2024.05.07 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මැයි 7, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 03.13 - 04.46
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

වෘෂභ

හදිසි ලැබීම් හිමි කරන බවක් පෙනේ. පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.

මිථුන

නැති වූ දෙයක් නැවත හිමි කරයි. ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදුකරන බවක් පෙනේ.

සිංහ

දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කන්‍යා

සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසෙන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුªවන ලකුණු පෙනේ. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

තුලා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. සැලසුම් කීපයක් වෙනස් කරන දිනයකි.

ධනු

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි.

මකර

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිවෙළක් ඇති කර ගැනීමට වෙහෙසක් ගන්නා දිනයකි. පැවැති බාධා කීපයක් මඟහැරී යන බවක් පෙනේ.

කුම්භ

සමාජසේවා කටයුත්තකින් තමාට ප්‍රශංසා හිමිකරයි. නිතර පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. රැකියා බලාපොරොත්තුවක් ඉටු කරයි.

මීන

වියදම් අධිකවන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.