ඔබත් උපන්නේ අප්‍රේල් මාසයේ 19 සිට 25 දක්වා දිනෙකද?

අප්‍රේල් 26, 2024

අප්‍රේල් 19 වැනිදා

අප්‍රේල් මාසයේ 19,වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ජීවිතයේ ඉහළ නැගීමේ ආශාවන් සහිතව කටයුතු කරන අයෙක් වන අතර එසේම එම ආශාවන් සාර්ථක ලෙස ඉටුකර ගැනිමේ හැකියාවක් ඔබ සතු වේ. නිර්මාණාත්මක හැකියාවන් උපතින්ම ඔබ සතුවන අතර සියලුම කටයුතුවලදී දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. සියලුම ස්ථානවලදී ඔබට නායකත්වය හිමි වේ. ඔබේ මතය අනුවම කටයුතු කරන්නේ නම් ඉතා සාර්ථක ප්‍රථිපල නෙලා ගත හැකිය. ආදරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇති විය හැකි අතර, එයට හේතු වන්නේ ඔබ එක අරමුණක ගමන් කිරීමයි. ආර්ථික කටයුතු ස්ථාවර නොවන නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

අප්‍රේල් 20 වැනිදා

අප්‍රේල් මාසයේ 20,වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ තුළ පරස්පර විරෝධි ගතිගුණයන් දක්නට ලැබේ. දැඩි අධිෂ්ඨානශීලිබව සහ ස්වාධින බවත් නිර්මාණාශීලි බවත් ඔබ සතුය. ඔබ සම්ප්‍රදාය ප්‍රිය කරන් නේ නැත. නමුත් හොඳ සංවිධාන ශක්තියක් ඔබ සතුය. එම නිසාම අනිත් අයව හොඳින් පාලනය කිරීමේ සුදුසුකම ඔබ ලබා ගනිති. රජයේ රැකියාවක නියැළෙන්නේ නම් පමණක් එකම රැකියාවක නියැළෙන අතර නැතිනම් වරින් වර රැකියාව වෙනස් කිරීම ඔබගෙන් දැකිය හැකිය. සියලු ආර්ථික කටයුතු සඳහා තනියම යොමුවන්නේ නම් ඉතා සාර්ථක කර ගත හැකිය. විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇත. උණ රුධිරගත ආබාධ කුඩා බිබිලි ආදි අසනීපයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතී.

අප්‍රේල් 21 වැනිදා

අප්‍රේල් මාසයේ 21 වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර, එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ ගුරු ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ අන් අය අභිබවා යාමේ අරමුණු සහිත පුද්ගයකු වන අතර කෙසේ හෝ තම අභිලාෂයන් ඉටුකර ගැනීමේ ශක්තියක් ඔබ සතු වේ. කුජ සහ ගුරුගේ බලපෑම නිසා නිරන්තරයෙන් අන් අය පාලනය කිරීමට උත්සාහ කරන අතර, එවැනි සංවිධාන නිරන්තරයෙන් ඇති කර ගනී. ඔබ අන් අය යටතේ කටයුතු කිරීමට කැමැති නැත. නීතිය සම්බන්ධයෙන් ස්වාධිනව කටයුතු ඔබගේ ක්‍රමය වේ.එම නිසාම සතුරන් මෙන්ම මිතුරන්ද ඇති වේ. සමාජය වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වන අතර මේ ඔබගේ යෝජනා අදහස් ඒ වෙනුවෙන් ඉදිරිපත් වේ. මැදි වයසෙන් පසුව අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධයන්ට ගොදුරු විය හැකි නිසා ප්‍රවේසම් විය යුතුය. හොඳ ආර්ථික මට්ටමක් ගොඩනඟා ගැනීමට හැකි අතර නිශ්චල දේපළ සඳහා මුදල් ආයෝජනය යහපත් වේ.

අපේ‍්‍රල් 22 වැනිදා

අප්‍රේල් මාසයේ 22 වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය 4 වන අතර, එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ සම්ප්‍රදාය ප්‍රිය කරන්නේ නැත. ගවේශනශීලිව කරුණු හැදෑරීමට ඔබ කැමැතිය. එසේම සාහිත්‍යය කෙරෙහි ද දැඩි ඇල්මක් ඔබ දක්වන අතර ඔබටම ආවේණික වු ආගම ඇදහීමක් ද සහිත වේ.

