ගුණදායක ආහාර දිනපතා කෑමෙන් සිරුරට සිදුවන දේ

පෙබරවාරි 1, 2019

සොබා දහමෙන් අපට වැඩි වශයෙන්ම දායාද කර තිබෙන්නේ ඔසු ගුණයෙන් පිරි එළවළු, පලතුරු සහ පලා වර්ගය. එහෙත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා සුදුසු නැත. හොඳම නිදසුන වන්නේ ජලයයි.

ආයුර්වේදයට අනුව පමණට වඩා ජලය පානය කිරීම නුසුදුසු ය. සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 3 – 4 ක් (කෝප්ප 10 – 15 ක්) අහිමිවේ. කොපමණ අහිමි වුවද අප කැමැති කැමැති ආකාරයට ජලය පානය කළ නොහැකිය.

ආහාර වේලකදී ජලය කෝප්පයකට වඩා පානය කිරීම සුදුසු නැත. එහෙත් එයද ආහාරයේ ස්වභාවය අනුව වෙනස් වේ. කැඳ, සුප් වැනි දෙයක් ගන්නා විට පානය කළ යුත්තේ අඩු ජල ප්‍රමාණයකි. ආහාරයක් ගෙන මිනිත්තු හතළිස් පහක් පමණ ගත වූ පසු ජලය පානය කළ යුතුයි. වයස, ක්‍රියාකාරීකම, ආතති මට්ටම, කාලගුණය, ගන්නා ආහාරය වගේම තමන්ගේ ශරීරයේ පවතින වා පිත් සෙම් ස්වභාවය අනුවද ගත යුතු ජල ප්‍රමාණය වෙනස් වේ. ජලය මෙන්ම අප දෛනික ආහාරයට නිතර එක්කර ගන්නා ආහාර තිබේ. කෙසෙල් දිනපතා සමහරු කෑමට එක්කර ගන්නා පලතුරකි.

ඉදී නැති කෙසෙල් ගෙඩි දෙකක් හැපීමෙන් ඩයරියා නතර කර ගත හැකි ය. මල බද්ධයෙන් පීඩා විඳින්නෙකුට නින්දට පෙර සැන්දෑවේ ඉදුණු කෙසෙල් කෑමෙන් මල බද්ධයෙන් සහනයක් ලැබීමට පුළුවන. ඇදුම ඇති විට ලෙල්ල ඉවත්කළ ඉදුණු කෙසෙල් ගෙඩියක ඇතුළට කරාබු නැටි හතක් ඇතුළුකර රැයක් තබා උදෑසන කෑමට ගැනීමෙන් පැයකට පසු මී පැණි එක්කළ වතුර කෝප්පයක් පානය කිරීමෙන් සහනයක් සැලසෙයි. අසාත්මිකතා, ඇදුම, පීනස ඇත්නම් කෙසෙල් ගෙඩියේ ලෙල්ල ඉවත්කර ඇතුළට ගම්මිරිස් එක්කර රැයක් තබා පසුවද, උදෑසන කෑමට ගන්න. පැයකට පසු මී පැණි එක්කළ ජලය කෝපයක් පානය කිරීමෙන් සහනයක් ලැබේ. මුත්‍රා දැවිල්ල ඇතිවිට කෙසෙල් ගෙඩි එකක් හෝ දෙකක් සූදුරු ස්වල්පයක් අතරේ සඟවා කෑමට ගැනීමෙන් මුත්‍රා දැවිල්ල දුරුවේ. කෙතරම් ගුණදායක පලතුරක් වුවද කිරි සහ කෙසෙල් එකට කෑමට නොගත යුතු ය. යෝගට් සමඟ කෙසෙල් ආහාරයට ගැනීමද සුදුසු නැත. කෙසෙල් කෑමට ගෙන පැයක් අතර තුර ජලය පානය කිරීම නුසුදුසු ය. මේ ආයුර්වේද නීති පිළිපදිමින් දිනපතා කෙසෙල් කෑමට ගතහොත් කුමක් සිදුවේවිද?

දිනපතා කෙසෙල් කෑමේ ප්‍රතිඵල:– නිහඬ මාරයකු වන අධික රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල්වලට ඇත. අධික රුධිර පීඩනය හදවත් රෝග, ආඝාතය (ස්ට්‍රෝක්) වකුගඩු අකර්මණ්‍ය වීම යන තත්ත්වලට වාගේම මොළයේ රෝගවලටත් හේතුවෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි.

චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.