24 වැනිදා ඥානකාරක බුධ වක්‍ර වෙයි

ලේඛන කලා‍ෙව්-තාක්ෂණයේ නව නිර්මාණ රැසක්
අගෝස්තු 18, 2023

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට යළි අස්ත වන අතර, සැප්තැම්බර් 16 වැනිදා සෙනසුරාදා දක්වා දින විසි හතරක් පුරා මේ වක්‍ර ගමන යෙදේ. බුධ ග්‍රහයා සාමාන්‍යයෙන් වසරකට තෙවරක් වක්‍ර වෙයි.

බුධගේ වක්‍ර කාලසීමාවලදී සාමාන්‍යයෙන් සන්නිවේදන කාර්යයන් සඳහා අවහිර බාධක ඇතිවන අතර, ගැටුම්කාරි ස්වභාවයක් ලොව පුරා දක්නට ලැබෙනු ඇත. මේ ග්‍රහ ගමන නිසා බොහෝදුරට සංචාරක ක්ෂේත්‍රයේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතුවනු ඇත. ලෝක දේශපාලන කරළියේ නොසිතූ විරූ වෙනස් සිදුවීම් නොවැළැක්විය හැකිය.

කෙසේ වුවද නව නිර්මාණ රැල්ලක් මතුවනු ඇත. ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් මෙන්ම චතුර කථිකයන්ට බාධක අවහිරතා මතුවන සමයකි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට මෙන්ම ප්‍රචාරක අංශවලට දැඩි අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇත. සමාජය පුරා වසංගත පැතිරී යාමටද දැඩි අවදානමක් පවතී.

මේ සියල්ල ජය ගැනීමට සියලු දෙනා එකාවන්ව ධාර්මික ජීවන රටාවකට හුරුවීම අත්‍යාවශ්‍ය කාල පරාසයකි.

 

මේෂ රාශිය

සිතිවිලි මෙන්ම ක්‍රියාකාරකම්වලදී බුද්ධිමත් තීරණ තීන්දු ගැනීම මෙන්ම දූරදර්ශී ලෙස කටයුතු කිරීම ශුභවාදි වෙයි. අධ්‍යාපන, සෞඛ්‍යය, පරිසර , රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව මන්දගාමී නොවී කටයුතු කිරීමෙන් තමන්ට ද අන්‍යයන්ට ද නව ජීවන ගමන් මඟකට පෙර සූදානමක් සකස් කර ගත හැකි වෙයි.

 

වෘෂභ රාශිය

හදිසි තීරණ තීන්දු ගැනීම අවදානම් සහිත බවක් පෙන්නුම් කරයි. ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම දෛනික අවශ්‍යතාව සඵල කර ගැනීමෙහි විජයග්‍රාහි මාවතයි. හදිසි ආපදා විපත්ති දුරුව යාමට සාමකාමී මානසික තත්ත්වයකින් යුතුව හා ක්‍රියාකාරීවන්න.

 

මිථුන රාශිය

හිස, මුහුණ, උරහිස්, පපුව, යටිබඩ, කොන්ද, තුනටිය, කලව, දණහිස්, පාද ආශි‍්‍රතව වරින්වර වේදනා මතු කෙරෙයි. සොර සතුරු බලවේග මර්දනයට ඉවසීම වැදගත් බවක් උසුළයි. සමාජගත ඇසුරෙහිදී හදිසි කෝපය, විනාශය මූලික කොටගත් තීරණ තීන්දු දුරු කළ යුතු කාල පරාසයකි.

 

කටක රාශිය

ශාරීරික මානසික වශයෙන් දැඩි විවේකයත් සංසුන් බවත් අවශ්‍ය කාල පරාසයකි. තීරණ තීන්දු කෙරෙහි දෙවරක් සිතා මතා ක්‍රියාත්මක වීම යහපත් වෙයි. ඇසුරු කරන උදවියගේ උපාය මාර්ග කෙරෙහි මුලා නොවී කටයුතු කරළීමට කල්පනාකාරී වන්න.

 

සිංහ රාශිය

හිස, මුහුණ, උරහිස්, යටිබඩ, කොන්ද, තුනටිය , පාද ආශි‍්‍රතව වරින්වර වේදනා ගෙන දෙයි. ගනුදෙනුවලදී ඉවසීමෙන් හා බුද්ධිමත් බවින් යුතුව ක්‍රියා කළ යුතු කාල පරාසයකි. බොහෝ දුරට ඇසුරු කෙරෙන සමාජ තලය කෙරෙහි කරුණා, මුදිතා ගුණයෙන් යුතුව කටයුතු කරන්න. ආරම්භ කරන ලද කටයුතු බාධක අභියෝග අතරින් වූ ජයග්‍රහණය කෙරෙන බවක් පෙනී යයි.

