සැප්තැම්බර් 04 වැනිදා ගුරු මේෂ රාශියේ වක්‍ර වෙයි

රාශි දොළහටම සුබවාදී කාලයක් දෙස් විදෙස් දේශපාලනයේ වෙනස්වීම්
සැප්තැම්බර් 1, 2023

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

සිංහ රවි 19 භාග නිකිණි මහේ අව සැටවක තිථිය ලත් සඳු දින රාත්‍රී 07.42ට මේෂ රාශිය තුලා නවාංශකය, බෙරණ නැකතේ 03 පාදය ආශි‍්‍රතව සුරගුරු නොහොත් බ්‍රහස්පති දෙසැම්බර් 31 අලුයම 08.12 තෙක් සෞරග්‍රහ මණ්ඩලයෙහි වක්‍ර වන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි බ්‍රහස්පති කිවි, මීන රාශි උදාවෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ නැප්චූන් වක්‍රව ලග්නගතව ද රාහු සතුරුව චන්ද්‍රයා සම වක්‍ර යුරේනස් සමව මිත්‍රශීලී බ්‍රහස්පති වක්‍රව 02 වැන්න වූ ධනස්ථානගතව ද සිකුරු සතුරුව නිවෘතව 04 වැන්නේ ද වක්‍රව මිත්‍රශීලීව ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව රවි ග්‍රහයා 06 වැන්නේ ද අඟහරු සතුරුව 07 වැන්නේ ද කේතු සතුරුව 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද අයස්ථානගතව ද ප්ලුටෝ සතුරුව වක්‍රව 11 වැන්නේ ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව සෙනසුරු වක්‍රව ද බ්‍රහස්පති මාන්දි ග්‍රහයා ලෙසට ද සෙනසුරු 22 වැනි මාරක ග්‍රහයා ලෙසට ද බුධ බාධක ග්‍රහයා ලෙසට ද විද්‍යාමාන වෙන්නේ ය.

වක්‍ර ග්‍රහ රැල්ලක් හා සතුරු ග්‍රහ රැල්ලක් සමඟ ග්‍රහචාරය දුර්වල වී ඇතත් රාශි දොළහටම ශුභවාදී පැතිකඩක්ද දෙස් විදෙස් රාජ්‍ය යාන්ත්‍රණයන්හි සුබවාදී බවක් දෘශ්‍යමාන වන්නේය. ජන්මරාශි සියල්ලම දිගුකාලීන වූ බ්‍රහස්පති ග්‍රහ චලිතයට ශක්තිය ධෛර්යය සඳහා බ්‍රහස්පති ග්‍රහයා විශේෂ කොට අති ප්‍රබල ආශිර්වාද සෙත් ශාන්ති සමඟ යන්ත්‍ර විද්‍යානුකූල යන්තර දෙකක් පිළිබඳව ද තොරතුරු මේ සමඟම යොමු කෙරෙනු ඇත.

මහා දානපති පරිත්‍යාගශීලී ධනකාරක පුත්‍රකාරක මෙන්ම අධිකරණ සහ විනිසුරු ශාලාද නඩුකාරතුමන්ලා, නීතිඥවරුද සෞරග්‍රහ මණ්ඩලයෙහි දැවැන්තම ග්‍රහයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ පාලනයට යටත් කෙරෙයි. ඥානයට ආධිපත්‍යය දරන බ්‍රහස්පති වක්‍රය ඉතා කෙටියෙන් හැඳින්වීම මෙසේය.

මේෂ රාශියෙහි සිට ඉදිරියට ගමන් කරනු ලබන ග්‍රහයා එසේ යනු ලබන ඉදිරි ගමන නවතා පිටුපසට ගමන් කරන බවක් පෙන්වීමයි. වක්‍රය නවතාදමා නැවතී ඇතිබව පෙනීම නිවෘතියයි. මෙහිදී බ්‍රහස්පති වක්‍රයට පිළියම් ලෙස,

* බෝ වෘක්ෂයකට පූජනීය තත්ත්වයෙන් සැලකීම.

* බෝධිය වටා සතර දළදාව සිහිපත් කොට සතර දළදා පහන් පූජා පැවැත්වීම.

