මේ සති‍යේ ලග්න පලාපල...

දෙසැ. 15 සිට 21 දක්වා
දෙසැම්බර් 15, 2023

මේෂ

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. විදෙස් ගත වීමක් පිළිබඳ කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගතිපැවතුම් මඟහැරී යන බවක් පෙනේ. සහතික සම්මාන හිමි කරන කටයුතු කීපයක් යෙදේ. ගණිත අංශයේ කටයුතුවලින් ඉදිරියට යන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය පිළිබඳ විවිධ ගැටලු පැන නැඟීමට ඉඩ ඇත. ස්නායු ගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.

අය 07 වැය 08 
ජය අංකය – 07 
ජය වර්ණය – දම් 
සුබ දවස – බදාදා

වෘෂභ

සැලසුම් කීපයක් සාර්ථක කරගනිමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා දුර දිග සිතා බලා කටයුතු කරන බවක් පෙනේ. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර පවුලට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. පින්දහම් කටයුතු සම්බන්ධ දවසින් වැඩි කාලයක් යොදවයි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරන කාලයකි.

අධ්‍යාපනය

තරග විභාග කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනකට මූලිකත්වය ගෙන කටයුතු සිදු කරයි.

සෞඛ්‍යය

වරින්වර ඇතිවූ අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති සතියකි.

අය 06 වැය 04 
ජය අංකය – 02 
ජය වර්ණය – කොළ 
සුබ දවස – බ්‍රහස්පතින්දා

මිථුන

වගකීම් කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු වෙයි. වෙනදාට වඩා දුර ගමන් බහුලවන බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. දරුවන් ගැන තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

රැකියාව

රැකියාවේ අලුත් බලාපොරොත්තු ඇති කරයි. තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර, උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මුත්‍රාගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වෙනදාට වඩා දියර වර්ග මෙන්ම ශීතල ආහාරපාන ගැනීම වැදගත් වන බවක් පෙනේ.

අය 08 වැය 06 
ජය අංකය – 04 
ජය වර්ණය – තැඹිලි 
සුබ දවස – බ්‍රහස්පතින්දා

කටක

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති මතභේදකාරි බව මඟහැරී යන කාලයකි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තු ඉටුවන ලකුණූ පෙනේ. පරම්පරාගත දේපළක් හිමිවන අතර, සහෝදර බැඳීම් වලට හේතු සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. එමෙන්ම අමතර ආදායම් මාර්ග හිමිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පොරොන්දු ගිවිසුමකට බාධා ගෙන දෙන සතියකි.

අධ්‍යාපනය

අවිවේකී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි. පාඩම් වැඩකටයුතු නිරවුල් කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ඖෂධ භාවිතයේදී දුර දිග සිතා බැලිය යුතු වේ. චර්මගත රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා සතියකි.

අය 07 වැය 03 
ජය අංකය – 06 
ජය වර්ණය – දම් 
සුබ දවස – බ්‍රහස්පතින්දා

සිංහ

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් වල ගමන් කරයි.

ගෘහ ජීවිතය

සහෝදර බැඳීම්වලට බාධාගෙන දෙන සතියකි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කළ යුතු බවක් පෙනේ. වැඩිහිටි විරෝධතාවය මත කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ.

රැකියාව

වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් පීඩාකාරි ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගනී. එමෙන්ම යහපත් ගුරු ඇසුරකට අවස්ථාව හිමිකරයි.

සෞඛ්‍යය

ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර මානසික ආතතියට හේතුවන රෝගාබාධ ඇති විය හැකි බවක් පෙනේ. එමෙන්ම උරහිස ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න.

අය 06 වැය 04 
ජය අංකය – 06 
ජය වර්ණය – ළා නිල් 
සුබ දවස – බදාදා

කන්‍යා

අවිවේකී බවක් උදාකරමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන සතියකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බැලිය යුතු සතියකි. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ව්‍යාපාරික ලාභ හිමිකම් අතින් යහපත් කාලයකි.

අධ්‍යාපනය

විවිධ අවහිරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කීපයක් කරගෙන යෑමට සිදුවන සතියකි. අලුත් විෂයන් කීපයක් ඉගෙනීමට කටයුතුª උදා කරයි. අලුත් පොත්පත් පරිශීලනයට කටයුතු සැලසෙන සතියකි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස ගෙනෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර හට ගන්නා අතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 වැය 05 
ජය අංකය – 02 
ජය වර්ණය – තැඹිලි 
සුබ දවස – සිකුරාදා

තුලා

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. අමතර ලැබීම් හිමිකරන මාර්ග යෙදුණත් ඒවාට අවහිරතා මතුවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරිවන්න. දේපළ ලැබීමකට හිමිකම් ඇති සතියකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවන සතියකි. නිතර ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. තනතුරු මාරුවක් සිදුවිය හැකි සතියකි.

අධ්‍යාපනය

විවිධ බාධක ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යන බවක් පෙන්නුම් කරයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත්වන්න. සීතල ආහාර පාන ගැනීම, නිදි වැරීම, වැනි දෙයින් වැළැකී සිටීම යහපත් සතියකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි.

