මේ සති‍ෙය් ලග්න පලාපල... නොවැ. 17 සිට 23 දක්වා

නොවැම්බර් 17, 2023

 

මේෂ

අලුත් ආදායම් මාර්ග

 

තරමක් දුරට සැනසිලිදායක බවක් අත්කරමින් සතිය ආරම්භවන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් යොදාගෙන සිටි සැලසුමක් වෙනස් කිරීමට සිදු වේ. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. ඥාතීන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. අලුත් ආදායම් මාර්ගවලට ඉඩ ඇති බවක් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක කාලයකි. හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. විදෙස්ගත රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

අධ්‍යාපනය

අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. වෙනදාට වඩා පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ. ගුරුවරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය මට්ටමින් පවතී. ආහාරපාන ගැනීම අතින් සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – නිල්

සුබ දවස – බදාදා

 

වෘෂභ

විදෙස් රැකියාවලට ඉල්ලුම් කරයි

සිතේ සැහැල්ලුවට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. වැඩිහිටියකු වෙනුවෙන් සාත්තු සත්කාර කිරීමට කටයුතු යෙදේ. නිතර පින්දහම් කටයුතු සඳහා සම්බන්ධ වන කාලයකි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙනේ. විදෙස් රැකියා මාර්ග සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගති මඟහැරී යන කාලයකි. ගුරුවරුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන කරුණූ සිදු කරයි. තරග විභාගයක් වෙනුවෙන් සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කරුණු කීපයක් ඇති කරයි. හදිසි සෞඛ්‍ය පරික්ෂයකට භාජනය වීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැැලකිලිමත් වන්න.

 

අය 07 වැය 06

ජය අංකය 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මිථුන

ස්වයං රැකියාවලින් වාසි

 

පැවැති සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 7,8,9,10 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වැඩිපුර සොයා බැලීමක් කළ යුතු සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. ගනුදෙනුවකින් වාසි අත් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් වෙනස්කම් කීපයක් සිදු කරයි. තනතුරු මාරුවක් සිදු විය හැකි කාලයකි. ස්වයංරැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍ය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වන්න. චර්මගත ආබාධයකින් පීඩා අත් කරන කාලයකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත් කාලයකි.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

 

කටක

ගේ දොර අලංකාරයට වෙහෙසේ

 

ගතට සිතට අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කීපයක් සිදු කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ගනුදෙනුවක් හේතුවෙන් ගැටලු කීපයකට මුහුණදීමට සිදු වෙයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන සතියකි.

රැකියාවේ

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ව්‍යාපාරික කටයුතු සම්බන්ධ අලාභයක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට නිතර උදාසීන ගති ඇති කරයි. වැඩිහිටි ගුරුභවතුන්ගේ අවවාද අනුශාසනා මත කටයුතු කිරීමෙන් කටයුතු සාර්ථක කරගනී.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන සතියකි.

 

අය 06 වැය 03

ජය අංකය – 02

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – ඉරිදා

 

සිංහ

සහෝදර බැඳීම් වැඩි කරයි

අලුත් බලාපොරොත්තු ඇති කරන සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. එහෙත් උත්සාහය හා උනන්දුව මත කටයුතු කිරීමෙන් බලාපොරොත්තු කීපයක් ඉටු කරගත හැකි වේ. සහෝදර බැඳීම් වැඩි කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. තනතුරු ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඇති කරයි. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලින් විවිධ ප්‍රශංසා අත්කරයි.

අධ්‍යාපනය

මෙතෙක් අතපසුවූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කරගැනීමට හැකිවේ. එහෙත් වරින් වර ඇති කරන උදාසීන ගතිපැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතු කරන කාලයකි. දතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

අය 08 වැය 05

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

 

කන්‍යා

ගේ දොර අලුත්වැඩියාවක්

 

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසෙමින් සතිය ආරම්භවන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවැරීමට ඉඩ ඇත. වරින්වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති බලාපොරොත්තු කීපයක් කල් දැමීමට සිදු වේ. හදිසි පොත්පත් මිලදී ගැනීමකට ද කටයුතු උදා කරන කාලයකි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවේ. ශාරීරික අප්‍රාණික ගති, කෑම අරුචිය ආදි ගැටලුවලින් පීඩාවිඳීමට සිදු වේ.

