හින්දු විවාහයකදී සිදු කරනු ලබන විවාහ චාරිත්‍රය සප්තපාඩි

ඔක්තෝබර් 23, 2020

විවාහයට පත්වන සෑම හින්දු යුවළක්ම අග්නිය පිදීම හෙවත් ගිනි දෙවියා පිදීම ප්‍රධාන චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබයි. වෛදික චාරිත්‍රවලට අනුව අග්නි දෙවියා පිදීම අනිවාර්ය අංගයක් වී ඇත. මෙම චාරිත්‍රාවලට අනුව මංගල දින අලංකාර විසිතුරු ඇඳුමින් පැළඳුමින් සැරසී යුවළ අග්නිය වටා සත්‍ය සංකේතවත් කරමින් අග්නිය වටා හත්වාරයක් ගමන් කිරීම සම්පූර්ණ කළ යුතුය.

එය හඳුන්වනු ලබන්නේ එකිනෙකා අතර ඇතිකරගත් භාරයක් පිළිබඳ සාක්ෂියක් දෙදෙනා සමගියෙන් පෙන්වීමකි. විවාහයේදී නැදෑ හිතවතුන් ඉදිරියේ මෙම අග්නිය පිදීම ආගමික වතාවත් කරමින් පවත්වයි. වෛදික චාරිත්‍රවලට අග්නිදෙවියා පිදීම අනිවාර්ය වී ඇත. විවාහයේදි අග්නිය වටා සිදුකරන මෙම චාරිත්‍රය සප්ත පාඩි ලෙස හැඳින්වේ. සප්ත පාඩි චාරිත්‍රය ඉටුකිරීමේ දී කැප කරන ලද ගිනිමැළයෙහි සෑම වටයක්ම මනාලිය හා මනාළයා විසින් මෙහෙයවයි.

මෙම චාරිත්‍ර විධිය හින්දු විවාහයන් සිදුකිරීමේදී සමහර ප්‍රදේශ අනුව හා සමහර ජන කොටස් අනුව වෙනත් විධි අනුගමනය කරමින්ද පවත්වයි. අග්නිය පිදීමේදි මනාලිය පළමු වට තුන හතර තුළ පෙරමුණ ගෙන කටයුතු කරති. සෑම වටයක්ම ගමන් කරන විට යුවළ එකිනෙකා සමඟ සත්‍ය වූ පී‍්‍රතිමත් සම්බන්ධතාවයක් අධිෂ්ඨානයක් ඇති කර ගනිමින් තම පොරොන්දුව ජීවිතාන්තය දක්වා රකින බවට සත්‍ය බවට අග්නිය වටා යමින් ඉටුකරන බවට පොරොන්දු වේ. එහිදී දිව්‍ය සාක්ෂිකරු ලෙස අග්නි දෙවියා කටයුතු කරයි. සෑම හින්දු විවාහයකදීම පවත්වනු ලබන අග්නි දැවීමේදී එය බොහෝ විට පවත්වනු ලබන්නේ අති පූජනීය උත්සවයක් ලෙසිනි. හෝම පූජාව ලෙසින්ද හඳුන්වනු ලබන අග්නි දැවීමේ පූජනීය උත්සවයේදී අනෙකුත් දෙවි දේවතාවුන්ටද අග්නිය පුදමින් ආරාධනා කරනු ලැබේ. එමෙන්ම අග්නිය පිදීමේදී පූජා ද්‍රව්‍ය ගින්නට දමමින් මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර ගායනා කරමින් ආරාධනා කරයි. මෙහිදී අග්නියේ බිරිඳ ලෙස සැළකෙන ස්වාහයන නම නිතර නිතර ගායනා කරමින් ගින්නට ගිතෙල් සහ ධාන්‍ය වර්ග ද දමනු ලබන්නේ සෑම මන්ත්‍රයක්ම අවසානයේදී ස්වාහා කියමිනි.