අය 07 වැය 05 
ජය අංකය – 04  
ජය වර්ණය – තැඹිලි 
සුබ දවස – බදාදා

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් ප්‍රමාද කරමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදාකරයි. පදිංචිය සම්බන්ධ පැවැති ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. ළඟම ඥාතියකුගේ උපකාරයක් හිමි කරන සතියකි.

රැකියාව

රැකියාවේ වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අණදෙන ක්ෂේත්‍රයේ, පිරිස් පාලන කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

මානසික අසහනකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. අධ්‍යාපන කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන සතියකි.

සෞඛ්‍යය

පැවැති ශාරිරික අපහසුතා කීපයක් තරමක් දුරට මඟහැරී යයි. එහෙත් බෙල්ල, උරහිස ආශි‍්‍රත වරින්වර අපහසුතා මතු කරයි. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත්වන්න.

අය 07 වැය 05 
ජය අංකය – 07 
ජය වර්ණය – දම් 
සුබ දවස – බ්‍රහස්පතින්දා

ධනු

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අවිවේකී ලෙස කටයුතු කිරීමට සිදුවන සතියකි. පවුලේ මතභේදයක් දුර දිග යාමට ඉඩ ඇත. දේපළ ගැටලුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සුබ ආරංචියක් අසන්න ලැබෙන සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසුණත් ඒවාට අවහිරතා මතු කරන සතියකි. බුද්ධිය වෙහෙසවා කරන ඉගෙනීමේ කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. තාක්ෂණික අංශයේ කටයුතුවලට සම්බන්ධ වන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන කාලයකි. එහෙත් අමතර ලැබීම්වලට යහපත් නොවේ. රැකියාවේ නිලතල ආදියෙහි වෙනසක් සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යය

ආහාර නොදිරවීමේ තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙයි. සෙම් රෝග ශාරීරික අප්‍රාණික ගති බහුල කාලයකි. වෙනදාට වඩා ආහාරපාන ගැනීම පිළිබඳ සැලකිලිමත්වන්න.

අය 07 වැය 03 
ජය අංකය – 04 
ජය වර්ණය – කොළ 
සුබ දිනය – බ්‍රහස්පතින්දා

මකර

අමතර වියදම් බහුල කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇති සතියකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලිය යුතු බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව දුරදිග බලා කටයුතු කරන්න.

රැකියාව

අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. අතමිට සරුකරන ආදායම් මාර්ග කීපයක් යෙදේ. තනතුරු ලාභ බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක සතියකි.

අධ්‍යාපනය

තරග විභාග ජයග්‍රහණයක් නිසා සතුටට පත්වීමට හේතු ඇති කරයි. නිතර අමතර භාෂාවන් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ස්වයංරැකියා කටයුතුවලට යහපත් සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට සුබදායක සතියකි. පැවැති උගුර ආශි‍්‍රත ආබාධයක් සුව අතට හැරෙන බවක් පෙනේ. සීතල ආහාරපාන පාවිච්චියෙන් වැළැකී සිටීම යහපත් කරයි.

අය 06 වැය 03 
ජය අංකය – 09 
ජය වර්ණය – කහ 
සුබ දවස – බ්‍රහස්පතින්දා

කුම්භ

පැවැති අසහනකාරී බව මඟහැරී යමින් පවතින සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් මගහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අලුත් අලුත් දේ මිලදී ගැනීමට මග සැලසෙන සතියකි. අලුත් ඥාති හිතවත්කම්වලට හේතු ඇති කරයි. මවගේ අසනීපයක් සුව අතට හැරෙන සතියකි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් සම්බන්ධ කටයුතු කීපයක් සාර්ථක කරයි. පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ග වලට හිමිකම් ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරන සතියකි.

අධ්‍යාපනය

අමතර දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. උසස් ජයග්‍රහණයක් පිළිබඳ පුවතක් අසන්න ලැබෙන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. අතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතන්නට සිදුවෙයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු සතියකි.

අය 08 වැය 04 
ජය අංකය - 09 
ජය වර්ණය – කොළ 
සුබ දවස – සඳුදා

මීන

අවිවේකී ලෙස සතිය උදාකරන අතර සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර ඇවිදිලි ඇති කරන සතියකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුර දිග බලා කටයුතු කරන්න. විශේෂ හිතවත්කම්වලට කටයුතු යෙදෙන බවක් පෙනේ. අන් සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. විදෙස්ගත රැකියා මාර්ගයකට සැලසුමක් ඇතිකර ගන්නා සතියකි. ස්වයංරැකියා කටයුතුවලින් නොසිතූ ලෙස ලාභ හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමිකඅංශයේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන සතියකි. නිතර සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධ වීමට මඟ සැලසේ. මෙතෙක් මඟහැරී තිබූ පාසල් වැඩකටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය

නිතර ගතට සිතට සැනසිල්ල අඩුකරන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 06 වැය 04 
ජය අංකය – 07 
ජය වර්ණය – තැඹිලි 
සුබ දවස – බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.