ශ්වේත හව්ලයිට් (White Howlite)

මාර්තු 22, 2024

 

අධ්‍යාපනය, අධ්‍යාත්මය, වන්දනාව ආදිය වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා භාවිත කළ හැකි පාෂාණ වර්ගයක් ලෙස මෙය යොදා ගත හැකියි. ඒ සඳහා ශරීරයේ ඉහළ ශක්ති චක්‍ර බලවත්වීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවත් ශීර්ෂ චක්‍රය (නැතහොත්) සහස්‍ර චක්‍රය බලවත් කරන මේ පාෂාණය ශක්ති ශරීරයේ පහළම චක්‍රය වන මූලාධාර චක්‍රයද උද්දීපනය කරන පාෂාණයක් වීම සුවිශේෂත්වයකි.

ශාරීරික වශයෙන් සුවදායී ගැඹුරු නින්දකට ඉවහල් වන මේ පාෂාණයේ ශරීරයේ අස්ථි, මෘදු, පටක, නිය ආදියේ නිරෝගිවත් බවට බෙහෙවින් ඉවහල් වෙයි.

මනසේ සමබරතාවය වැඩි කරමින් ස්මරණ ශක්තිය වඩවාලීමටත් තොරතුරු රැස්කිරීමට දැනුම වැඩිකර ගැනීමට මේ පාෂාණය මහත් සේ රුකුල් සපයයි. සිතේ පවත්නා ප්‍රකෝපකාරි සිතිවිලි සමනය කිරීමට මෙන්ම යහපත් සිතිවිලි පුබුදුවාලීමටත් මේ පාෂාණය භාවිත කළ හැකියි.

ශාරීරික හා මානසික සීමා ඉක්මවමින් අධ්‍යාත්මික කටයුතු සඳහා මහත්සේ ඉවහල් කර ගත හැකි මෙය භාවනානුයෝගී කටයුතු හා මනෝ අභ්‍යාස ආදිය සඳහා යොමු කරවීමේ සුවිශේෂ අභිපේ‍්‍රරණ ගුණයක් වඩවාලන පාෂාණයකි.

මනෝමය කාය ශක්තිමත් කරමින් ශරීරය බැහැරවීමේ තරම් විස්මිත හැකියාවන් වර්ධනය කර ගැනීමට ඇති හැකියාව වඩවාලන මෙවලමක් ලෙස විවිධ භාවිතාවන් අනුව සකසා ගත හැකි මේ පාෂාණයද කලින් කලට බලගන්වා ගැනීම සඳහා ගලා යන ජලයෙන්ද සෝදා සඳ එළියේ රැයක් තැබීම කළ යුතුම වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.