සිහිනෙන් කී ලෝ පතළ අනාවැකි

ජනවාරි 26, 2024

 

පළමු ලෝක යුද්ධයට මුල් වූ ඝාතනය සිහිනෙන් දැක ඇත්තේ බිෂොප්වරයෙකි.

එය අදට සිය වසකට ඔබ්බෙන් වූ දිනයකි.එනම් 1914 ජූනි මස 28 වෙනිදාය.

බෝල්කන් ජාතික බිෂොප්වරයකු වූ ජෝෂප් ඩී ලැන්සි අලුයම් කාලයේදී මෙවැනි සිහිනයක් දුටුවේය. බිෂොප්වරයාට එම සිහිනයෙන් පෙනුණේ තමා සිය ලියන මේසය අසල හිඳගෙන එක්තරා ලිපියක් කියවමින් සිටි අයුරුය. එම ලිපිය ලැබී තිබුණේ ඔස්ටි‍්‍රයාවේ කිරුළ හිමි ෆර්නැන්ඩි ආදිපාදිවරයාගෙනි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

ගෞරවණීය උතුමාණෙනි,

“සරෙජෙවෝවල පවතින දේශපාලන වාතාවරණය නිසා ඇතිවූ භීෂණකාරී තත්ත්වයට මමත් ආර්යාවත් මුහුණ පා සිටින්නෙමු. කරුණාකර අප වෙනුවෙන් යාඥා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු“

ඒ සමඟම තවදුරටත් මේ සිහිනයේම කොටසක් ලෙස එතුමා දැක ඇත්තේ එම ලිපිය එවනු ලැබූ ආදිපාදවරයා සහ එම ආර්යාව විවෘත මෝටර් රථයක් තුළ වාඩි වී සිටින අයුරුය. හමුදා රියදුරකු විසින් පදවනු ලැබූ එම වාහනය දෙපස අවිගත් හමුදා නිලධාරීහු ද ගමන් ගත්හ. නමුත් සියලු ආරක්ෂක විධිවිධාන අතරේ එක්වරම ඉදිරියට පනිනු ලැබූ තරුණයකු විසින් ආදිපාදවරයාටත්, ආර්යාවටත් වෙඩි තබන අයුරු එතුමා විසින් දැක තිබුණි.

තමා දුටු බිහිසුණු සිහිනයෙන් බලවත් සේ කම්පනයට පත් එතුමා මුළින්ම ඒ බව පැවසුවේ තම මවටය. ඉන් අනතුරුව සමීප මිතුරන් දෙතුන් දෙනකුට ද මේ බව කියනු ලැබුවේ තමන්ගේ චිත්ත පීඩාව මඳක් සමනය කරගනු පිණිසය. ඉක්බිති මේ සිහිනය පිළිබඳ සටහන් කර තැබීමටද බිෂොප්වරයා අමතක නොකළේය.

පසුදින සන්ධ්‍යාභාගයේ දී එතුමා වෙත ලැබුණු විදුලි පුවතකින් කියවුණේ ඕස්ටි‍්‍රයාවේ කිරුළ හිමි ෆර්ඩිනැන්ඩි කුමරු සහ ඔහුගේ ආර්යාව වූ සොෆී කුමරිය කැරලිකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද බවය. මේ ඝාතනයෙන් මසක් ගතවීමත් සමඟ ඔස්ටි‍්‍රයාව සර්බියාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව අගෝස්තු 01 දා ජර්මනියද, තවත් දෙදවසකට පසු ප්‍රංශයද, ඊට සතියකට පසු මහා බ්‍රිතාන්‍යයද ඈ¼දීමත් සමඟ පළමුවෙනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූයේය. ඒ අනුව ජෝෂප් ඩී ලැන්සි බිෂොප්තුමන් සිහිනයෙන් දැක ඇත්තේ මහා සංග්‍රාමය ඇරඹීම සිදුවූ පළමුවැනි පිස්තෝල වෙඩි පහර එල්ල වන අයුරුය. ඒ බොස්නියාවේ අගනුවර වන සර්ජෙවෝහි සංචාරයක නිරතව සිටියදීය.

මේ අයුරින් 1517 දී එවකට සිටි පාප්තුමන්ද දිවා භෝජනයෙන් අනතුරුව නින්දට වැටී සිටියදී සුවිශේෂී සිහිනයක් දැක ඇත. එම සිහිනයෙන් එතුමා දැක ඇත්තේ රටවල් අතර විශාල සංග්‍රාමයක් ඇති වී තිබෙන අයුරුය.

තවත් දින දෙක තුනකට පසු එතුමාට ආරංචි වී ඇත්තේ තුර්කීන් හා ක්‍රිස්තියානීන් අතර මහා සංග්‍රාමයක් ආරම්භ වී ඇති අයුරුය.

මේ ආකාරයට තවත් සුවිශේෂී වූ සිහිනයක් දැක ඇති පුද්ගලයකු වන්නේ ඇමෙරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාය. එතුමා මේ සිහිනය දුටුවේ 1865 අප්‍රේල් මස ආරම්භයේදීය.

එම සිහිනයේදී එතුමා ධවල මන්දිරය තුළ සක්මන් කිරීමෙහි යෙදී සිට ඇත්තේ බරපතළ කල්පනාවක නිමග්න වෙමිනි. මේ අතර යම්කිසි ආකාරයකින් ඇසුණු විලාප හඬකින් ඔහුගේ අවධානය බි¼දී ගියේය. ඒ හඬ නැඟුණේ ධවල මන්දිරයේ නැඟෙනහිර පැත්තෙන් වූ කාමරයක් තුළිනි.

