දෙසැම්බර් 20 සිට දෙසැම්බර් 26 දක්වා

දෙසැම්බර් 20, 2019



නොසිතූ ආරවුලක්

වැයපස අධික වන කාලයක් වන අතර සමාජසේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයත්, ශ්‍රමයත් වැය කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ අලුත් සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. එහෙත් පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. දරුවෙකු වෙනුවෙන් වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. වාහන ගමන්, දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. හදිස්සියේ ඇතිවන ආහාර විෂවීමක් හෝ ලේ දෝෂයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම නොසිතූ ආරවුලකට පැටලීමට ඉඩ ඇති කාලයකි.

අය 07 - වැය 05
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බදාදා




ණය මුදලකින් නිදහස්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. හදිසි කටයුතු කීපයකට අත ගැසීමට කටයතු සැලසෙන සතියකි. එමෙන්ම යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. වැඩිහිටි අනුදැනුම මත කරන කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට මඟ සැලසේ. එමෙන්ම ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සැලසේ . තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

අය 07 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස - ඉරිදා




තනතුරු මාරුවක්


පැවැති ගැටලු කීපයකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි. වැඩිහිටි සහයෝගයෙන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ.
පවුලට යන එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මවගේ හෝ මව්පස ඥාතියෙකු පිළිබඳ වෙනදාට වඩා සැළකිලිමත් විය යුතුයි. පැරණි හිතවත්කමක් අලුත්වන කාලයකි. දේපල ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

අය 08 - වැය 07
ජය අංකය - 06
ජය වර්ූණය - කොළ
සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.