පරාක්‍රමබාහු මහ රජතුමා උපුල්වන් දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා ආරම්භ කළ දෙවිනුවර ඇසළ මහ පෙරහර 

අගෝස්තු 7, 2020

දඹදෙණියේ රාජශි‍්‍රයට පත් පරාක්‍රමබාහු මහරජතුමා චන්ද්‍රභාණු නම් රජ කෙනෙකුගෙන් රට බේරාගැනීම සඳහා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙම ඇසළ පෙරහර පවත්වා ඇත. දෙවිනුවර වැඩ සිටින උපුල්වන් දෙවියන්ට පවත්වන ඇසළ මහා පෙරහර මෙරට පැවැත්වෙන පැරණිම ප්‍රජා පෙරහරක් ලෙස ද පිළිගැනේ. 

පළමුවරට දෙවිනුවර ඇසළ මහ පෙරහර පවත්වා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ එක්දාස් දෙසිය පනස් අටේදී බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ.පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ මංගල කප් සිටුවීමෙනි. පැරණි චාරිත්‍රානුකූලව ඇසළ පෙරහර පවත්වා අවසානයේදී දේව තොවිලය හෙවත් කෝල්මුරයාගය හා මහාදානය පවත්වා උපුල් දෙවියන් ප්‍රධාන තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ට පින් අනුමෝදන් කර ඇසළ මහ උත්සවය අවසන් කෙරේ. 

දෙවිනුවර ඓතිහාසික ප්‍රදේශය රාජධානියක් බවට පත්කරනු ලැබුවේ ක්‍රි.ව. හයසිය පනස් නමයේදී රජ පැමිණි පළමුවන දප්පුල රජ සමයේදීය. ලංකා රක්ෂක උත්පලවර්ණ දෙවියන්ගේ ප්‍රතිමාවක් ප්‍රථම වරට කරවූයේද දප්පුල රජතුමා විසිනි. දෙවිනුවර අති විශාල පූජනීය නගරයක් බව සන්දේශ හා ශිලා ලේඛනවලින් පැහැදිලි වේ. දාගැබ්, වටදාගේ, බෝධීන් වහන්සේ, පිළිම ගේ, සමාධි පිළිමගෙය,ගලතුරුමුලයාය පිරිවෙන් හා ආවාස, මාවර මණ්ඩපය , ගණේෂ කෝවිල, උපුල්වන් දේවාලය සහ ගල්ගේ මේ අතර ප්‍රධාන වශයෙන් ගණන් ගෙන ඇත. දෙවිනුවර උපුල්වන් දේවාලයට හා විහාරයට රාජ අනුග්‍රහය දිගටම ලැබිණ.දෙවිනුවර දේවාලය ඉතා බල සම්පන්න අනුහස් තියෙන පුදබිමක් බව එදා මෙන්ම අදත් විශ්වාසයේ පවතී. විෂ්ණු දේවාලයේ පිහිටි දෙවියන්ගේ දෙනෙත් බැල්ම මහමුහුද දෙසට පැවතීම නිසා ධීවරයින් පුද පූජා නොපවත්වා කිසිවිටකත් තම ධීවර යාත්‍ර මුහුදට දියත් නොකරති. අතීතයේදී ගිරිහෙල් පුරය වශයෙන් ද දෙමළ බසින් තෛවාන්තුරෙයි ලෙස ද හඳුන්වා ඇත. 

දෙවිනුවර ඉතිහාසයේ වැදගත් ඓතිහාසික කරුණු බොහෝය. ඒ අතර ඉන්දියාවේ සිට පැමිණි ඊෂ්වර දෙවියන්ගේ පුත්‍රවූ කඳකුමරු පැදවූ ගල්පහුර ළඟාවී ඇත්තේ ද දෙවිනුවර සිංහාසන වැල්ලටයි. කඳකුමරු එදා මේ ලක්දෙරණේ දෙවිනුවරට පැමිණ ඇත්තේ ඊශ්වරයන් ගේ මහාබලගතු වේල් ආයුධය ද රැගෙනය. එම බලගතු ආයුධය රැගෙන ගිය කඳකුමරු එය දුටුගැමුණු රජුට දීමෙන් පසු කරනු ලැබූ සටනින් ජය අත්වී දුටුගැමුණූු කුමරු අනුරාධපුර රාජශි‍්‍රයට පත්වූ බව ද සඳහන් වේ. දෙවිනුවරට දෙවියන් ඒම පිළිබඳව ජනකථා රැසක්ම පවතී. ඈත අතීතයේදී මහ මුහුදේ ඈත සිට ගොඩබිමට දෙසට මුහුදු රළ පහරින් කිහිරි වැල්ලට පාවෙමින් ආ කිහිරි කොටයක් දැක මුහුදු වෙරළේ සිටි අය එය ගොඩගැනීමට මත් වෙහෙසක් දැරීය. එහෙත් එය කෙසේවත් ගොඩගැනීමට නොහැකි විය.මේ නිසා එම පුවත. දෙවිනුවර රජකළ දා පුළුසෙන් රජුට දන්වා සිටින ලදී. එම පුවත ලද විගස රජු මුහුදු වෙරළට එන ලදී. එහිදී මුහුදු රළ සමඟ පාවෙමින් තිබූ කිහිරි කොටය රජු සිටින දෙසට පාවී ආවේය. 

එය ගොඩගත් පසු රජුගේ නියමයෙන් කිහිරි කොටය පෙරහරින් දේවාල භූමියට ගෙනෙන ලදී. අනතුරුව එම කිහිරි කොටයෙන් දේවරූපයක් නෙළන ලෙස වඩුවන්ට පැවරීමට නියම කළේය. තවත් කථාවකින් කියවෙන්නේ දප්පුල රජු සිහිනෙන් කිහිරි කොටයක් පාවී එනු දැක ඇති බවත් එය දෙවියන්ගේ බලයෙන් සිදුවූ බවත් දැන කිහිරි වැල්ලට ගොස් කිහිරිකඳ පෙරහරින් රැගෙන ආ බවත් මෙසේ වැඩමවාගෙන ආ කිහිරි කදෙන් දේවරූපයක් නෙළීම සඳහා වඩුවන් ගෙන්වන ලදී. වඩුවන් සුදානම්ව කොටය කැපීමට කියත් ළං කරත්ම ඒවා ළංකිරීමට නොහැකිවීම නිසා කිසිවකුත් දේවරූපය නෙළීමට ඉදිරිපත් නොවීය. මේ නිසා රජු නැවතත් කිහිරි කඳෙන් දේවරූපයක් නෙළීමට හැකි වඩුවකු සිටීමට නම් වහාම පැමිණෙන ලෙස නුවර වටා රජ අණ පතුරුවා හරින ලදී. ඒ අණ අනුව රජ මාලිගාවට වයෝවෘද්ධ එතරම් පි‍්‍රයමනාප නැති පුද්ගලයකු කියත් හා වෙනත් වඩු උපකරණ ද රැගෙන පැමිණියේය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.