නිවැරදි වාස්තු පරීක්ෂාවකින් දෝෂ හඳුනාගත යුතු බව ඔබ දන්නවාද?

නොවැම්බර් 13, 2020

ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාඥයාට නිවැරදිව වාස්තු දෝෂ හරණයක් සිදු කිරීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද අලුතෙන් නිවසක් ඉදිකිරීමේ දී වඩා තනා ඇති හෝ පැරණි නිවෙස්වල වාස්තු දෝෂ පරීක්ෂණය අපහසු කාරියකි.

සමහර අවස්ථාවන්හිදී නිවසේ ප්‍රමාණය අනුව වරුවක් හෝ ඒ ආසන්න කාලයක් හෝ ඊට වඩා වැඩි කාලයක් වුවද ගත වීමට සිදුවීම නැත්තා නොවේ.

නමුත් ගත කරන කාලය කෙසේ වුවත්, නිවෙස් හිමියා කැප කරන පිරිවැයට සාධාරණයක් ඉටු කරමින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා දීම කවර ශාස්ත්‍රඥයෙකුගේම වගකීම ද වන බව මූලිකව සඳහන් කළ යුතු ය. ඒ කෙසේ වෙතත් එක් එක් වාස්තු විද්‍යාඥයාගෙන් විද්‍යාඥයාට දෝෂ හඳුනා ගැනීම සහ ප්‍රතිඵල කථනය විවිධාකාර වන්නේ ය. නමුත් සමස්ථයක් වශයෙන් පරීක්ෂණයේ නිගමනය මත නිමවන සටහන මූලික වාස්තු සිද්ධාන්තවලින් බැහැර නොවී ඒවාට අනුකූල ඒවා විය යුතු ය. එසේම නිවාස දෝෂ පරීක්ෂාව නිවැරදි සහ අංග සම්පූර්ණ වීමට නම් අදාළ සියලු අංගයන් පරීක්ෂාවට ලක්විය යුතු බව ද සිහිතබා ගත යුතු ය.

එසේම නිවාස හිමිකරු වන ඔබ ද මෙවන් ක්‍රමවේදයකට යොමු වන්නේ නම්, සුළු හෝ මේ පිළිබඳව අවබෝධයක් ලබා තිබීම ද වැදගත් වන බව අවධාරණය කළ යුතු ය. වාස්තු දෝෂ පරීක්ෂාවෙන් පසු විධිමත් වාස්තු විද්‍යාඥයා මඟින් සැලසෙන විධිමත් වාර්තාවක්ද ඔබ අතට පත්විය යුතු ය. එහි පහත අංගයන් පිළිබඳව අවධානයට ලක් වී තිබිය යුතු ය.

01. භූමියේ පිහිටීම - ශුභ / අශුභ

02. ඉඩමේ සැළසුම - ශුභ / අශුභ

03.නිවාස සැළසුම - ශුභ / අශුභ

04. පිවිසුම් මාර්ගය - ශුභ / අශුභ

05. ප්‍රේත පාද / බ්‍රහ්ම පාද

අවට පරිසරය - ශුභ / අශුභ

06.ගෙබිම දිශා ගත කිරීම - ශුභ / අශුභ

07. පිටතට හෝ ඇතුළට

පන්නා ඇති කොටස් - ශුභ / අශුභ

08.බිත්ති පිහිටීම - ශුභ / අශුභ

09. ප්‍රධාන උළුවස්ස, දොර පියන -

ශුභ / අශුභ

10. පිටවන දොර - ශුභ / අශුභ

11. සෙසු දොරවල් උස,

පළල කතිරයට - ශුභ / අශුභ

12. ජනෙල් ඉරට්ටේ - ශුභ / අශුභ

13. ආර්ච් සහ පෑන් ලයිට් - ශුභ / අශුභ

14. මුදුන් යට ලීය, පල බෙදීම -

ශුභ / අශුභ

15. තලං / බාල්ක / කුරුපා -

ශුභ / අශුභ

16. ඉහළ මාලයට පිවිසෙන

පඩි පෙළ - ශුභ / අශුභ

17. ඉහළ මාලයේ දොර ජනෙල් -

ශුභ / අශුභ

18. ආගමික කටයුතු කරන ස්ථානය - ශුභ / අශුභ

19. මුළුතැන්ගෙය / පෝරණුව - ශුභ / අශුභ

20. වැසිකිලිය සහ එහි වළ - ශුභ / අශුභ

21.ළිඳ - ශුභ / අශුභ

22. මිදුල ගේට්ටුව - ශුභ / අශුභ

23. වෙනත් එකතු කිරීම්/ වෙනස් කිරීම් / අනු ගොඩනැගිලි - ශුභ / අශුභ

24. බාහිර දෝෂ - - ශුභ / අශුභ

25. වතුර බැසයාම - - ශුභ / අශුභ

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.