එතුළට පිය නැඟූ ජනාධිපතිවරයාට දැක ගන්නට ලැබුණේ මුර සෙබළුන්ගේ ගෞරවාචාර මධ්‍යයේ තැන්පත් කර තිබූ මිනී පෙට්ටියකි. අසල සිටි මුර භටයෙකු ඇමතු ලින්කන් මහතා මියගොස් සිටින්නේ කවරෙක්දැයි විමසීය.

“අපේ ලින්කන් ජනාධිපතිතුමාට වෙඩි තියා මරා දමලා“ යයි මුරභටයා ශෝකාන්විත හඬකින් පිළිතුරු දුන්නේය.

පසුදින අවදිවීමෙන් පසු එය අමතක කර දැමූ ජනාධිපතිවරයා සුපුරුදු ලෙස තම වැඩ රාජකාරිවල නිරත වූයේය.

එහෙත් සිහිනය දැකීමෙන් සති දෙකක් පමණ ගිය තැන හෙතෙම සිය ආර්යාවද කැටුව සිනමා පටයක් නැරඹීමට ගොස් සිටි අතර, සාහසිකයකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක් වූයේය.

මෙවැනි සුප්‍රකට චරිතවල ඉරණම පිළිබඳව සාමාන්‍ය ජනතාව සිහිනෙන් දුටු ඇතැම් අවස්ථා ද වාර්තා වී තිබේ. එය වාර්තා වන්නේ එංගලන්තයේ කොන්වෝල් ප්‍රදේශයෙනි.

1812 වසරේ මේ පුද්ගලයා සිහිනෙන් දැක ඇත්තේ ඒ වන විට එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා වූ ස්පෙන්සර් පර්සිවල් මහතා ඝාතනයට ලක්වන අයුරුය. එම සිහිනයට අනුව තමන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ යම් තැනක සිටින අයුරුත්, එක්තරා පුද්ගලයකු පැමිණ තද නිල් පැහැති කබායක් හැඳ සිටි පුද්ගලයකුගේ ළය පෙදෙසට වෙඩි තබන ආකාරයත් ඔහු දැක ඇත.

ඒ සමඟම ඔහු අසල සිටි පුද්ගලයකු අමතා වෙඩි කෑ පුද්ගලයා කවරෙකුදැයි විමසා ඇත. සහාසිකයාගේ වෙඩි උණ්ඩයට බිළිවූවේ රටේ අගමැති ස්පෙන්සර් පර්සිවල් මහතා බව අසල සිටි තැනැත්තා මොහුට පැහැදිලි කර දුන්නේය.

මේ සිහිනය පිළිබඳ ඔහු පසුදින සිය බිරිඳ හා තම හිතවතුන් සමඟ සාකච්ඡා කළ නමුත් සාමාන්‍ය පුරවැසියකු වූ ඔහුට එය අග්‍රාමාත්‍යවරයාට දැන්වීමට තරම් ආත්ම ශක්තියක් නොවිණි. අනෙක් කරුණ වූයේ මෙය හුදෙක් ඔහු දුටු සිහිනයක් පමණක් වීමය. එහෙත් ඔහු එම සිහිනය දැකීමෙන් දින අටකට පසු එනම් 1812 මැයි 11 දින බෙලින්ගම් නැමැති පුද්ගලයකු විසින් අග්‍රාමාත්‍ය පර්සිවල් මහතා ඝාතනය කරන ලදී. මෙම සිහිනය දුටු පුද්ගලයා පිළිබඳව දැනගත් පැරා මනෝ විද්‍යාඥයකු වූ ආචාර්ය ජෝන් ඇබර්කෝ‍රම්බ් ඔහුව හමුවී මේ සිහිනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගෙන ඇත.

ආචාර්ය ජෝන් ඇබර්ක්‍රොම්බ් වැනි විද්‍යාඥයින් විසින් එක් රැස්කර ගන්නා ලද තොරතුරු අතර දේශපාලනයේ පරිබාහිර සිදුවීම් හා සිහින සම්බන්ධ වූ ආකාරය ගැනද වාර්තා අසන්නට ලැබේ.

සුප්‍රකට කවියෙකු වූ සැමුවෙල් ටේලර් තමාගේ එක්තරා කාව්‍ය ග්‍රන්ථයක පද්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රබන්ධ කර ඇත්තේ නිදි යහනේ දුටු සිහිනයක් අතරතුරදීය. වාසනාවකට මෙන් අවදි වූ පසුද ඒවා එකක් නෑර මතකයේ රැ¼දී තිබූ අතර, ඔහු විසින් ඒවා හැකි ඉක්මනින් සටහන් කරගෙන තිබේ.

වරක් එක් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් සිහිනයෙන් දැක ඇත්තේ නිවෙසට ඇතුළු වූ සොරුන් කිහිපදෙනෙකු තම පියාට පහර දෙන අයුරුය.

එසැණින් කාමරයේ වූ තුවක්කුව අතට ගත් ඇය සොරුන්ට වෙඩි තැබුවාය. එහෙත් නින්දෙන් අවදිවු ඇයට දක්නට ලැබුණේ තමා විසින් වෙඩි තබා ඇත්තේ තම පියාට බවය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.