විරුද්ධ ලිංගිකයන් ඇදගන්නා නමක්,අංකයක් සහ රේඛා පිරි අතක්

මාර්තු 1, 2024

වර්තමාන සමාජයේ විවාහ සම්බන්ධ ගැටලු ඇතිවීමේ යම් වැඩි ප්‍රවණතාවයක් ඇති බව තර්කයෙන් තොරව පිළිගැනීමට සිදුව තිබේ. මේ සඳහා හේතු සාධක ගණනාවක් බලපා ඇති බව පෙනෙන අතර, සමාජ සම්බන්ධතා වැඩිවීමත් එක් හේතුවක් බව කිව යුතුය. කෙසේ නමුත් ඇය නමින් නිලුකා කුමාරිය.1974. 10. 15 ඇය උපත ලබන අතර, කුඩා කලම සිට ඉතාම ඉහළ රූප සම්පත්තියක් හිමිව තිබූ බව වර්තමානයේ ඇයගේ වයසත් සමඟ ඇති රූ සොබාවෙන් මෙන්ම සිකුරු හිමි ඔක්තෝම්බර් මාසයේ සහ සිකුරු හිමි පෞද්ගලික අංකයකින් ඉපදීමෙන් ද ප්‍රකාශ කළ හැකිය.

එසේම විශාල යහලු යෙහෙළියන් පිරිසක් ඇය වටා ඒකරාශි වෙන්නේ විනෝදාස්වාදය, අලංකරනය, රසවත් ආහාරපාන ආදිය සඳහා ඇයගේ ඇති කැමැත්ත මෙන්ම එම ස්වභාවයෙන්ම සංග්‍රාහශීලි වීම නිසාය. පාසල් අවධියේද විවිධ කලා නිර්මාණවලට දක්ෂතා පෙන්වන ඇය ජනප්‍රිය චරිතයක් බවට පත්වන අතර, නමුත් වැඩිදුර පාසල් අධ්‍යාපනයෙන් ඉදිරියට නොයා රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේද සිකුරුගේ බලපෑම නිසාවෙනි. පාසල් අවධියේදි මෙන්ම ඉන් පසුවත් ආදර සම්බන්ධතා කිහිපයක්ම ඇය පවත්වන්නේ විරුද්ධ ලිංගිකයන්ගෙන් ඇයට පැවති ආකර්ශණය නිසාය.

මේ අතර වයස අවුරුදු 17 දී පමණ පැවති ආදර සම්බන්ධතාවයක් ලිංගික සම්බන්ධතා දක්වා ඇයව ගෙන යන්නේ දෛවයේ සරදමක් නිසාවෙනි. එසේම මෙය ඇයගේ අත්ලේ (අංක 1) විවාහ රේඛාවෙන් මෙන්ම (අංක 2) හෘද රේඛාවෙන් ශාඛාවක් ශීර්ෂ රේඛාවට ගමන් කිරීමෙන් ද තහවුරු කර ඇත. නමුත් එම ආදර සම්බන්ධතාවය එම වයසේම ඇයව හැරයන අතර, එම හැරයාම පුදුමයට කාරණයක් නොවන්නේ පෞද්ගලික අංක 6 හිමි පුද්ගලයන්ට අංක 8 හෙවත් වයස 17 වැනි ශනි ග්‍රහයාට හිමි වසරවලදි ආදර සම්බන්ධතාවලට අතිශය පීඩාකාරි තත්ත්වයක් උරුම කර දෙන බැවිනි.

නමුත් ඇය නැවතත් ආදර සම්බන්ධතාවයකට මුල පුරන්නේ විවාහ වීමේ ඒකායන බලාපොරොත්තුවෙනි. ඔහු නමින් සුනිමල් වන අතර, 1974. 02. 08 දින ඔහු උපත ලබා ඇත. අංක විද්‍යාත්මකව ඔහුගේ උපන් දිනය විග්‍රහ කළහොත් ඔහු උපතින්ම සංවේදි චරිතයක් වන අතර, යම් පිරිසක් ඔහු ඇසුරු කළද ජීවිතයේ තනිකම, පාලුව උත්පත්තියෙන්ම උරුමය. උපන් මාසයේ බලයෙන් සහ උපන් දිනයෙන් ශනි ද්විත්ව ආකාරයෙන් ක්‍රියාත්මක වන හෙයින් ඔහුට බරපතල වගකීම් දරා ගැනීමට සිදු වේ. විශේෂයෙන් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26 ආදි වු අංක 4 හා අංක 8 යෙදෙන වසරවලදි අතිශය පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වේ. එදිනෙදා කටයුතුවලදි පවා ප්‍රබල මානසික කඩා වැටීම්වලට ඔහුට මුහුණ පෑමට සිදු වේ.