 

අය 08 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

තුලා

රැකියාවේ කටයුතු නව මුහුණුවරකින්

 

අමතර ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 3,4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ක්ෂණික තීරණ හේතුවෙන් විවිධ ගැටලු මතු කරයි. නොසිතූ ලෙස අලාභයක් සිදු විය හැකි කාලයකි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අඹුසැමි මතභේදයක් ඇති විය හැකි කාලයකි.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට කටයුතු උදා කරයි. අමතර ආදායම් මාර්ග හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන කාලයකි. ශාස්ත්‍රී කටයුතු සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. මෙතෙක් අතපසු වූ ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙනදෙන සතියකි. යටපත් වූ තුනටියේ ආබාධයක් නැවත මතු කරයි. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

 

අය 06 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරාදා

 

වෘශ්චික

රැකියා සැලසුම් සාර්ථක කෙරේ

වගකීම් බහුල කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයකි. පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථකර ගැනීමට හැකිවෙයි. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. නිතර පිරිස් පාලනය සම්බන්ධ කටයුතුවල නියැළෙන බවක් පෙන්වයි.

අධ්‍යාපනය

නොසන්සුන්කාරි ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට යම් යම් අවහිරතා මතු කරයි. අලුත් පාඨමාලාවක් හැදැරීමට කටයුතු සැලසෙන කාලයකි.

සෞඛ්‍ය

පැවැති අසනීපකාරි බවකින් නිදහස අත් කරයි. එමෙන්ම කෑම බීම ගැනීමේදී දුර දිග සිතා බලන්න. යටපත් වූ හිසේ වේදනාවක් නැවත මතුවිය හැකිය.

 

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

ධනු

හදිසි දේපළ ලාභයක්

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. විදෙස් ඥාතියකුගේ උපකාරයක් හිමි කරයි. හදිසි දේපළ ලාභයකට හිමිකම් ඇති කරයි. දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කරන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසිතූ ගැටලු කීපයකට මැදි වීමට ඉඩ ඇත. නිතර ගත සිත වෙහෙසවා කරන කටයුතු අධික කරයි. තනතුරු මාරුවක් හෝ රැකියා ස්ථානයේ ගැටලුවකට ලක්වීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධ වීමට සිදුවෙන කාලයකි. ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍යය යහපත් අතට හැරෙන කාලයකි. මෙතෙක් භාවිත කළ ඖෂධ වර්ග කීපයක් නවතා දැමීමට හැකිවෙයි. වෙනදාට වඩා ව්‍යායාම් කටයුතුවල නිරතවීම වැදගත් වේ.

 

අය 07 වැය 05

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

මකර

දරුවකුගේ උත්සව අවස්ථාවක්

 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 12,1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වන සතියකි. පවුලේ අය අතර මතගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. දරුවකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. දුරදිග බලා ගන්නා තීරණයක් හේතුවෙන් වාසි කීපයක් අත් කරයි.

අධ්‍යාපනය

විවිධ ජයග්‍රහණවලට ඉඩ කඩ ඇති කාලයකි. නිතර පොත්පත් වැඩකටයුතු කෙරෙහි උනන්දුව ඇති කරයි. අමතර භාෂාව ඉගෙනීමට කටයුතු උදාකරන කාලයකි.

සෞඛ්‍ය

ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයකි. අතක හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ලක්වීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

කුම්භ

විභාග ජයග්‍රහණයක්

 

අවිවේකී ලෙස සතිය උදා කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල වන කාලයකි.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියකි. අලුත් පොත්පත් මිලදී ගැනීමක් සම්බන්ධ කටයුත්තකට අත ගසයි. තරග විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍ය

ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ. උගුර ආශි‍්‍රත ආබාධ සෙම් රෝග බහුල කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය – 09

ජය වර්ණය – දම්

සුබ දවස – ඉරිදා

 

මීන

අමතර ලැබීම් හිමි කරයි

 

අවිවේකී ලෙස සතිය උදාකරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු වෙනස්කම් කීපයක් සිදු කරයි. සමිති සමාගම්වල නිලතල දැරීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම් හිමි කරන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන ගතිපැවතුම් ඇති කරයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවක් කටයුතු කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන කාලයකි.

සෞඛ්‍ය

වරින්වර ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරයි. පපුව, පෙණහල්ල ආශි‍්‍රත ඇතිවන අසනීප තත්ත්වයකින් පීඩා අත් කරයි. සෙම් බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලින් පරිස්සම් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.