 

කන්‍යා රාශිය

හවුල් කටයුතුවලින් උසස් දියුණුවක් මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව දූරදර්ශීව බුද්ධිමත්ව ක්‍රියාකාරි විය යුතු විෂම කාල පරාසයකි. හදිසි තීරණ තීන්දු නොගැනීම මෙන්ම අවදානම් ක්‍රියා කලාපයන්ගෙන් දුරස්ත වීම යහපත පිණිස හේතුවෙයි. නිර්මාණශීලි ව්‍යාපාර, රැකියා කටයුතුවලින් උසස්, දියුණුවක් උදා කෙරෙනු ඇත. හදිසි තීන්දු තීරණ ගැනීමෙන් දුරුවීම වැදගත් වෙයි.

 

තුලා රාශිය

රැකියා ආදායම් ආශි‍්‍රතව යම් යම් බාධක අවහිර උත්සන්න විය හැකිය. දිගුකාලීන සැලසුම් තිරසාර ක්‍රියාකාරකම් වැඩි දියුණුූ කොටගෙන ඉදිරියට යෑමට හැකියාව ඇත. ගෘහ ජීවිතයෙහිද ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් පෙන්නුම් කෙරෙයි. අපවාද, නින්දා අවහිර සිතට නොගෙනු සාමකාමි බවෙන් කාලය ගත කරන්න.

 

වෘශ්චික රාශිය

විභාග, තරග සම්මුඛ පරීක්ෂණ මෙන්ම රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව බාධක අවහිරතා මතුවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වෙයි. උත්සාහය, උනන්දුව සහ ජයග්‍රාහී මානසිකත්වයකින් ජීවිතයට මුහුණදීම සැනසුම සතුට උදා කරයි. ඍජුබව, අවංකකම, සාමකාමී බව වර්තමානයෙහිදී උසස් කොට සළකන්න.

 

ධනු රාශිය

හිස, මුහුණ, උරහිස්, උදරය, කොන්ද, තුනටිය, දනහිස්, පාද ආශි‍්‍රත වේදනා, දැවිලි පිච්චිලි වරින්වර මතුවිය හැකිය. රැකියා ආදායම් මාර්ග ස්ථානයන්හිදී ඇසුරු කරන්නන් කෙරෙහි හදිසි තීරණ ,තීන්දු ගැනීමේදී කෝපය දුරුකොට ගැනීම වැදගත් වෙයි. අවදානම් කටයුතු මඟහරවා ආරක්ෂිත පසුබිම කෙරෙහි මූලිකත්වය ලබාදීම වැදගත් වෙයි.

 

මකර රාශිය

නිර්මාණශීලි ක්‍රියාකාරකම්හිදි දෙතුන් වරක් සිතා මතා ක්‍රියාකාරි වීම සැනසුම සතුට , පී‍්‍රතිය ළඟා කරදෙනු ඇත. තැන්පත් ධනය, දේපළ වස්තු කෙරෙහි අවදානම් තීරණ ගැනීම එතරම් ශුභ නොවේ. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබයි. ආදායම් මාර්ග කීපයක්ම සතුටුදායක බවක් ගනු ඇත.

 

කුම්භ රාශිය

පවුල් දිවියෙහි බාධක අවහිර දුෂ්කරතා මතුවිය හැකිය. සබඳතා මංගල කටයුතු ප්‍රමාද කෙරෙයි. රහස්‍ය කටයුතු මතු කෙරෙයි. නව නිර්මාණ කෙරෙහි අවධානය යොමු කළහොත් උසස් තත්ත්වයක් මතුවනු ඇත. සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක කෙරෙනු ඇත. තීරණ, තීන්දු ගැනීමේදී මධ්‍යස්ථ ලෙස ක්‍රියාත්මකවීම ශුභවාදි වෙයි.

 

මීන රාශිය

සතුටුදායක බව දුරස්ථ විය හැකි කාලයෙකි. නිර්නාමික, නාමික සොර සතුරු උවදුරු සහ කට කතා කෙරෙහි අවධානය යොමු කර කටයුතු කිරීම මෙන්ම තීරණ තීන්දුවලදී ඉවසීමෙන් කටයුතු කිරීම සුබවාදී වෙයි. සෞඛ්‍යය, ආර්ථිකය, පිළිබඳ තීරණ ගැනීමේදී දූරදර්ශී විය යුතුව ඇත. දාර්ශනික මතවල පිහිටා ක්‍රියා කළ යුතු කාල පරාසයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.