නමුත් කුමාරිට අවු 22 දි විවාහ ජීවිතයට පත්වන අතර, එය ඇයගේ අත්ලේ (අංක 3) විවාහ රේඛාවෙන් මෙන්ම (අංක 4 කුඩුම්භ රේඛාවක් හෘද රේඛාවට ගමන් කිරීම මඟින් තහවුරු වී තිබේ. නමුත් එය සාර්ථක විවාහ ජීවිතයක් වන්නේ නැත. ඔහු ලෞකිකත්වය ගැන හිතන පුද්ගලයකු නොවේ. ඔහු දාර්ශනිකය. ඇය උපතින්ම ලෞකිකය. ඇය ගන්නා තීන්දු තීරන වෙනස් කරන්නේ නැත. එය නොනැමෙන මහපට ඇඟිල්ලෙන් මෙන්ම ඍජු ශීර්ෂ රේඛාවෙන් මේ බව පැහැදිලිය වේ. එම නිසා ගැටුම් උඩ විවාහය පවතී. ඇය නැවතත් වයස 35 දි විවාහයෙන් පසුද සම්බන්ධතාවයක් ආරම්භ කරන අතර, එය විවාහ රේඛාව (අංක 5) මඟින් පෙන්වා දී ඇත. එම

සම්බන්ධතාවය ජීවන රේඛාවෙන් සමාන්තරව පහළට ගමන් කරන රේඛා ඛණ්ඩයකින් තහවුරු කර ඇත. නමුත් මේ සියලු විවාහ රේඛාවන් සිරස් රේඛාවකින් කපා දමා ආදරය සම්බන්ධයෙන් පීඩාකාරි බව ජීවිත කාලයටම උරුම කර දී ඇත. මෙය සිකුරු මණ්ඩයේ විශාලත්වයෙන් සහ උපන් දිනය අනුව ලෞකිකත්වයට ඇති කැමැත්ත පෙන්වා දී ඇති අතරම සිකුරු මණ්ඩලය මත ඇති කුඩුම්භයෙන් එන කරදර රේඛා මඟින් ආදරය සම්බන්ධ පීඩාව තහවුරු කර ඇත. එසේම ඇයගේ සැමියාගේ පෞද්ගලික අංකය අංක 8ය. ඇයගේ පෞද්ගලික අංකය අංක 6 වේ. අංක විද්‍යාත්මකව ගත් කල අංක 6 සහ අංක 8 විවාහයකට නොගැළපේ .සියලු කටයුතු අඬදබරයකින් අවසන් වේ. ඇයට භාවිත කළ නම කුමාරිය. එය අංක විද්‍යාත්මකව අංක 16 ට ගෙනේ. අංක 16 ට නම් තබන්නේ නැත. එය ඉතා අසාර්ථකය. ඇයගේ නිවසේ ප්‍රධාන නිදන කාමරය ගිනිකොනේ පිහිටා ඇත. නිවසේ මූල්‍ය පරිපාලනය කළේ ඇය විසිනි. ගිනිකොන විවාහයට ගැටලු ඇති කලද කාන්තාවට මූල්‍ය පරිපාලනයට යහපත් වේ. නමුත් නිරිත මුලුතැන්ගෙය පිහිටීමෙන් ආර්ථිකය කඩා වැටෙන බව දන්නා කාරණයකි. තමාගේ සීමාව නොදැන වියදම් කිරීමට පෙළඹේ. මෙය ඉතා පැහැදිලිව ඇයගේ අත්ලේ බුධ මණ්ඩලය දුර්වලවීමෙන් පෙන්නුම් වේ. එසේම විවාහය ගැන කලකිරීමට පත් ඇය නීත්‍යායානුකුල විවාහයට සමුදී හෝ නැවත විවාහයකට නොයෙන තැනට තීරණය කර හුදෙකලාව ජීවත් වේ. එය බුධ මුදුව වැටීමෙන් පෙන්නුම් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.