නාසයේ හැඩයයි – ඔබේ චරිතයයි

අගෝස්තු 28, 2020

ගැහැනියගේ හෝ පිරිමියාගේ මුහුණේ ලස්සන පිළිබඳව නාසයේ හැඩය ද අතිශයින් බලපායි. 

පැරණි කවියෝ, ලේඛකයෝ, ස්ත්‍රියකගේ රූපශ්‍රීය වර්ණනා කරන තන්හි උස්වූ නාසය ගැන කියයි. නීල පුෂ්පාකාර ආදී වශයෙන් උපමා සහිතව පෙන්වා දෙයි. නාසයේ ස්වභාවය අනුව විවිධ නම් පට බැඳෙයි. මුක්කමා, කැවුමා, ගිරාහොටා ආදී වශයෙන් වහරන නිදසුන්ය. 

කෙනෙකුගේ නාසයේ හැඩයෙන් ගෙන දෙන චරිත ලක්ෂණ කවරේද? 

කවරෙකුට හෝ දීර්ඝ මෙන්ම මහත් වූ නාසයක් පිහිටන්නේ නම් ඔහු කාර්ය භාර සංවිධානයේ සමතෙකි. දුටු පමණින් කාගේත් සිත් පිනා යන ඔහු සමාජයේ මහත් ගෞරව සම්භාවනාවට පාත්‍ර වන්නේය. දේශපාලන ක්ෂේත්‍රයට බටහොත් එහි ඉහළටම යාමේ වාසනා ගුණය ඇත්තේය. සතුටු ජීවිතයක් ගත කරන අතර බුද්ධිමත් පුද්ගලයෙක් බව කිව යුතුවේ. 

කාන්තාවකගේ නාසය සිහින්ව ගොස් අගදී බිඳී ඇති බවක් පෙනේ නම් එම තැනැත්තිය දෙස කා තුළත් පි‍්‍රයමනාප බවක් නොපෙනේ. සමාජයේ ගෞරව සැලකිල්ලට ලක් නොවන ඇය සැමියාටද දරුවන්ට ද  එපා වුණු තැනැත්තියකි. ජීවිතය ගැන කළකිරුණු මෙවැන්නියෝ ජීවිතය අවාසනාවන්ත කර ගනියි. 

මුල, මැද, අග අමුතුම චමත්කාරයක් ගන්නා ඉතා ලස්සන හැඩයක් ගත් නාසයක් ඇති තැනැත්තිය කීර්ති, ප්‍රශංසා නම්බුනාම ලබන ධනවතියකි. ඇයට ලැබෙන සැමියා ද එපරිදි වාසනාවන්තය. 

නාසය උස්ව කෙලින් පිහිටි කාන්තාවකට වාසනාවන්ත සැමියෙකු ලැබෙන අතර කරනු ලබන රැකියාවද තෘප්තිමත්ව කරමින් කාගේත් පි‍්‍රයමනාප භාවය ලබමින් ඉක්මනින් උසස්වීම් ලබන්නීය. 

නාසයේ පැතිදෙකෙන් එකක් අනෙකාට වඩා කුඩා නම් ඒ පුද්ගලයා තුළ කාරුණික හදවතක් ඇත. ඉතා ශාන්ත සන්සුන් ගමනින් යුතු අතර, ඉතා නිහතමානි දයාවෙන් පරිපූර්ණ අහිංසක චරිතයකි. 

නාසය වක නම් ඔතෑනි චරිතයකි. කාටවත් කරදරයක් නැත. අවංකය,ආගම දහම ඉහළින් අගයමින් ඊට අනුව ජීවිතය හැඩගස්සා ගනියි. 

නාසයේ අග පැතලි නම් ඇය විශ්වාසයට ගත නොහැක්කියකි. මතුපිටින් අවංක බව පෙන්වන කපටි චරිතයකි. තම අරමුණ ඉටුකර ගන්නට නොකරන දෙයක් නැත. අන්‍යයන් සූක්ෂ්ම ලෙස රවටා ගැනීමේ අපූර්ව හැකියාවක් ඇත්තියකි. 

නාසය කවාකාර වේද උස්ව පිහිටීමක්ද ඇය සමාජ ආශ්‍රයට බර පි‍්‍රයශීලි බුද්ධිමත් චරිතයකි. 

මොළොක් නාසය ඇති තැනැත්තිය අන්‍යයන්ට උදව් කරන, පරාර්ථය උතුම්කොට සලකන්නීය. ඇය සාර්ථක විවාහය ජීවිතයක් ගත කරන්නියකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.