ඔබත් උපන්නේ අප්‍රේල් 26 සිට මැයි 05 දක්වා දිනෙකද?

මැයි 3, 2024

අප්‍රේල් මාසයේ 26 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරන බැවින් වෘෂභ රාශි අධිපති සිකුරු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ජීවිත කාලය පුරාම දෛවෝපගත සිදුවීම්වලට ඔබට මුහුණ දීමට සිදු වන බැවින් ඉතාම තීක්ෂණව කටයුතු කිරීම මඟින් එවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. නමුත් සියලු කටයුතුවලින් ඔබ පන්නරය ලබන අතර, ඔබේ ප්‍රධාන වත්කම වන්නේ අධිෂ්ඨාන ශක්තියයි. ව්‍යාපාරික ඥානය ඔබ සතු වුවද සහකරුවන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් විය යුතුය. උගුර, කන, නාසය, පෙනහලු සම්බන්ධ රෝග ඇතිවිය හැකිය.

 

අප්‍රේල් මාසයේ 27 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරන බැවින් වෘෂභ රාශි අධිපති සිකුරු ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබට පෞද්ගලික ආකර්ෂණ ශක්තියක් ඇති නිසාවෙන් විරුද්ධ ලිංගික සම්බන්ධතා රාශියක් ඇති වේ. එම නිසාම විවාහය අසාර්ථක වීමට ඉඩ ඇත. කැපුම්, පිලිස්සීම වැනි ආපදාවන්ට ජීවිත කාලය පුරාම මුහුණ දීමට සිදු වේ. එම නිසා ප්‍රවේසම් විය යුතුය. ක්‍රීඩාව සඳහා ඔබේ වැඩි කැමැත්තක් ඇති අතර, එවැනි කෙෂත්‍රයකින් ඉහළ යා හැකිය. ශල්‍යකර්මවලට භාජනය වීමට ඉඩ ඇති අතර, හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමට ද ඉඩ ඇත.

 

අප්‍රේල් මාසයේ 28 වැනි දින

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරන බැවින් වෘෂභ රාශි අධිපති සිකුරු ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබගේ ආත්ම විශ්වාසය ස්වාධින අදහස් නිසා ජනතාව ඒකරාශි කරගෙන කරන කටයුතු ඉතා සාර්ථක විය හැකිය. එසේම ඔබට වෘත්තිය සමිති නායකයකු ලෙස ඉතා හොඳ සේවාවක් ලබාදීමට හොඳ හැකියාවක් ඇති අතර, ඔබ අරමුණු අවසන් වන තෙක් තම කටයුතු අතහරින පුද්ගලයකු නොවේ. ව්‍යාපාරවලදී දැරීමට නොහැකි විශාල ව්‍යාපෘතින් ඇරඹීම සඳහා ඔබ උත්සාහ කිරීම දැකිය හැකිය. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි නමුත් වුවමනාවට වඩා මහන්සි වීම නිසා ශරීරය දුර්වල වේ.පෙනහලු රෝග ඇතිවිය හැකිය. එසේම ස්නායු ආතතිය සහ ස්නායු ආබාධ ඇතිවිය හැකිය.

 

අප්‍රේල් මාසයේ 29 වැනි දින

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරන බැවින් වෘෂභ රාශි අධිපති සිකුරු ග්‍රහයාගේ මෙන්ම සඳු සහ නෙප්වූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වීම සිදුවේ. මිතුරන් බොහෝ පිරිසක් ඔබට සිටින අතර විරුද්ධ ලිංගිකයන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබේ. එසේම ප්‍රබල ඉව ශක්තියක් ඔබට ඇති අතර ඕනෑම අයෙකු පිළිබඳ විශ්ලේෂණය කර ගැනීමට හැකියාව ඇත. භුමිය සම්බන්ධ කටයුතුවලින් ආදායම් ලැබීම සිදු වේ. නමුත් ජීවිත කාලය පුරාම ආදායම දෝලනය වන බව අමතක නොකළ යුතුය. එම නිසා අනවශ්‍ය වියදම් ගැන සැලකිලිමත් විය යුතුය.

 

අප්‍රේල් මාසයේ 30 වැනි දින

අප්‍රේල් මාසයේ 30 වෙනි දින උපන් ඔබේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා වෘෂභ රාශිගතව ගමන් කරන බැවින් වෘෂභ රාශි අධිපති සිකුරු ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. චිත්‍ර සංගීතය සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක් ඔබ සතුවන අතර ආර්ථික සම්බන්ධ කටයුතුවලදී එයින් ප්‍රයෝජනය ගත හැකිය. ඉක්මනින් මුදල් උපයන අදිටනින් සූදුව වැනි දේට ආයෝජනය නොකළ යුතුය. කුමන ක්‍ෂේත්‍රයක සිටියත් ඔබ එම ක්ෙ‍ෂ්ත්‍රයේ ගරු සම්මානවලට පාත්‍ර වේ. ජීවිතයේ මුල් කාලයේ සෞඛය ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. උගුරේ මෙන්ම ශ්වාසනාල ආශ්‍රිතවත් යම් යම් ආබාධ දැකිය හැකිය.