ස්වාහා දේවතාවිය එසේ පිදීමෙන් ගිනි දෙවියා මහා බලවත්ව විවාහ යුවළට ආශිර්වාද කරන බවද කියයි. යුවළ වට හත ගමන් කර අවසන් වන තෙක්ම මෙසේ ස්වාහ කියමින් ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කරයි. මෙසේ ගායනා කරමින් අග්නිය පිදීමේදි එයින් නැගෙන දුමෙහි ප්‍රබලතම සුව ශක්තියක් නිරෝගිතාවයක් ඇති කරනු ලබන අතර එය අහස් උසට නැගීමේදී සිත් සතන් පිනවමින් යම්කිසි සත්‍යතාවයක් සිත් තුළ ඇති කරමින් වායුගෝලය මෙන්ම පරිසරයද පිනවමින් සාමකාමී වාතාවාරණයක් සහ සුබදායක කාලගුණයක්ද ඇති කරලයි. මෙම අග්නි හෝම පූජාව සිදුකරනු ලබන්නේ වෙනම සාදාගත් කොටුවක් ලෙස ගඩොලින් සූදානම් කරගත් ස්ථානයකය එය හඳුන්වනු ලබන්නේ හවාන්කුන්ඩේ හනුවෙනි. මෙසේ සකස් කරගනු ලබන හෝමගිනි උඳුන ඉතා අලකාර ලෙස මල්, කොළ සහ ධාන්‍ය වලින් සරසා ගනී. අග්නිය සඳහා තෝරා ගනු ලබන්නේ දුම් නොනගින දැව වර්ගයි. ඒ සඳහා තෝරාගනු ලබන්නේ අඹ වැනි වෘක්ෂ වලින් ගන්නා ලද දර වර්ගයි. හෝම පූජාවට ගනු ලබන අඹ දැව සිහිනියට කපා කුඩා කෑලිකර වේලා ගනියි. ඒ අතර අග්නිය පිදීම සඳහා වෙනමම සුවඳ දුමක්ද ඇතිකරනු ලබයි. ඒ සුවඳ දුම් කුඩක්ද සූදානම් කර ගනී.

වායුගෝලය අපවිත්‍ර නොකරන වායුගෝලය පවිත්‍ර කරන ඖෂධ පැළෑටි තිස් හයක එකතුවෙන් අග්නිය පිදීමට වෙනමම සුවඳ දුමක්ද ලෑස්තිකර ගනියි. එය ඖෂධ ගුණය නිසා වහනය වන්නේ ඉතා සුවඳවත් වය. එසේ සුවඳවත් සුවඳ දුම නැගෙන විට එය වහනය වන අයගේ ශරීරවලට අමුතුම ශක්තියක් හා ජීවයක් ඇතිවන බවත් කියයි. එමෙන්ම සමහර ඖෂධ පැළෑටි අග්නිය පුදන්නේ ගිතෙල් මිශ්‍ර කිරීමෙනි. මෙසේ කිරීමෙහි අග්නිය පවත්වන අයගේ සහ අවට රැස්ව සිටින අයගේ ශරීරවලට ඉන් ශක්තියක් මෙන්ම විවිධ හැකියාවන් ලැබී දෙවියන් වෙත යෑමට අවස්ථාව උදාවන බවටත් විශ්වාස කරයි. මෙම හෝම පූජාව නිවස්වල පැවැත්වීමටද හේතු ඇත. හෝම පූජාව කිරීමෙන් නිවැසියන්ට සෙත් සුව ලැබෙමින් ඉහළම විමුක්තියට ළඟාවිය හැකි බව කියයි. අග්නිය යනු ශ්‍රද්ධාව හා පාරිශුද්ධත්වයේ සංකේතයයි. සෑම මිනිසෙක් තුළම අග්නි වර්ග තුනක් ඇති බවත් විශ්වාස කරයි. එම විශ්වාසය අනුව මිනිසෙක් තුළ ක්‍රෝධය අග්නිය හෙවත් කෝපයේ ගින්න කාම අග්නි හෙවත් කාම අග්නි හෙවත් ආශාවේ ගින්න සහ උදාර අග්නි හෙවත් ආහාර දිරවීමේ ගින්න ලෙසිනි. මේ විශ්වාසයක් නිසා හින්දු බැතිමතුන් අතර අග්නි දෙවියන්ගේ ස්වරූපය නැතහොත් පෙනුම නිරූපනය කිරීම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. බොහෝ හින්දු ග්‍රන්ථවලට අනුව අග්නිදෙවියන් හිස් එකක් හෝ නැතහොත් හිස් තුනක් ඇති අත් දෙකක් හෝ අත් හතරක් ඇති සාමාන්‍ය රතු පැහැයට යුත් සිරුරක් ඇති හිස පැළද සිටින ඔටුන්නෙන් ගිනිජාල විහිදෙන රන්වන් පැහැ මෙන්ම දුඹුරු පැහැති කෙස්ද ඇති වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.