ඇස දිව පිනවන හැමෝම කන්න කැමති ස්ට්‍රෝබෙරි

සැප්තැම්බර් 3, 2021

 

වැනිලා රසය හෝ චොක්ලට් රසයට වඩා ස්ට්‍රෝබෙරි රසයට කුඩා දරුවන් බෙහෙවින්ම ප්‍රියකරයි. ස්ට්‍රෝබෙරි රසයෙන් රසගැන්වූ අයිස්ක්‍රීම්, කිරි, යෝගට්, ජෑම්, මිල්ක්ෂේක්, ජෙලි, ක්‍රීම් බිස්කට්, පුඩිං ආදි කෑම හා පාන වර්ගවලට ප්‍රිය නොකරන වැඩිහිටියෙක්වත් නැති තරම් බොහෝ දරුවන් ස්ට්‍රෝබෙරි රසයට ලොල් වී ඇත්තේ, නිතර ස්ට්‍රෝබෙරි රසැති කෑම බීම ඉල්ලා සිටින්නේ එම කෑම බීම්වල ඇති සිත් ගන්නා සුළු රෝස පැහැය හා රසවත් බව නිසයි. එහෙත් වෙළඳපලේ ඇති මේ බොහෝ කෑම බීමවලට ස්ට්‍රෝබෙරි රසය කවා ඇත්තේ කෘත්‍රීමවයි. ස්ට්‍රොබෙරි පැහැයද කෘත්‍රීම වර්ණක ඇසුරෙන් ආහාරපාන මත තවරන අතර, ස්ට්‍රෝබෙරි සුවඳ කෘත්‍රීම සුවඳකාරක මඟින් ඒවාට ඇතුළත්කර ඇතිබවද අප දැනගත යුතුමය අඹ, දිවුල්, පේර, කෙසෙල්, ඇපල් , මිදි, නාරං, දොඩම් වැනි පලතුරු තරම් සුලබව වෙළඳපලේ දකින්නට නැති ස්ට්‍රෝබෙරි, බොහෝ පෝෂණ ගුණ සහිත පලතුරක් .

 

ස්ට්‍රෝබෙරි යනු ඉක්මණින්ම නරක්වන පලතුරක්. එහෙත් පොලිතින් කවරවල හා ප්ලාස්ටික් ඇසුරුම්වල ඇසුරූ ස්ට්‍රෝබෙරී සුපිරි වෙළඳසැල්වලදී දැකගැනීමට පුළුවන. කවදාවත් නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩියක රස බලා නැතිනම් එවැනි ඇසුරුමක ඇති ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් රසවින්දාට නිතරම මෙවැනි පොලිතින් හෝ ප්ලාස්ටික් ඇසුරුම්වල අසුරා ඇති කෑම බීම ආහාරයට ගැනීම ඒ තරම් සුදුසු දෙයක් නොවේය.

ස්ට්‍රෝබෙරි යනු පැණිම පැණිරස පලතුරක් නොවේ. දිව පිනවන, ඇස පිනවන මිහිරිතම රසයෙන් යුත් ස්ට්‍රෝබෙරි පලතුරක් ලෙස මෙන්ම මිශ්‍ර ආහාරයක් ලෙසද ලොව පුරාම ජනප්‍රිය පලතුරකි. චොක්ලට්, අයිස්ක්‍රීම්, කේක් ආදිය සමඟ මෙන්ම ජෑම් ලෙසත් පානයක් වශයෙනුත් ස්ට්‍රෝබෙරි ආහාරයට එක්කර ගැනීමට පුළුවන. දීප්තිමත් රතු පැහැති ස්ට්‍රෝබෙරි ගෙඩියක් දුටු සැනින් යමෙකුට සිතෙනුයේ එය ඉතාම තද පැණි රසින් යුක්ත බවයි. එහෙත් ස්ට්‍රෝබෙරි යනු තරමක ඇඹුල් රසයක් මිශ්‍රවූ මිහිරි රසයකින් යුත් පලතුරකි.

