2024. 04.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 09.03 - 10.36
සුබ දිශාව - උතුර

 

මේෂ

පැවැති අසහනකාරී බව මඟ හැරී යන බවක් පෙනේ. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස අත් කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන දිනයකි.

වෘෂභ

වියදම් අධිකවන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. සෙම් රෝගයකින් පීඩා අත්කරන දිනයකි.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. යටපත් වූ උරහිස ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරයි. නිතර සිතේ සැකයෙන් කටයුතු කරන දිනයකි.

කටක

අමතර වගකීම් බහුල කරයි. ප්‍රසිද්ධ පුද්ගලයන් හා ඇසුරට කටයුතු උදා කරයි. සුළු සුළු වැටීම් හා සීරීම් සිදුවිය හැකි දිනයකි. මිහිරි ආහාරපාන ගැනීමට අවස්ථාව හිමිකරයි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. ශාරීරික වෙහෙස ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දුර ගමනකට කටයුතු යෙදෙන බවක් පෙනේ. ණය ගනුදෙනනුවකින් නිදහස අත් කරයි.

තුලා

වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ අති දිනයකි.

වෘශ්චික

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් අත් කරයි. ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න.

ධනු

අවිවාහකයන්ට යහපත් බවක් පෙන්නුම් කරයි. පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. වෙනදාට වඩා අලංකාරයට පිරිසුදුව සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

මකර

ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන දිනයකි. යෝජනා ස්ථිරවීමක් කල් දැමීමට සිදුවේ. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථා සැලසේ. අලුත් ආදායම් මාර්ගයකට කටයුතු උදා කරන බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් ඇති කරන දිනයකි.

මීන

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමිකරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.