වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මැයි මස 30 වැනි අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
මැයි 30, 2023

ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා
අලුයම 03.00 - අලුයම 04.27 දක්වා
ශුභ දිසාව - නැඟෙනහිර
මේෂ ලග්න
සතුරු කරදර පැවතියේ නම් ඒවා තුරන්ව යන දිනයක් වන අතර සිතට සහනයක් සතුටක් ගෙනදෙන කරුණු ඇතිවේ. හිතවතුකුගේ අසනීප තත්ත්වයක් ගැන හෝ කරදරයක් ගැන කතා කිරීමට ද ලැබෙනු ඇත.
වෘෂභ ලග්නය
බාහිර කරදර නිසා හිතට සහනයක් නොමැති දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට පවා බාධා මතුවේ. පෙරකළ වරදකට දඬුවම් ලැබීමට වුවත් ඉඩ ඇති අතර බඩේ අමාරු අජීර්ණ ගති ඇතිවනු ඇත.
මිථුන ලග්නය
ගෙදර දොර සැප පහසුව අඩුව යන අතර අන් අය සමඟ අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු වනු ඇත. අධික වියදමක් දැරීමට හෝ මිල මුදල් හානියකට ද ඉඩ ඇති දිනයකි.
කටක ලග්නය
බලාපොරොත්තු සහිතව කටයුතු කරන දිනයක් වන අතර හිතවත් අයකුගේ ඈත් වීමක් මෙන්ම අලුත් හිතවත් පිරිසක් ආශ්‍රයට ලැබෙන දිනයක්ද වනු ඇත. මිල මුදලක් ලැබීම පිළිබඳ හිතේ බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරනු ඇත.
සිංහ ලග්නය
වියදම් අධික දිනයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට හෝ කැඩිබිදි යාමටද කරණු යෙදෙනු ඇත. අලාභ හානි සහ කටයුතුවලට බාධා ගෙන දෙන දිනයක් වන අතර උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. කෑම බීම ගැනීමට පවා ප්‍රමාද වනු ඇත.
කන්‍යා ලග්නය
ශරීරයෙහි නිරෝගී බවක් ඇති වන අතර සිතේ සතුටට කරුණු සැලසෙනු ඇත. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර කෑම බීම වල යම්කිසි වෙනසක් ද ඇතිවනු ඇත. පි‍්‍රය සම්භාෂණවලට සහභාගිවීමට වුවත් ඉඩ ලැබෙනු ඇත.
තුලා ලග්නය
කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාද වීම් ගෙන දෙන අතර අලාභ හානියකට හෝ තමා සතු වටිනා දෙයක් නැතිවීමට ද පුළුවන. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවන අතර ශරීර ආබාධයකට ද ඉඩ තිබේ.
වෘශ්චික ලග්නය
ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ ලැබෙන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර ආශ්‍රය කරන්නන්ගේ පී‍්‍රතියට කටයුතු සැලසේ.
ධනු ලග්නය
අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයක් වන අතර හොඳින් කාලය ගත වේ. පවුලේ වැඩිහිටි අයෙක් සමඟ ආශ්‍රයක් හෝ ගනුදෙනුවක් කිරීමට කටයුතු සැලසෙන අතර උනන්දුව ඇතිවේ. කම්මැලි ගති නැති වේ.
මකර ලග්නය
පිනට දහමට, ශ්‍රද්ධාවක් ඇතිවන අතර අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගතවනු ඇත. කුඩා දරුවන්ගෙන් කරදර හා ඔවුන් නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර ගෙදර දොර අඩුපාඩුකම් ඇතිවීමටද ඉඩ තිබේ.
කුම්භ ලග්නය
ආහාර දිරවීමේ අපහසුතාවයක් ඇතිවන අතර කනගාටුදායක සිදුවීමක් හෝ සිතට දුකක් දැනෙන දෙයක් ඇසීමට හෝ එවැනි දෙයකට මුහුණදීමට සිදුවනු ඇත. කරගෙන යන කටයුතුවලට අවුල් වියවුල් බාධා ඇති විය හැකි අතර සර්ප බියකටද හේතු යෙදෙණු ඇත.
මීන ලග්නය
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් ඇතිවනු ඇත. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන අතර නිදා ගන්නා තැන වෙනස් කිරීමට වුවත් ඉඩ ඇති දිනයකි.
ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 07.24 සිට පෙ.ව. 08.56 රාත්‍රී 07.46 සිට 09.14 ...
2023-05-14 12:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය ප.ව. 04.46 සිට ප.ව. 06.20 අලුයම 04.27 සිට 05.54 ශුභ...
2023-05-13 12:00:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 08.54 සිට පෙ.ව. 10.28 රාත්‍රී 09.13 සිට 10.40 ශුභ දිසාව - බස්නාහිර මේෂ පොදු ජනයා සමඟ ආශ්...
2023-05-12 12:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂහදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 14:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂ හදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 12:30:00
ඉර උදාව පෙරවරු 05.55ඉර බැසීම පස්වරු 06.19රාහු කාලය – පස්වරු 12.11 සිට 01.40 දක්වා මේෂ සිත් තැවුල් ගෙනෙන කණගාටුදායක දිනයක් වන අතර, උසස් අයගෙන් හෝ...
2023-05-09 11:00:00
ඉර උදාව පෙරවරු 05:55 ට ඉර බැසීම පස්වරු 6:19ටරාහු කාලය 02:50 සිට 4: 25 දක්වාසුබ දිශාව - නැගෙනහිර මේෂ ලග්නය වැඩිහිටියන්ට හිතවත්ව කටයුතු...
2023-05-08 17:15:00
ඉර උදාව - පෙරවරු 5.55 රාහු කාලය - (පෙරවරු සහ පස්වරු) 7.25 සිට 8.55 දක්වා මේෂ ලග්නය ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක්...
2023-05-07 16:30:00
සූර්ය උදාව පෙරවරු 05:55 ටරාහු කාලය 4:25 සිට සිට 05:55 දක්වා (රාහු කාලය පෙරවරු සහ පස්වරු සඳහා එකම අයුරින් යෙදේ) මේෂ ලග්නය ...
2023-05-05 18:30:00
මේෂ ලග්නය වැඩ කටයුතුවල යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර...
2023-05-05 18:15:00
මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය අපේ‍්‍රල් මස 20 වැනිදා සිදුවූ අතර එහි බලපෑම 2023.12.31 දක්වා බලපානු ඇත. එය කාලගුණ, දේශගුණ විපර්යාස මිනිස් සංහතියට මෙන්ම...
2023-05-04 18:30:00
කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්...
2023-04-20 18:30:00
බක්මහ වසන්ත සැණකෙළිය අදයිරවි මේෂයේ උච්ච වෙයි බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් පෞද්ගලික ව්‍යාපාර...
2023-04-13 18:30:00
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද...
2023-04-06 18:30:00
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේඅධ්යාපනයේ පවතින ඌනතා අවම කෙරේසෞඛ්ය අංශයේ දියුණුවක් වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක්...
2023-04-06 18:30:00