නවරත්න මුද්දක් පැලැඳීම හොඳද? නරකද?

මාර්තු 1, 2024

මානවයා අසාමාන්‍ය මිණිකැට හා ඒ හා සබැඳි ආභරණ කෙරෙහි ආකර්ෂණයට ලක් වූයේ අද ඊයේ නොව ප්‍රාග් ඓතිහාසික කාලයේ සිටම එය පැවැත එන්නකි.

පුරාතන යුගයේ සිටම මැණික් සහ ඡ්‍යොතිෂ විද්‍යාව අතර කිට්ටු සබඳතාවක් දක්නට ඇත. විවිධ වූ අධම භූතාත්ම දුරුකිරීම, විවිධ වූ රෝග මිණිකිරණ උපයෝගී කොට සුවකිරීම සහ සකල සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා මේවා උපයෝගී කරගෙන ඇති බව සක්සුදක් සේ දෘශ්්‍යමාන වෙයි. එය ලෝකයේ සියලු රටවලට ද පොදු ගුණාංගයක් ලෙස ද සලකයි. මේ මැණික් සහ ස්වර්ණාභරණ වශීකරණ ලෙස ද භාවිත වෙයි. එමෙන්ම යාඥා හෝ ජපකිරීම් සහිත කැටයම් කළ මැණික් ආගමික වත්පිළිවෙත් සඳහා ද යොදා ගෙන ඇත.

මැණික් පැලඳීම මඟින් පුද්ගලයකුට තමන්ගේ වාසනාව වැඩිකර ගත හැකි බවට විශ්වාසයක් පවතියි. මෙය මෑතදී ඇතිවූ විශ්වාසයක් නොව පෙර යුගවල සිට පවා අපගේ විවිධ සංස්කෘතීන් තුළ මුල් බැස ගෙන ඇති විශ්වාසයකි.

ලොව පුරා විසිර සිටින ඉන්ද්‍රජාලිකයෝ මැණික් ඔබ්බවන ලද මුදු, මැණික් මාල, ස්වර්ණාභරණ ආදියේ ඉන්ද්‍රජාලික විශ්ව බලයක් ඇතැයි විශ්වාස කරති. ඇලඩින්ගේ පුදුම පහනෙන් අනුග්‍රහය ලැබුවා සේ මැණික්වලින් ද ආශ්චර්යවත් බලයක් හිමි වෙතැයි තදබල විශ්වාසයක් පවතී.

එහෙත් ඡ්‍යොතිෂඥයෝ මැණික් නවයක් ග්‍රහයන් නවයකට සම්බන්ධ කර එමඟින් ග්‍රහයන්ගෙන් අනුහස් ලබාගත හැකි බවට විශ්වාසයක් ගොඩනඟා ඇත.

 

නවරත්න මුදු පැලඳීම

එහි පලයක් ලෙස ඈත අතීතයේ සිටම නවරත්න මුදු පැලඳීම ගැන සඳහන් වෙයි. මැණික් වර්ග නවයකින් සමන්විත මුද්දක් පැලඳීමෙන් එය පලඳින්නාට වාසනාව, යස ඉසුරු සම්පත් උදාවෙතැයි මුල් බැසගත් විශ්වාසයක් පවතියි. එම මුදුව තනන්නේ මැණික් රන් හෝ රිදී වුවද සැකසිය යුතු ආකාරය ඉතා වටිනේය.

දැන් අපි එය සකස් කර ගත යුතු අනුපිළිවෙළ සොයා බලමු.

මෙහිදී එක පෙළකට මැණික් තුනක් එබ්බවිය යුතුය. මේ අනුව මුළු මැණික් නවයම පේළි තුනකට එබ්බවිය යුතුය. එහි අනුපිළිවෙළ ඉතා වැදගත් වෙයි.

පළමු පේළිය – මරකත, දියමන්ති, මුතු

දෙවන පේළිය – පදියන්, රතු මැණික්, කොරල්

තුන්වන පේළිය – වෛරෝඩි, නිල් මැණික්, රබහ

මේ අනුපිළිවෙළ සකසා ඇත්තේ නවග්‍රහයන්ගේ දිශා අනුපිළිවෙළ අනුව වෙයි.