අවවාද ඔබ පළිගැනීමට ඔබ කැමැති නැත. සෑම මතයකටම විරුද්ධ මතයක් ඉදිරිපත් කර තර්කයක් ගොඩනැගීම ඔබගේ ක්‍රමය වේ. සමාජයට රිදෙන ලෙස කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වුවද සමාජය විසින් මේ ඔබව රිදවන්නේ නැත. සාර්ථක කාල පරිච්ජේදයක් මෙන්ම අසාර්ථක කාල පරිච්ජේදයකට ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදු වේ. සෞඛ්‍යමය වශයෙන් සොයා ගැනීමට අපහසු රෝගාබාධවලට ලක්වීමට පැහැදිලි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

අප්‍රේල් 23 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි.එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ ජිවිතයේ සාර්ථක හො අසාර්ථක භාවය රදා පවතින්නෙ ඔබගේ ස්වභාවය සහ ක්‍රියාකලාපයන් මතය. ඔබ ඉතා බුද්ධිමත් දක්ෂ ඒ වගේම නම්‍යශීලි පුද්ගලයකු වේ. උසස් අන්දමින් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා නිවැරැදි ලෙස තම මනස පාලනය කළ යුතුය. ඔබ ඉතා වේගවත් බව නිසා ඕනෑම දෙයක් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල හැකියාවක් සතු කරගෙන සිටි. සෙල්ලක්කාර බව නිසා මුදල් විනාශ වීමට පැහැදිලි ඉඩකඩක් පවතී. ප්‍රබල වැඩ අධික බව නිසා ඔබට මානසික ආතති තත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

අප්‍රේල් 24 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ කුජ ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ. ඔබ ඉතාමත් අවංකය. පරිත්‍යාගශිලි බව ඔබ සතුවන අතර ඔබට ආදරණීය උණුසුම් හදවතක් ඇත. විරුද්ධ ලිංගික ආකර්ෂණය නිබඳවම ඔබට හිමි අතර, සරාගීබව ඔබ තුළ දක්නට ලැබේ. පරිත්‍යාගශීලී බව නිසා උදවු ඉල්ලන අයට නිබඳවම ඔබගේ උපකාරය හිමි වේ. පවතිනවාට වඩා හොඳින් ඉහළින් ජීවත් වීම ඔබගේ ස්වභාවය වේ. කලාත්මක අංශවලට වැඩි නැඹුරුවක් ඇති බැවින් එම අංශවලදි වඩාත් සාර්ථක වේ. ඉක්මනින් විවාහය සිදුවන අතර පළමු විවාහය අසාර්ථක වේ. එම නිසා විවාහය සම්බන්ධ කටයුතුවලදි ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. හිස හා සම්බන්ධ රෝග තද බල හිසරදය, උගුර, කන, නාසය සම්බන්ධ රෝග වැලදීමේ පැහැදිලි ඉඩකඩක් පවති.

 

අප්‍රේල් 25 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ සමාජීය සහ ආගමික කටයුතුවලට කැපවෙන ස්වාධීන මතවාද දරන කලාකාමි අයෙකු වේ. සංචාරයට ඔබ බෙහෙවින් ප්‍රිය වීම නිසාම නිතරම පදිංචි ස්ථාන වෙනස් කරයි.ගුප්ත විද්‍යාව පිළිබද හැදැරීම් කරන අතර මනස මෙහෙයවන ටෙලිපති වැනි දේ පිළිබඳ ව උනන්දුව කටයුතු කරයි. කලාව සම්බන්ධ කටයුතුවලට මේ අයගේ සම්බන්ධයක් පවතින අතර සංගීතය සංගීත භාණ්ඩ වාදනය වගේම නව නිර්මාණ පිළිබඳව හැකියාවක් පවතී. ආර්ථිකය එතරම් ස්ථාවර නොවේ. ආදරය සම්බන්ධ කටයුතුවලදි ඔබ පීඩාවට පත් වේ. සෞඛ්‍යමය වශයෙන් සෙම් රෝග, උණ, මැලෙරියාව ආදි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බැවින් ප්‍රවේසම් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.