මේ සතියේ ලග්න පලාපල

මේ සතිය ඔබට ජන 05 - 11 දක්වා
ජනවාරි 5, 2024

 

මේෂ

තනතුරු වෙනසක්

මේෂ ලග්න හිමි ඔබගේ මේ සතිය තුළ සඳු ගෝචරය සිදු වන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. අවිවේකී ලෙස සතිය ආරම්භ කරන මේ කාලයේ, ගෘහ ජීවිතයේ කටයුතු සිතේ චංචල බවකින් සිදු කරයි. වෙනදාට වඩා නායකත්වය ගෙන කටයුතු සිදු කරයි. රැකී රක්ෂා කටයුතු අතින් තරමක් දුරට යහපත් කාලයකි. තනතුරුවල වෙනසක් සිදු විය හැකියි. එමෙන්ම අධ්‍යාපනික ජයග්‍රහණ පෙන්නුම් කරන සතියකි. වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයකින් අධ්‍යාපන කටයුතු සිදු කරන බවක් පෙනේ. වරින්වර ඇති කරන හිස, තුනටිය හා පාද ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකින් පීඩා අත්කරන බවක් පෙනේ.

අය 07 වැය 04

ජය අංක - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

 

සිංහ

ගේ දොර අලුත්වැඩියාවක්

මෙතෙක් පැවැති කලබලකාරී ගතිපැවැතුම් මඟහැරී යමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවක් දක්වන සතියකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර මව හෝ මව් පස ඥාතියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදු වෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති අවහිරතා කීපයක් මඟ හැරී යයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් විශේෂ ලාභ හිමිකරන බවක් පෙනේ. උදරගත ආබාධයක් ස්නායු ගත රෝග ආදියෙන් පිඩාගෙන දෙන සතියකි.

අය 05 වැය 03,

ජය අංක - 03,

ජය වර්ණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

ධනු

ව්‍යාපාර ලාභ හිමිකම්

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11,12, 1 යන භාවයන් මතින් ගමන් කරයි. විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. එමෙන්ම දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණූ කීපයක් සිදු කරයි. රැකියාවේ කටයුතු පිළිබඳ සිත් කලකිරීම් ඇති වීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයකින් පසුවන්න. අධ්‍යාපනික කටයුතු සම්බන්ධ විවිධ වෙනස්කම් කීපයක් සිදු කරයි. නහරගත ආබාධ, ස්නායු අමාරු වැනි ආබාධවලින් පීඩා ගෙනදේ.

අය 08 වැය 05

ජය අංක - 07

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

නොසිතූ වාසි

 

වගකීම් බහුල වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන සතියකි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. රැකී රක්ෂා කටයුතුවලින් නොසිතූ වාසි කීපයක් හිමිකරයි. ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වේ.

උසස් අධ්‍යාපනික ජයග්‍රහණයකට හේතු ඇති කරයි. අලුත් විෂයයක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන සතියකි. ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට පිරිහීමට පත් වන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. නිතර ව්‍යායාම් කටයුතුවල නිරත වීම වැදගත් කරයි.

 

අය 06 වැය 03

ජය අංක - 09

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

 

කන්‍යා

විශ්වාසවන්ත ඇසුරක්

 

අමතර වෙහෙසීම් බහුල කරමින් සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය කටයුතු කීපයක් උද්‍යෝගයකින් සිදු කරන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන ආදායම් මාර්ග හිමිකරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදු වන සතියකි. නොසිතූ ලෙස තරග විභාගයකින් ජය අත්කරන බවක් පෙනේ. එමෙන්ම විවිධ කුසලතා ඉස්මතු වන කාලයකි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ.

 

අය 06 වැය 03

ජය අංක - 05

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර

විදෙස් අධ්‍යාපනයකට සැලසුමක්

අමතර වියදම් බහුල කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරයි. හිතුමතයට කටයුතු කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදු වන කාලයකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. නිතර කලා ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විවිධ අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති සතියකි. විදෙස් අධ්‍යාපනයට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. සති අන්තය වන විට දී උදරගත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි.