* පූජා කළ යුතු මල්- සියලු කහපාට මල් සහ බෙලිමල්

* නරසිංහ හෝ අභිසම්භිධාන යන්ත්‍ර පැලඳීමට සුදුසුම යන්තර දෙකකි.

* පැලඳීමට සුදුසු මැණික පුෂ්පරාග වෙයි.

* සමන්පිච්ච මල්, සුදු අබ, ඉද්ද කොළ, වැල්මී ආදිය තැම්බූ ජලය ස්නානය යහපත් වෙයි.

* මී පැණි, කහපාට වස්ත්‍ර, ධාන්‍යවලින් සෑදු කෑම වර්ග, දියලුණු, මල් වර්ග, සීනි, කහ දන්දීමට සුදුසුයි.

* ඊශ්වර, කතරගම දෙවියන්ගෙන් පිහිට පතන්න.

* රාජ තරංගනී, යක්ෂභූත, සරස්වතී, තෙයියෝරු ආදී තෙල් වර්ග දියුණුවට අධ්‍යාපනයට සුදුසු පරිදි නමට ලග්නයට නැකතට සකස්කොට යන්ත්‍ර සුරවලට දැමීම එකවර සුදුසුයි.

 

මේෂ රාශිය

ගුරු, චන්ද්‍ර, ගජකේෂරී, බුධ ආධිත්‍ය, ශනි දීප්ත 04, 05, 11 රෝග බලය සමඟ රාහු 01, 07 කේතු කාල සර්ප යෝග බලයද අගෝස්තු 29 පෙරවරු 8.09ට යුරේනස් වක්‍රය සැප්තැම්බර් 04 රාත්‍රී 07.42ට බ්‍රහස්පති වක්‍රය මේෂ රාශිගතව යෙදීම ද ප්ලුටෝ, නැප්චූන්, ශනි, සිකුරු, බුධ, වක්‍ර රැල්ලද මේෂ රාශි හිමියනට බලපානු පෙනීයයි. ආදායම් මාර්ග සරු කෙරේ. 01 රාහු 04 සිකුරු, 06 කුජ, 07 කේතු, 10 ප්ලුටෝ යන ග්‍රහයන් 05 සතුරුවද යෙදී ඇත. හිස, පපුව, යටිබඩ, වකුගඩු, දණහිස්, පාද ආශි‍්‍රත රෝගාබාධක බලපානු ඇත.

 

වෘෂභ රාශිය

ගජ කේෂරී, බුධ ආධිත්‍ය, සස, භද්‍ර, කාල සර්ප, ශනි, දීප්ත යෝග බල ශුභවාදීව පිහිටා ඇත. ධනය, බලය ඇතුළුව උසස්වීම්, විභාග, තුරඟ තරඟ, විජයග්‍රහණද බලපානු ඇත. මෙකී ග්‍රහචාරය මත රැකී රක්ෂා සාර්ථකත්වය සබඳතා විවාහ මංගල සාර්ථකත්වය, සතුටුදායක මුහුණුවරක්ද ගනු ලබයි. උරහිස්, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව රෝගාබාධකයි.

 

මිථුන රාශිය

03 බුධ ආධිත්‍ය 11 ගජකේෂරී 5 - 11 රාහු කේතු කාලසර්ප යෝගය 06 ශනි දීප්ත යෝග බල මිථුන රාශි ජම්මලාභිනට බලපා ඇත. පොදුවේ අධිකරණ, සෞඛ්‍යය, අධ්‍යාපන, විවාහ මංගල සබඳතා රැකියා ආදායම් මාර්ග, භූමි නිවාස ප්‍රශ්න ගැටලු අර්බුධ සඳහා රාශි පලාපලට මුලින් දැක් වූ සෙත්ශාන්ති ආගමික, නවග්‍රහ ක්ෂේත්‍රයනට බරව අප්‍රමාදව නිසි ආයුරින් කර ගැනීම යහපත් වෙයි. ග්‍රහචාරයට අදාළ මුල් කොටස සලකා බැලීමද වැදගත් වෙයි. මුහුණ, පපුව, උදරය, කොන්ද, තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රත රෝග කාරකයි. මිථුන රාශි හිමියනට ධනාත්මක පසුබිමක් උදා කෙරෙයි.