 

මැයි මාසයේ 01 වැනි දින

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයාගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙදින උපන් ඔබ ප්‍රබල චරිත ලක්ෂණවලින් හෙබි පුද්ගලයකු වන අතර වඩා තියුණු මානසික ශක්තියක් ඔබ සතුය. එසේම නව නිර්මාණ බිහිකිරීමේ හැකියාවකින්ද යුක්ත වේ. මුදල් කටයුතුවලින් සාර්ථක වන අතර, සුඛෝපභෝගි භාවය සහ අධික වියදම් සහිතව කටයුතු කිරීම ඔබගෙන් දැකිය හැකිය.යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි නමුත් වුවමනාවට වඩා මහන්සි වීම නිසා ශරීරය දුර්වල වේ. පෙනහලු රෝග ඇති විය හැකිය. එසේම ස්නායු ආතතිය සහ ස්නායු ආබාධ ඇතිවිය හැකිය.

 

මැයි මාසයේ 02 වැනි දින

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම සඳු නෙප්චූන් ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ඉතාම සෞම්‍ය ගතිගුණ ඇති පුද්ගලයකු වන අතර, ඉතාම නිර්මාණශිලි බවක් ඔබ තුළින් දැකිය හැකි වේ. එසේම නිර්මාණශීලිත්වය දක්ෂතා වශයෙන් සාහිත්‍ය, චිත්‍ර, සංගීතය වැනි අංශවලට පමණක් සීමා නොවී වේදිකාව මතද දැකිය හැකිය.හොඳ හදවතක් ඇති ඔබ ගුප්තවිද්‍යා විෂයන්ට ප්‍රබල කැමැත්තක් දක්වයි. සංචාරයට ප්‍රියකරන අතර පදිංචියේ වෙනස්කම්වලට ඔබට මුහුණ දීමට සිදු වේ. සෞඛ්‍යමය වශයෙන් සෙම් රෝග, පෙනහලු ආබාධ, ශ්වසන පද්ධතියේ විවිධාකාරයෙන් මතුවන සෙම පිළිබඳ ගැටලු ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. කන්වල දෝෂ ඇති වේ.

 

මැයි මාසයේ 03 වැනි දින

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර, එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ඉහළ නැගීමේ දැඩි ආශාවෙන් යුක්ත පුද්ගලයකු වන අතර, ඔබ තමන්ට වඩා උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට පෙළඹේ. ඔබ අයුත්තියට හිස නමන්නේ නැත. ආගම සම්බන්ධ කටයුතුවලදි ඉතා ස්වාධීන අදහස් දරන අතර විවාහය සම්බන්ධයෙන් ගැටලු රාශියක මුහුණ දේ. බොහෝවිට විවාහ තුනක් පමණ සිදුවීම බලාපොරොත්තු විය හැකිය. ආදර සම්බන්ධතා අසාමාන්‍ය මුහුණුවරක් ගනී. ආර්ථික සම්බන්ධ කටයුතුවලදී ජීවිතයේ වරින් වර ඉහළ නැඟිය හැකි ඉතාම හොඳ අවස්ථා ලැබෙන අතර, ඒවායින් ප්‍රයෝජනය ගත යුත ªවේ. ජීවිතයේ මුල් කාලයේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. උගුරේ මෙන්ම ශ්වසනාල ආශ්‍රිතවත් යම් යම් ආබාධ දැකිය හැකිය.

 

මැයි මාසයේ 04 වැනි දින

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම යුරේනස් රවි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ අදහස් අන් අය සමඟ කිසිවිටෙකත් නොගැළපෙන අතර එම නිසා විරුද්ධ පාර්ශවයක් ගොඩ නැඟේ. අලුත් අදහස් නව නිර්මාණ ඔබගේ අවධානය දිනා ගන්නා අතර, ස්වභාවික නොවන සිද්ධින්ට ඔබ ප්‍රිය වේ. ඔබ සෑම දෙයක්ම විවේචනය කරන අතර සමාජ තත්ත්වයට හැඩ ගැසීම ඔබට අපහසු කාර්්‍යයක් වේ. අසාමාන්‍ය විවාහයක් ගත කිරීම ඔබගේ ක්‍රමය වේ. සෙම අසනීප සෑදීමට ඉඩ ඇත. ඔබට ගැළපෙන ආහාර තෝරා ගැනීම සෞඛ්‍යට යහපත් වේ.

 

මැයි මාසයේ 05 වැනි දින

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර, එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. තියුණු මනසක් ඔබට ඇති අතර, විවේචනාත්මකව සහ විශ්ලේෂණාත්මකව කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. ජීවිතය තුළ විවිධත්වය බහුල අතර තම වෘත්තින්ගේ ද වෙනස් වීම් ද ඔබ සිතා මතා සිදු කරනු ඇත. ඔබට ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබ්ය හැකිය. විවාහය අඩු වයසින් සිදුවීමට ඉඩ ඇත. අසාමාන්‍ය ක්‍රමවලින් මුදල් ඉපයීමේදි ප්‍රවෙසම් විය යුතුය. ලිංගික අවයවවල දුර්වලතා ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග හට ගනී.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.