 

අය 06 වැය 03

ජය අංක - 05

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

 

මිථුන

දුර ගමනකට සූදානමක්

 

පවුලේ සතුට සැනසීමට කරුණු ඇති කරමින් සතිය ආරම්භ කරන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයත් මතින් ගමන් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු උදා කරයි. රැකී රක්ෂා කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ස්ථාන මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පැවති බාධා කීපයක් මඟහැරී යයි. පාඩම් වැඩකටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ. වරින් වර ඇතිකරන උගුර ආශි‍්‍රත ආබාධයක් හෝ පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා අත්කරයි.

 

අය 06 වැය 03

ජය අංක - 02

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

තුලා

රැකියාවේ වගකීම් බහුල වෙයි

 

සිතේ සැහැල්ලුවෙන් කටයුතු උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා

12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකුගේ හදිසි දුරස්වීමක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනේ. රැකියාවේ වගකීම් බහුල කරයි. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විවිධ අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති බවක් පෙනේ. එමෙන්ම පොත්පත් කටයුතු සම්බන්ධව උනන්දුව වැඩි කරන කාලයකි. සති අන්තය වන විට දී යටපත් වූ දණහිස ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරයි. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 06

ජය අංක 09 වර්ණය - කොළ,

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ

ප්‍රසිද්ධියට පත් කරයි

 

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන සතියකි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ආරවුලකට මැදිවීමට ඉඩ ඇත. එමෙන්ම උපන් ස්ථානයෙන් දුර බැහැර රැකියාවේ කටයුතු සිදු කරන බවක් පෙනේ. අධ්‍යාපනික කටයුතු සම්බන්ධ විවිධ කුසලතා ඉස්මතු කරන කාලයකි. එමෙන්ම සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. සෙම් රෝග, පෙණහැල්ල ආශි‍්‍රත ආබාධ හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන සතියකි.

 

අය 07 වැය 06

ජය අංක - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කටක

අතමිට සරුවන මාර්ග

 

සහෝදර බැඳීම් වැඩි කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි. අමතර ලැබීම් අතින් යහපත් කාලයකි. වෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කීපයක් යෙදේ. දුර ගමනක් හේතුවෙන් කලබලකාරි බවක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධව පැවති අවහිරතා කීපයක් මඟහැරී යන අතර තාක්ෂණික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වන සතියකි. ශාරීරික අප්‍රණික ගති පැවැතුම් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. ඖෂධ පාවිච්චියේ දී සැලකිලිමත් වන්න.

අය 07 වැය 05

ජය අංක - 04

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

වෘශ්චික

ස්වයං රැකියා ලාභ

 

අමතර ලැබීම්වලට බාධා ඇති කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන සතියකි. එමෙන්ම රැකියාවේ ඉදිරි වැඩ පිළිවෙළක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. ස්වයං රැකියා කටයුතුවල නියැලී සිටින අයට අතමිට සරුකරන බවක් පෙනේ. අධ්‍යාපනික කටයුතු උදෙසා දුර පළාතකට යාමට කටයුතු උදාකරන කාලයක් වන අතර, අලුත් පොත් පත් මිල දී ගැනීමකට ද අවස්ථාව උදා කරයි. සෙම් රෝග උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

 

අය 07 වැය 04

ජය අංක - 07

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

 

මීන

විදෙස් උපකාරයක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි. අවිවාහකයන්ට යහපත් කාලයකි. තැන්පත් ධනය වැයවීමකට තුඩුදෙන කරුණු කීපයක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරන සතියකි. මේ සතියේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට තරමක් දුරට යහපත් වන බවක් පෙන්නුම් කරයි. අලුත් ව්‍යාපාරයකට අතගැසීමට කටයුතු උදා කරන සතියකි. අධ්‍යාපනික කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරී බව මඟහැරී යන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

 

අය 08 වැය 06

ජය අංක - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.