 

කටක රාශිය

රැකියා ආදායම් මාර්ග මුදල් ගනුදෙනු ඇතුළුව ගැටුම්කාරීබවක් උද්ගතවිය හැක. බුද්ධිමත්ව දූර්දර්ශීව තීරණ තින්දු ගත යුතු වෙයි. අර්බුද ගැටුම් ඇති කර ගැනීම ඉතාම අශුභදායක වෙයි. කාලානුරූපව රැකියා ආදායම් මාර්ග කළමනාකරණය කර ගැනීම සුබවාදී වෙයි. සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. හිස, අත්බාහු, උරහිස්, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිසේ ආශි‍්‍රත සාමාන්‍ය රෝගාබාධක ඇතුළුව වරින්වර බලපෑම් සඳහා ඖෂධ භාවිත කිරීම සුදුසුය.

 

සිංහ රාශිය

01 බුධ ආධිත්‍ය, සස, භද්‍ර, ගජකේෂරී, කාල සර්ප, ශනි දීප්ත යෝග බල ආශි‍්‍රතව රැකියා ආදායම් මාර්ගයන් සතුටුදායක වෙනු ඇත. මේෂ රාශි හිමියනට දැක් වූ අශුභවාදී ග්‍රහචාරයන් සඳහා ද මුහුණ, උරහිස්, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධ කෙරෙහි මෙයට වඩා බලපෑම් ආශි‍්‍රත විය හැකි නිසා එකී ශාන්ති කටයුතු කර ගැනීම යහපත් වෙයි. පාලක පිරිස් දුර්වල වෙමින් සේවා අඩපණවීම දෛනික පාරිභෝජන රටාවද පවුල් නඩත්තුව ද අඩපණ බවකට මූලික විය හැකියි. සෞරග්‍රහ මණ්ඩලය මූලික කොටගත් ශාන්ති අප්‍රමාදව කර ගැනීමට ශුභයි.

 

කන්‍යා රාශිය

06, 08, 12 යන ස්ථාන ආශි‍්‍රත බුධ ආධිත්‍ය, ගජකේෂරී, ශනි දීප්ත, කාල සර්ප යෝග බලැතිව කන්‍යා රාශි හිමියනට රැකියා ආදායම් මාර්ග දියුණුව ඇති කෙරේ. ඇරැඹූ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමේ හැකියාව උදාව පවතියි. ගනුදෙනු අංශ ආශි‍්‍රතව දියුණුව සැලසෙයි. දූ දරු ප්‍රශ්න ගැටලු විසඳෙයි. හිස මුහුණ, උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව රෝගාබාධක බහුල කෙරෙයි. ආගමික මෙන්ම ග්‍රහ ශාන්ති කර ගැනීම අතිශය ශුභදායක වෙයි.

 

තුලා රාශිය

හිස, පපුව, යටිබඩ, වකුගඩු, දණහිස් පාද ආශි‍්‍රත වරින්වර රෝගාබාධ මතුවේ. ආගමික මෙන්ම නවග්‍රහයන් ආශි‍්‍රත සෙත්ශාන්ති කර ගැනීමද ඉතා යහපත් වෙයි. ආරම්භක ව්‍යාපාර කටයුතු රැකියා ආදායම් මාර්ග, උසස්වීම්, ඥාති හිතෛෂි උත්සව, පුණ්‍ය කටයුතු සඳහා ආරාධනා ප්‍රබලව ලැබෙනු ඇත. 05, 07, 11 යන රාශිගත ස්ථාන දියුණුව සලසයි.

 

වෘශ්චික රාශිය

04 සස, 10 බුධ ආධිත්‍ය භද්‍ර ශනි දීප්ත කාල සර්ප ගජකේෂරී යෝග බල යෙදුණු ගුරවක්‍ර කාල පරාසය යහපත සෙත ශාන්ති උසස්වීම් ලැබෙනු පෙනී යයි. නොසන්සුන් අවිවේකීබවක් ග්‍රහ වක්‍රයෙන් පෙනී යයි. දෙසැම්බර් 31 පෙරවරුව දක්වා ගුරු වක්‍රයෙහි අනිටු පල විද්‍යාමාන කෙරෙයි. රාශි දොළසටම මෙකී ස්වභාවය යෙදී ඇති බවක් පෙන්නුම් කෙරෙයි. දැඩි මානසික සංයමයද ආගමික මෙන්න නවග්‍රහ සෙත් ශාන්ති කටයුතු කර ගැනීමද ශුභදායකයි.

