මල බද්ධයෙන් බැට කන ඔබට...

පෙබරවාරි 17, 2023

 

එදිනෙදා ශරීරයේ පැවැත්ම අනුව ඔබගේ ශරීර කෘත්‍ය නිසි පරිදි සිදුවනවා දැයි සිතා බැලුවාද? අපි ගන්නා ආහාරය සප්ත ධාතූන් හට එනම් රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජ, ශුක්‍ර වශයෙන් ධාතු කොටස් හතකට පරිණතවීමෙන් ශරීරය සමබරව පවත්වා ගත හැක.

 

ආහාරයක් පිළියෙල කිරීමේදී එහි රස පමණක් සලකා බැලීම යුතු නොවේ. එයට අමතරව පෝෂ්‍ය කොටස් වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, තයමින්, රයිබො ප්ලෙමින්, ඛනිජ ලවණ, විටමින් වර්ග ආදිය ආහාරයේ අඩංගු විය යුතුය. අප ගන්නා ආහාරය සමතුලිත, සමබරින් විය යුතු වේ. සෑම ආහාරයක්ම ඉහත සඳහන් ආහාර කාණ්ඩයන්ට ඇතුළත් විය යුතු වේ. එමෙන්ම අප ශරීරයට අවශ්‍ය ජලය වැඩි වශයෙන් ගත යුතු බව සිත තබා ගත යුතු ය. ශරීරය වියළි තත්ත්වයට පත්වීමට නොදී ගනු ලබන ජලය මුත්‍රා පෙරීමට අවශ්‍යම දෙයකි. සෑම ඉන්ද්‍රියකම පැවැත්මට ජලය අවශ්‍ය වේ.

 

පිරිසිදු ජලය පානය

 

විශේෂයෙන්ම මල බද්ධය ඇතිවනු ලබන්නේ ජලය නිසි පරිදි නොගන්නා නිසාවෙනි. උදේ පාන්දර අවදි වී මුවකට දොවා පිරිසුදු වතුර වීදුරුවක් පානය කිරීම සුදුසුම ක්‍රියාවකි. ඒනිසා මල බද්ධය සෑදෙන ප්‍රවණතාවයක් නොමැත. ඉතා ඝන ආහාර ගත් විට මල බද්ධය සෑදීමට තුඩු දිය හැක. මල බද්ධය ඇති උදවියට ප්‍රතිකාර කිහිපයක් සඳහන් කිරීම සුදුසුය.

 

පලතුරු එළවළු ගැනීම

 

අප මේ පුංචි ශ්‍රී ලංකාවේ වැවෙන වටිනා වෘක්ෂලතාදියෙන් ඖෂධ ලෙසත්, ආහාර ලෙසත්, එළවළු-පලතුරු ආදිය ගත හැකිය. වකුගඩු හොඳින් ක්‍රියාත්මකවීමට පොල් වතුර, කැකිරි, කරවිල, කොහිල, රාබු ආදිය සුදුසු වේ. පලතුරු වශයෙන් ගතහොත් ගස්ලබු, කෙසෙල්, බෙලි, පේර, අලිගැටපේර, නෙල්ලි වැනි පලතුරු ගැනීමෙන් මල බද්ධය මර්දනය වේ. එමෙන්ම වරින් වර ජලය පානය කිරීම නිසා මලබද්ධය ඇති නොවීමට හැකියාවක් ඇති වේ.

ආහාරයක් ලෙස මුඛයට ගත් යමක් ජීර්ණය වී අධෝ මඟින් පිට වන විට බොහෝ අස්වැසිල්ලක් දැනෙනා බවක් මෙන්ම කායික පහසක් ඇතිවේ. ආහාරය ජීර්ණය වීමට පෙර මුඛයට ඇතුළුව දත්වලින් ඇඹරී ගලනාලය ඔස්සේ ආමාශය තුළට සම්ප්‍රාප්තව සම්පූර්ණ ජීර්ණය අරඹා කුඩා අන්ත්‍ර මහ අන්ත්‍ර තුළින් පැමිණ සිටීම භාග (මල) ලෙස පිට වේ.

අවසානයේ උණ්ඩුක පුච්චය නම් ස්ථානයේ ආහාරවල ඇති කුඩා ගල් කැට, වී පොතු ආදී අමතර කොටස් ඒක රාශිව තැන්පත් වේ. මල බද්ධය ඇතිවන කුඩා දරුවන් හට සුදුසු ආහාර පාන ලබා දීමට මවුවරුන්ගේ යුතුකම වනු ඇත.

කුඩා දරුවන් සිටින මවුවරු දරුවන්ට කිරි දීමෙන් අනතුරුව මලපහ කිරීමේ පුරුද්දක් ඇති කිරීම විශේෂ කාරණයකි. නිරෝගී පුද්ගලයකු මලපහ කිරීමෙන් පසු තවමත් ගුදයේ මල රැඳී ඇති බව දැනේ නම් ගුදයේ ඇති මල ඉවත් කර පිරිසුදු කළ යුතු බව අවශ්‍ය කාරණයකි. මල බද්ධය තිබියදී කෙසේ එය මුදා හැරෙන විට රුධිරය පහවන බවද දක්නට ලැබෙන කාරණයකි. මේ ලෙසම ළමයින්ට කිරිපණු ගාය තිබේ නම් ද මල බද්ධයෙන් පීඩාවිඳින්නට සිදුවේ.

 

දියරමය ආහාර භාවිතය

 

එවැනි දරුවන් සිටින මවුවරු වඩාත් හොඳින් එම දරුවන්ගේ ආහාර පිළියෙල කරන විටදී සුප් වර්ග, කිරි ආදී දියරමය ආහාර සකස් කර දීම වඩා හොඳ බව සිතට ගත යුතු ය.

 

ප්‍රතිකාර

 

මල බද්ධය තිබියදී යටි බඩ තද වී වේදනාව පවතී නම් උණුදිය ටිකක් ගෙන ගෝස් කෑල්ලකින් තෙමා වේදනා ස්ථාන තැවීම කරන්න. එවිට යන්තමින් හෝ මල බුරුල්ව පිටතට යා හැක. මෙම රෝගයේදී ශරීරයට පාණ්ඩු පැහැයක පෙනුම ලැබේ. මධ්‍යම වයසේ මෙන්ම මහලු වයස වන විට මල බද්ධය ඇතිවීමට අවකාශ ලැබේ. මෙය ඖෂධ උපයෝගී කරගෙන සුවපත් කළ නොහැකි රෝගයකි. දිනපතා ජලස්නානය කිරීමෙන් මෙම ආබාධය වළක්වා ගත හැක. සමහර උදවියට දින 3 - 4 කාල සීමාවක් මල බද්ධය පවතී. මේ සඳහා වස්ති ප්‍රතිකාර ද ගැළපෙනු ලබයි. මෙම අවස්ථාවලදී ශරීරය කෙට්ටු වේ. මෙය වැළක් වීමට නම් දිනපතා උණුසුම් ජලය පානය කළ යුතු වේ.

තෙල් සහිත, පිටි සහිත, කිරි සහිත ආහාර නිතර නිතර ගැනීමෙන් මල බද්ධයට අත වැනීමක් වනවා නොඅනුමානය. මෙම ආහාරවලින් තොර වූ දේ ගැනීම සෞඛ්‍යයට හිතකර වේ.

 

පාරම්පරික ආයුර්වේද අක්ෂි විශේෂඥ වෛද්‍ය නේත්‍රිලෝක වෛද්‍ය සේවය

සුසිලා නාලනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.