වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
2023.07.31 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජූලි 30, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
කරදර සහිත දවසකි. කණගාටු සහිතව දවස ගතවේ. නිශ්ඵල ගමන් වියදම් බහුල කරවන අතර ශුභ වැඩට බැසීමට යහපත් දවසක් නොවේ. ආහාර නොදිරවීමේ අපහසුතාවයක් ඇතිවීමට ද ඉඩ තිබේ.
වෘෂභ
හොඳ ආහාර පාන ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මිත්‍රයන් හා දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.
මිථුන
ගෙදර දොර කටයුතුවලට වාසනාවන්ත දවසක් වේ. බලාපොරොත්තු ඉටුවනු ඇත. මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවන අතර අසනීපයක් ගැන කතා කරන දිනයකි.
කටක
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නැතිවන අතර බලාපොරොත්තු ඉටු නොවනු ඇත. ආලය
පිළිබඳ කටයුතුවලින් සිත්තැවුල් ඇති කරයි. කරගෙන ආ කටයුතු පිළිබඳ කරදර මතුවේ. අජීර්ණ ආබාධයකට ඉඩ ඇති අතර, රක්ත වාත ආබාධ ඇති අයට එය උත්සන්න වන දිනයකි.
සිංහ
කරදර සිත්තැවුල් ඇතිවන දිනයක් වන අතර නිතර කේන්ති යන බවක් ද පෙන්වයි. ඥාති මිත්‍රාදීන් සමඟ අමනාපකම් ඇති වීමට පවා ඉඩ ඇත. කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු දිනයකි. හිතවතකුගෙන් තෑග්ගක් හිමිකරයි.
කන්‍යා
සතුරන් ඇතිවීමක් හෝ සතුරන් ඇතිවන ආකාරයට කථාවක් හෝ ඇතිවේ. මිල මුදල් නැතිකම ගැන කරදර ඇතිකරයි. නිතර දුරදිග බලා කටයුතු කරන්න.
තුලා
තමා කෙරෙහි අන් අය අතර පැවැති ගෞරවය අඩුව යන දිනයක් වන අතර, නැතහොත් තමාට අගෞරවයක් වන ලෙසට වෙන අයෙක් කතා කරයි. නිතර සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. කල්පනාකාරී ලෙස කටයුතු කළයුතු දිනයකි.
වෘශ්චික
වංචාකාරී අදහස් සිතෙහි ඇතිවන දිනයකි. නිතර ලාභ ලබන ආකාරය ගැන කල්පනා කරයි. පෞද්ගලික කටයුතු කෙරෙහි විමසිලිමත් වීම වැදගත් කරයි. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කරයි.
ධනු
නොතේරුම්කමින් හෝ වැරදීමකින් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවීම ඉඩ ඇත. ගේ දොර ඉකටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවීම වැදගත් වේ.
මකර
දියුණුවට කටයුතු සැලසෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වන අතර අලුත් හිත මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ද ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.
කුම්භ
වාසනාවන්ත දවසක් වන අතර අන් අයගෙන් උදව් උපකාර ද ලැබෙනු ඇත. භූමිය පිළිබඳ කටයුත්තක් හෝ ගෙදර බඩු බාහිරාදිය පිළිබඳ වෙනසක් හෝ කිරීමට සිතෙන දවසකි.
මීන
සිත්තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර පිනට දහමට ආශාව, ආගම් භක්තිය ඇති කරයි. ගෙදර දොර කටයුතු හරිහැටි තේරුම් නොගැනීම නිසා කරදර ඇති කරයි. විශේෂ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
ජ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00