රවි - (සූර්යයා) මධ්‍යයේය

සිකුරු – නැඟෙනහිරය

චන්ද්‍රයා – ගිනිකොනය

කුජ – (අඟහරු) දකුණේය

රාහු – නිරිතේය

ශනි - (සෙනසුරු) බටහිරය

කේතු – (බ්‍රහස්පති) උතුෙර්ය

බුධ – ඊශාන දිගය

 

මේ අනුපිළිවෙළට මැණික් දෙස බැලුවහොත් රතු මැණික මධ්‍යයේය.

කොරල් දකුණු පැත්තටය

රබහ කොරල්වලට පහළිනි

වෛරෝඩියට ඉහළිනි. මරකත ඊටත් ඉහළිනි. ඊට කෙළින් දියමන්ති සහ මුතුකැටය පිහිටා ඇත. මුදුව පළඳින විට මරකත, දියමන්ති, මුතු එබ්බවූ පේළිය ඉහළින්ම විය යුතුය.

මේ නවරත්න මුදුව පැලඳ ගැනීමෙන් නවග්‍රහයන්ගේ අපල දුරුවෙතැයි තදබල විශ්වාසයක් අතීතයේ සිටම පැවැත එයි.

එක් එක් ග්‍රහ අපලවලට පලඳින මැණික් විශේෂයන් ද හඳුනා ගැනීම මෙහිදි වැදගත් වෙයි.

රවිගේ අපලවලට – පද්මරාග, රතුකැට

සඳුගේ අපලවලට – මුතු, සඳගල්, (චන්ද්‍රකාන්ති)(Moon stone)

කුජගේ අපලවලට – කොරල්, රතු මැණික්

බුධගේ අපලවලට – පච්ච, මරකත

ගුරුගේ අපලවලට – පුෂ්පරාග, පදියන්

සිකුරුගේ අපලවලට – දියමන්ති, සුදුමැණික්

ශනිගේ (සෙනසුරු) අපලවලට – කාකනිල, නිල් මැණික්

රාහුගේ අපලවලට – ගෝමේද, රබහ

කේතුගේ අපලවලට – කනක, වෛරෝඩි

 

කිසිදු දෝෂයක් නැත්තකුට නවරත්න මුදුව පැලඳීමෙන් ඔහුට හෝ ඇයට දෝෂයක් වෙයි ද? යන්න පිළිබඳ සමාජයේ කතාබහක් ඇත.

මෙහිදී වැදගත් වන්නේ නවග්‍රහ දෝෂ නොමැති අයකුට මේ නවරත්න මුදු පැලඳ ගැනීමෙන් ප්‍රතිපලයක් නොමැති බව දැන ගැනීමයි. යම් ලෙසකින් රවිගේ අපලයක් ඇත්තෙකු මේ නවරත්න මුදුව පැළඳ ගැනීමෙන් රවිට අයත් මිණිකැටයේ කිරණ වැදීමෙන් රවිගේ අපලය වැඩි වෙතැයි ඇතැමුන්ගේ මතයක් පවතී එසේ අනෙක් ග්‍රහයන්ගේ අපලද අනවශ්‍ය ලෙස වැඩි කර ගැනීම් මේ මුදුව හේතු වෙතයි සැකයක් පවති. එය වැරැදි මතයකි. එසේ කිසිඳු ආකාරයෙන් අපල වැඩිවීමක් සිදු නොවෙන බැවින්. අපලයට තුඩුදෙන ග්‍රහයකුගේ කිරණ වැදීම නිසා අපලය වැඩිවේය යන්න දුර්මතයක් බව පෙනී යයි.

නවග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 9 දෙනාගේම සම්පූර්ණයෙන්ම ග්‍රහදෝෂ නැතත් ග්‍රහදෝෂ ඇති කිහිප දෙනකු සිටිත් නම් එය අදාළ ග්‍රහයන්ට නිශ්චිත කිරණ වැටීමෙන් ප්‍රතිපල ලැබෙනු ඇත.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.