 

ධනු රාශිය

05 ගජකේෂරී 09 බුධ ආධිත්‍ය, ශනි දීප්ත යෝග බල සුබවද කාල සර්ප යෝගබලය අශුභවද මේෂ රාශියට පෙන්වා ඇති වක්‍ර සතුරු ග්‍රහබලවේගද දෙසැම්බර් 31 දක්වා බලපානු ලබන ගුරු වක්‍රය කෙරෙහි අවධානයටද වැදගත් වෙයි. ආගමික මෙන්ම නවග්‍රහ සෙත් ශාන්ති අප්‍රමාදව කර ගැනීම ඉතා සුබවාදී වෙයි. ධනු, මීන අධිපති බ්‍රහස්පති සැප්තැම්බර් 04 වක්‍රය මාස 04 පුරාවට ඉදිරියට බලපානු ඇත. හදිසි තීන්දු ගැනීම ද ආවේශීලීබවද මර්දනය කරගත යුතුව ඇත. මුහුණ, පපුව, උදරය, කොන්ද, තුනටිය, ඉල දෙපස, දණහිස්, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධක බලපානු ඇත.

 

මකර රාශිය

මකර රාශි හිමියනට උසස්තම දියුණුවක්, උදාකරනු පෙනී යයි. පෞද්ගලික ව්‍යාපාරිකමය සේවා සමඟ රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව මනාවු කළමනාකරණය උසස් දියුණුවකට හේතු සාධක වෙයි. සබඳතා විවාහ කටයුතු සහ සමාජයීය කාර්යභාරයන්ද උසස් ප්‍රගතියක් තරා යොමු කෙරෙයි. පදිංචි ස්ථානයෙහි සමාරම්භක කටයුතු රැසක් ඵල ගැන්වෙයි. 04 ගජකේෂරී 09 බුධ ආධිත්‍යය කාල සර්ප ශනි දීප්ත යෝගබල උදාව පවතිනු පෙනෙයි. නවග්‍රහ ශාන්ති ආගමික ශාන්තිකර්ම කර ගැනීම යහපත්ය.

 

කුම්භ රාශිය

සස, බුධ ආදිත්‍ය, බුධ භද්‍ර, ගජකේෂරී, ශනි දීප්ත, සුබවාදී යෝග බලද උසස් දියුණුව සඳහා ග්‍රහණය කෙරෙයි. රැකියා ආදායම් මාර්ග කටයුතු සාර්ථක කෙරෙනු ඇත. පවුල්වල දියුණුව නිවාස, භූමිවල දියුණුව සඳහා දැඩි උත්සාහය උනන්දුවක් ඇති කර ගනු ලබයි. වක්‍ර සතුරු ග්‍රහචාර සඳහා නිසි ශාන්ති කටයුතු අප්‍රමාදව කර ගැනීම යහපත් වෙයි. මුහුණ, උරහිස්, යටිබඩ, කොන්ද තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධ වරින්වර උදාවිය හැක. රැකියා, ව්‍යාපාර ආශි‍්‍රතව දැඩි අවධානයට තුඩුදීම ඉතා ශුභයි.

 

මීන රාශිය

මීන, ධනු රාශි යුගලට අධිපති බ්‍රහස්පති සැප්තැම්බර් 04 උදෑසන වක්‍ර වී දෙසැම්බර් 31 පෙරවරු 08.12 ට නිවෘත වෙනතුරාවට බාධක අවහිර දුෂ්කරතා මතුවිය හැකිය. මීනයට ලග්න සෙනසුරු ඒරාෂ්ටකයද, අෂ්ටම සෙනසුරු මාරක ඒරාෂ්ටකයද, කාල සර්ප යෝග බලයද යෙදීම අශුභදායකයි. 02 ගජකේෂරී, ශනි දීප්ත යෝගය 06 බුධ ආධිත්‍ය යෝග බලය ශුභදායකයි. වක්‍ර සතුරු ග්‍රහ රැල්ලට අනුව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වෙයි. උසස්ම දියුණුවක් උදාවෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.