සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩමුළුවක්

ජූලි 21, 2023

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීම සහ දැනුම්වත් කිරීම සිදු කරනු ලබන අතර සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගියදා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන සිතුමිණ උත්සව ශාලාවේ පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන සර්පයින් පිළිබඳ මහජනතාව අනියත බියක් සහ අකමැත්තක් දක්වන අතර ඒ පිළිබඳ ඇති දුර්මත හා අනවබෝධය නිසා සර්පයින් මරණයට පත් කිරීම තුළින් ඇතැම් සර්ප විශේෂයන්හි ගහණයන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවයි. එමෙන්ම සර්ප දෂ්ටනයකදී නිවැරැදි ප්‍රතිකාරවලට යොමු නොවීම මත ජිවීත හානිද සිදුවන අවස්ථා වාර්තා වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

නොමිලයේ වෛද්‍ය සායනයක්

 

දෙහිඕවිට අටුලුගම පුබුදු වැඩිහිටි සංගමය සහ රාජ්‍ය සේවා විශ්‍රාම භාර අරමුදල ඒකාබද්ධව මෙහෙයවනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනයක් මේ මස 26 වන දින අටුලුගම තුන්බෝමලු පුරාණ විහාරස්ථානයේදී දවස පුරා නොමිලයේ පැවැත්වේ.

මේ සඳහා සබරගමු පළාත් සභාවේ පූර්ණ දායකත්වය සහ එදින සහභාගිවන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා සියලු පහසුකම් වියදම් පුබුදු වැඩිහිටි සංගමය මඟින්ද ඖෂධ ප්‍රවාහනය පහසුකම් හා වියදම් දානපති එච්.ඒ.විජේරත්න මහතා විසින් දරණු ලැබේ.

 

 

දෝමිණ ඡ්‍යොතිර්විද්‍යා පදනමේ මාසික රැස්වීම

 

 

දෝමිණ ඡ්‍යොතිර්විද්‍යා පදනමේ මාසික සැසිවාරය 2023 ක් වූ ජූලි මස 23 වන රිවි දින පෙ.ව. 09.30ට අප ආයතනයේ දේශන ශාලාවේ දී පැවැත් වේ. ඔබ සැමගේ දැනුම වර්ධනයට ඉවහල් වන හරබර දේශන දෙකක්, ඡ්‍යොතිර්වේදිනී දිලුමි මේඩිස් මහත්මිය හා ඡ්‍යොතිර්වේදි සුමිත් ජයසිංහ මහතා විසින් පවත්වනු ලබයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.