වරල්ල සසිඳුට පිළිතුරු

2015 අප්‍රේල් 12 ජන්ම ලාභය ලත් මෙම කේන්ද්‍රය හිමි අයට උපතේ සිට 2018.12.06 දක්වා රවි දසාව දැඩි උෂ්ණ ගති නිසා රෝග මතු කළ ද 2018.12.06 සිට උදා වූ සඳු මහ දසාව 2028.12.06 දක්වාම සුබපල දෙයි. ඒ අනුව ඔබ කේන්ද්‍රයේ සඳු 5 ට ගුරු 12 ට විශේෂයෙන් සිකුරු 10 ට යෙදී තිබෙන යහපත් අධ්‍යාපනයෝගය තුළින් ඔබ ඉදිරියට ගෙන යයි. උනන්දු වුවහොත් ඔබගේ කේන්ද්‍රයේ පවතින වෛද්‍ය යෝග තත්ත්වයද බලගන්වා ගැනීමට පුළුවන. උත්සාහවන්ත වන්න ඔබට වයස 13 න් පසු උදා වන්නේ කුජ දසාව වුවද එම දසාව වෙත අයට මෙන් අසුබ නොවේ. ඊට හේතුව කුජ, බුධ සමඟ නව වැන්න වන පුන්‍යස්ථානයේ නිසා ය. 

Posted Date: 
Friday, මාර්තු 8, 2019 - 00:00
Category: 
ඔබේ හඳහන අනුව