සර්ව රාත්‍රික පිරිත් දේශනයක්

පෙබරවාරි 23, 2024

මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාල⁣යේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා තනතුරට පත් වී වසරක් සපිරීමත්, මුල්කොට දේවාල පරිශ්‍රයේ පැවැත් වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය සඳහා බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා විසින් සධාතුක කරඬුව වැඩම කිරීම සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ,පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම යන හිමිපාණන් වහන්සේලා වෙත දැහැත් වට්ටියක් පිළිගන්වමින්, පිරිත් සජ්ඣායනාවට ආරාධනා කළ අයුරු.

මධ්‍යම පළාත් සමූහ

----------------------------

නිහාල් ජයවර්ධන ඖෂධ පැළ රෝපණයක්

නිදහස් දිනය සැමරීම වෙනුවෙන් තිඹිරිගස්යාය කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන් එක්ව ස්ථාන කීපයක ඖෂධ පැළ සිටුවන ලදී. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත්, බම්බලපිටියේ මල්ලිකා නිවාසයේත් තිඹිරිගස්යායේ අශෝකාරාමයේත්, වැල්ලවත්ත ජිනානන්ද නිවාසයේත්, වැල්ලවත්ත ලංකාධාර නිවාසයේත්, නාරාහේන්පිට කිරුලැස්සුම විහාරස්ථානයේ කිරුළපන නාගස්වත්ත ළමා සම්පත් මධ්‍යස්ථානයේත් දෙමටගොඩ සිරිසරණාරාමයේත් මේ පැළ සිටුවීමේ කටයුතු සිදු කෙරිණ. මේ සඳහා ඖෂධ පැළ සංරක්ෂණ සභා වෛද්‍යවරුන් විසින් නොමිලේ සපයන ලදී.

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.