතෙක් මගහැරී තිබූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදාකරයි. හදිසි පොත් පත් මිලදී ගැනීමකට අමතර මුදලක් වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍යය

නිතර ශරීර සෞඛ්‍යට බාධා මතුකරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයකි. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි බවක් පෙනේ.

කන්‍යා

ගුප්ත කටයුතුවලින් පිහිට

ගතට සිතට සැනසිල්ල අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 , 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු උදාකරන සතියකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන බවක් පෙනේ. එහෙත් තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ උත්සාහය උනන්දුව ඇතිකරන කාලයකි. අන් අය වෙනුවෙන් දැනුම ලබාදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවීමට සිදුවන කාලයකි. රැකියාවේ වගකීම් වැඩිවන සතියකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වරින් වර උදාසීන ගති පැවැතුම් ඇති කරයි. විවිධ තරගකාරී කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමට කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් වන බවක් පෙන්නුම් කරයි. සුළු සුළු සෙම් අමාරු උගුර ආශි‍්‍රත ආබාධ මතුවිය හැකි කාලයකි. ජලයෙන් මෙන්ම සීතල ආහාරපානවලින් වැළැකී සිටීමට යහපත් කරයි.

 

තුලා

අලුත් සැලසුම් කීපයක්

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6,7 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ සැලසුමකට සම්බන්ධවීමට සිදුවන සතියකි. මවගේ හෝ මව්පස ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීමට සිදුවේ. වරින් වර ගේ දොර කටයුතුවලින් ඈත්වී සිටීමට සිදුවේ. දරුවකුගේ කටයුතුවල දියුණුවක් දැකිය හැකි කාලයකි. එහෙත් ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ වගකීම් මෙන්ම අලුත් සැලසුම් කීපයකට යොමුවීමට සිදුවෙයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු කාලයකි. තනතුරු ස්ථිරවීමක් වෙනුවෙන් ලිපි ලේඛනවල අත්සන් තැබීමට සිදුවන කාලයකි. උසස් අයගෙන් උපකාර පැතීමට සිදුවෙයි.

අධ්‍යාපනය

මෙතෙක් අතරමග නවතා තිබූ පාඩම් වැඩ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදාකරයි. ගණිත අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ ලබා ගත හැකි කාලයකි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විවිධ තරගවලට සහභාගිවීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. සෙම් රෝග, බහුල කාලයකි. අතරමග නවතා තිබූ ඖෂධ වර්ග කීපයක් නැවත ලබා ගැනීමට සිදුවන සතියකි.

වෘශ්චික

තනතුරු ස්ථිරවීමක්

හදිසි මුදල් වැයවීම් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ඔබේ කේන්දරයට අනුව 3, 4, 5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අසල්වැසි මතභේදයකට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි. වෙනදාට වඩා වචන පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ගෙනදෙන කාලයකි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ.

අධ්‍යාපනය

විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටට පත්වීමට අවස්ථාව උදාකරයි. මගහැරී තිබූ පාඩම් වැඩ කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා ගුරුදෙගුරුන්ගේ ප්‍රශංසා හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩිකරන කාලයකි. මෙතෙක් මඟහැරී තිබූ අසනීප තත්ත්වයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. ඖෂධ භාවිතයේ දී සැලකිලිමත් වන්න.

 

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරයි. වගකීම් බහුල කරන කාලයකි. නිතර මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීම් සිදුවෙයි. රාත්‍රී ගමන් බහුල කරන බවක් පෙනේ. සමිති සමාගම්වල නිලතල දැරීමට කටයුතු උදාකරන සතියකි. ගේ දොර විවේකය අඩුකරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ අමතර වෙහෙසීම් ඇති කරන කාලයකි. එමෙන්ම අලුත් රැකියා ආරම්භයට යහපත් කාලයක් වන අතර උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතභේදකාරී බවක් ඇතිවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. කණ්ඩායම් අධ්‍යයනවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන කාලයකි. නිතර නාට්‍ය හා රංගකලාව වැනි සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන සතියකි.

සෞඛ්‍යය

වරින් වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. පරම්පරාගත රෝගාබාධයක් ඉස්මතුවිය හැකි කාලයක් හේතුවෙන් ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

මකර

ව්‍යාපාර ලාභ

අවිවේකී ලෙස සතිය උදාකරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1, 2, 3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු සතියකි. අතරමග නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භයට අවස්ථාව උදාකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කාලයකි. දරුවකු පිළිබඳ වගකීම් බහුලකරයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදාකරන සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අතර රැකියා කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථාව උදාකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි මාර්ග කීපයක් හිමිකරයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරන සතියකි.

අධ්‍යාපනය

හදිසි විභාග කටයුත්තක් වෙනුවෙන් සැළසුමක් ඇති කර ගනී. මෙතෙක් උදාසීනව කරගෙන ගිය පාඩම් වැඩකටයුතු කීපයක් යළි උනන්දුවකින් සිදුකරයි. උසස් පාඨමාලාවකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් වුවත් හදිසි වැටීම්, තැළීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් පසුවන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. සායනික ප්‍රතිකාර සඳහා නිතර යෑමට සිදුවේ. කෑම බීම පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

කුම්භ

අලුත් ඥාති සබඳතා

වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1, 2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් අතින් යහපත් වුවත් මේ සතියේ වැයපස අධිකවීමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන සතියකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

රැකියාව

කලබල වී ඉක්මන් තීරණ ගැනීමෙන් රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර රැකියා ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. ස්වයං රැකියා කටයුතුවලින් වාසි අත් කරන සතියකි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායක කාලයකි. එමෙන්ම විශේෂ පාඨමාලාවක් හැදෑරීම සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. නිතර උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

පපුව ආශි‍්‍රත ආබාධ සෙම් රෝග ආදියෙන් පීඩා ඇතිවිය හැකි කාලයකි. වෙනදාට වඩා සීතල ආහාර මෙන්ම ජලයෙන්ද පරිස්සම් විය යුතු බවක් පෙනේ. සුළු සුළු කැපීම්, සීරීම් නිසා ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. ඖෂධ භාවිතයේදී සැළකිළිමත් විය යුතුය.

මීන

ප්‍රධානීන්ගේ පැසසුම්

අවිවේකී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1,2 යන භාවයන් මතිනි.

 

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් හිමිකරන මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ආගමික කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවන කාලයකි.

රැකියාව

රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කරයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන බවක් පෙනේ. මෙතෙක් වෙහෙසකාරී බවක් ගෙනදුන් රැකියාවේ කටයුතු නිදහසේ කරගෙන යෑමට හැකිවන සතියකි. තනතුරු වෙනසක්ද සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතු සම්බන්ධ මෙතෙක් සිතේ පැවැති චංචලකාරී බව මග හැරී යන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට මාර්ග පෑදෙනු ඇත. උසස් අධ්‍යාපනයක් හේතුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. නව සොයා ගැනීම් සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. උෂ්ණාධික රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා ඇති කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණපෑමට සිදුවෙයි. වතුර වැඩිපුර පානය කිරීමට වග බලා ගත යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.