මේ සතිය ඔබට

ජනවාරි 11, 2019

ජනවාරි 11 සිට ජනවාරි 17 දක්වා

මේෂ

අමතර ලැබීම්

උදාවූ මේ සතියේ පැවැති වගකීම්වලින් නිදහස්වීමට කරුණු සැලසෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ලැබීම් වලට හේතු සැලසෙන කාලයකි. හිතුවක්කාර ගති පැවැතුම් හේතුවෙන් මතභේදකාරි බවක් ඇති කරයි. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ ස්ථාන මාරුවීම්, තනතුරු මාරුවීම් ආදියට හේතු යෙදේ. බලාපොරොත්තු නොවූ ලෙස විවාහ කාරණාවකට පවුලේ ආශිර්වාදය හිමිකරයි. විශේෂ හිතවත්කමකට මඟ සැලසේ. එමෙන්ම යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතුවිය හැකිය. විදෙස්ගත හිතවතෙකුගේ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

අනපේක්ෂිත ගැටලු

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන 7,8,9,10 යන භාවස්ථානවල සිදුවනු ලබයි. දරුවෙකුගේ නොමනා ඇසුරක් හේතුවෙන් කරදර කීපයකට මැදිවීමට සිදුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධ යම් යම් බාධාකාරි තත්වයක් පැන නැගිය හැකි කාලයකි. නිතර චෝදනා අපවාදවලට ලක්වීමට සිදුවන බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතු කාලයකි. නිකරුනේ කරන වියදම් වැඩිවීමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාදවූ විදෙස්ගතවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවනු ලකුණු පෙනේ. ගෘහජීවිතයේ අනපේක්ෂිත ගැටලු මතුවන ලකුණු පෙන්නුම් කරයි. පියාගේ හෝ පියපස ඥාතියෙකුගේ අසනීප තත්වයක් වෙනුවෙන් වෙනස්වීමට සිදුවන බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

ධනු 

නොගැලපෙන ඇසුරක්

ධනු ලග්න හිමියන්ට වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිකරමින් සතිය ආරම්භ වන අතර, සඳුගේ ගමන 3,4,5,6 යන භාවස්ථානවල සිදුවෙයි. අමතර වියදම් වැඩිවන අතර පවුලේ අය වෙනුවෙන් වෙහෙසීම්ද වැඩිකරයි. නොසිතු අවුලක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. එදිනෙදා ගමන් පිළිබඳ කල්පනාකාරි වන්න. නිතර සිතේ අසතුටින් කාලය ගත කරන කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරයි. පෙම්වතුන් අතර පැවැති ගැටලුදායක බවක් මඟහැරී යයි. අවිවේකය හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. නොසිතුලෙස නොගැලපෙන ඇසුරකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. ගේ දොර උත්සව අවස්ථාවකටද කටයුතු සැලසේ.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

ධම්මිකා රාජපක්ෂ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.