පිටබැද්දර දීපිකා පිළිතුර

වෘෂභ ලග්න කටක නවාංශක පුවපල් නැකත දැනට දසාව කුජ අධ්‍යාපනය ගැන සලකා බැලීමේදී 5 වැන්න හා 9 වැන්න සුභ තත්ත්වයෙන් පවතින බව පෙනේ. පස් වැන්න අධිපති බුධ උපතේදි 9 වැන්නේ ස්ථාපිතව සිටී.

එසේම 9 වැන්නා අධිපති ශනිද අයස්තාවය වූ 11 වැන්නේ සිටී. මෙම තත්වයන් දෙකද උසස් අධ්‍යාපනයට යහපත්ය. එහෙත් 22 වන දෙර්කාණාධිපති සඳු බලවත් ලෙස පීඩාකරන බැවින්, උසස් පෙළ සමත් වුවත්, විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන සැක සහිතයි. විභාගයට පෙර සඳු වෙනුවෙන් බෝධි පුජා 7 ක් වත් කළ හැකි නම් ( මේ සඳහා සඳුදා දින තෝරා ගන්නේ නම් වඩාත් යහපත් වේ) ඉතා හොඳයි.

රාජ්‍යකාරක රවි සතුරුව රැකියා ස්ථානයේ උපතේදී ස්ථාපිතවීමත්, රජයේ රැකියාවකට බාධාගෙන දීමකි. කෙසේ වෙතත් උසස් අධ්‍යාපනය ලබා පුද්ගලික අංශයේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තියකට ඔබට හිමිකම් ඇති බව පෙනේ. 

Posted Date: 
Friday, මැයි 17, 2019 - 00:00
Category: 
ඔබේ හඳහන අනුව