 

වඩාත් රසවත්ව ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමට නම්

 

ස්ට්‍රෝබෙරි බොහෝවිට ගෙඩිය පිටින්ම හෝ කෑලි කපා හෝ මිරිකා එහි යුෂ ආහාරයට ගත හැකියි. සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්නේ ගෙඩි එකක් දෙකක් නොව ඊට වැඩි ගණනක් වශයෙනි(අහුරක් දෙකක් වෙරළු උගුරැස්ස, ඇඹුල් පේර ආදී වශයෙනි.) ස්ට්‍රෝබෙරි තනිවම කනවාට වඩා අයිස්ත්‍රීම්, සීනි, යෝගට්, මී පැණි හෝ චොක්ලට්, ද්‍රාවණයක ගිල්වා ආහාරයට ගැනීම තුළින් වඩාත් රසවත් බවක් ඉස්මතු කරගැනීමට පුළුවන. ස්ට්‍රෝබෙරි නැවුම් ලෙස ආහාරයට ගැනීමට අමතරව ශිතකර හෝ ජෑම්, ජෙලී, සිරප්, කේක්, මූස්, පුඩින් ආදී වශයෙන් විවිධ ක්‍රම රැසකට අතුරුපස ලෙස ආහාරයට ගතහැකි අගනාම පලතුරකි. ස්ට්‍රෝබෙරි වියළා ආහාරයට ගැනීමද යුරෝපා රටවල බහුලව සිදුකරයි.

විටමින් සී සහ පොටෑසියම් බහුල වූ ස්ට්‍රෝබෙරි රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහාද යොදාගනී.

 

ස්ට්‍රෝබෙරි සතු සෞඛ්‍යාත්මක ගුණාංග

 

ස්ට්‍රෝබෙරිවල අඩංගු නයිට්‍රේට් මඟින් රුධිර ගමනාගමනය හා පේශි සඳහා

ඔක්සිජන් පරිවහනය 7%කින් වර්ධනය කරයි.

හෘදය සම්බන්ධ රෝග වළකයි.

ස්ට්‍රෝබෙරිවල ඇති අම්ල මඟින් දත්වල මැලියම් ඉවත් කරයි.

රුධිරයේ සීනි මට්ටම සාර්ථකව පාලනය කරයි.

ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා, උගුර හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වළක්වා ගැනීමට මහඟු ඖෂධයකි.

ස්ට්‍රෝබෙරිවල අඩංගු චදබඪ – ධයඪඤචදබ මඟින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහළ දමයි.

ස්ට්‍රෝබෙරි අඬු කෝප්පයකින් දෛනිකව අවශ්‍ය වන විටමින් 100% ක්ම ලබාගත හැකිය.

ශරීරයේ බර අඩු කරයි.

ස්ට්‍රෝබෙරිවල අඩංගු චදබඪ – ඪදටතචථථචබධපර නිසා ශරීරයට නිසි පෝෂණයක්ද ලැබෙයි.

මූත්‍රාශයේ හා වකුගඩුවල මනා ක්‍රියාකාරීත්වය ඇති කරයි.

සිසිල් ගුණයෙන් අනූනයි. අධිරුධිර පීඩනය සමනය කරයි.

රූප සම්පත්තිය, නිරෝගී බව හා දිගු ආයුෂ වඩවයි.

ගැබිනි මව්වරුන්ට අවශ්‍ය ෆෝලික් අම්ලයෙන් 20% ක් ස්ට්‍රෝබෙරි දිනකට ගෙඩි 8 ක් අනුභවයෙන් ලැබේ.

ස්ට්‍රෝබෙරි යුෂ සමඟ මී පැණි මිශ්‍ර කර ආලේප කිරීමෙන් හිරු එළියෙන් සම දුර්වර්ණ වීම වළකයි.

 

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100 ක අඩංගු පෝෂණ ගුණ

 

ශක්තිය කිලෝජූල් 136 විටමින් ඕ 5 3%

විටමින් සී මිලිග්‍රෑම් 58 විටමින් ඕ 6 4%

විටමින් බී 2% විටමින් ඕ 9 6%

විටමින් කේ 2% සීනි ග්‍රෑම් 4.89

විටමින් ඕ 1 2% මේදය ග්‍රෑම් 0.3

විටමින් ඕ 2 2% මැංගනීස් 18%

කැල්සියම් 2% කෝලින් මිලිග්‍රෑම් 5.7

යකඩ 3% කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 7.68

මැග්නීසියම් 4% පොස්පරස් 3%

පොටෑසියම් 3% සෝඩියම් මිලි ග්‍රෑම් 1%

සින්ක් මිලි ග්‍රෑම් 1%

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.