වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මැයි මස 15 වැනි සඳුදා - ලග්න සහ රාහු කාලය
මැයි 14, 2023

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 6.20
රාහු කාලය පෙ.ව. 07.24 සිට පෙ.ව. 08.56
රාත්‍රී 07.46 සිට 09.14
ශුභ දිසාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති අතර සුළු තුවාල අනතුරු ඇතිවීමටද ඉඩ තිබේ. අන් අය සමඟ ආශ්‍රය කිරීමේ දී හා ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් විය යුතු ය. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවිය හැකි අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
අලුත් හිත මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබෙන අතර ආශ්‍රය කරන අයගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ. විරුද්ධ ලිංගිකයන් සමඟ හිතවත්කම් ඇතිකරගෙන කටයුතු කිරීමට ද ලැබෙනු ඇත. ඥාතියකු හෝ මිත්‍රයකු තමාව සොයාගෙන එනවා ඇත.
මිථුන
ගෙදර දොර කටයුතුවලින් සැනසීමක් ලැබෙන දිනයක් වන අතර අන් අයගෙන් උදවු උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට ද හැකිවනු ඇත. තරමක චංචල සහගත සිතකින් කටයුතු කිරීමට සිදුවේ.
කටක
අන් අයගේ තැනක වාසය කිරීමට සිදුවන අතර ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු වනු ඇත. දුර ගමනක් හෝ දුරක සිටින අයකු ගැන සිතන දිනයක් වන අතර ආමාශ ගත ආබාධයක් ඇතිවීමට ද ඉඩ ඇත.
සිංහ
කනගාටු සහිතව කාලය ගතවන අතර නිශ්ඵල ගමන්, අධික වියදම් ඇති කරවනු ඇත. සිතට සැකයක් ඇතිව කටයුතු කිරීමට සිදුවන අතර දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවීමට ද ඉඩ ඇත.
කන්‍යා
මිත්‍රයන් හා ආශ්‍රය ඇතිවන දිනයක් වන අතර සැප පහසුවට, හොදට නිදා ගැනීමට ද ලැබෙනු ඇත. තරමක රාගාධික ගතියක් ඇතිවන අතර දියුණුවට යහපත් දිනයකි.
තුලා
සුළු සුළු වස්තු ලාභ ලැබෙන අතර ගෙදර දොර වාසනාවන්ත වේ. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන අතර ආහාර දිරවීමේ අපහසුතාවයන් ඇතිවනු ඇත.
වෘශ්චික
බාහිර කරදර ඇති කරවන දිනයක් වන අතර යම්කිසි වරදක් නිසා දඬුවම් ලැබීමටද සිදුවිය හැකි දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා ගෙන දෙයි. ධන හානි ද ඇතිවේ. බඩේ අජීර්ණ ගති රක්ත වාත අමාරුවලින් පීඩා ගෙනදෙනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර ගෙදර දොර සැප පහසුව අඩුවේ. කරගෙන ආ කටයුතුවල ප්‍රමාදවීමක් පෙන්නුම් කරන අතර එයින් පාඩුද ඇතිවනු ඇත. උදරාබාධ පපුවේ පෙනහලුවල අමාරු ඇතිවනු ඇත.
මකර
හිතවත් අයකුගෙන් ඈත්වීමක් ඇති විය හැකි අතර මිතුරකුගේ පැමිණීමක් ද ඇතිවේ. ධෛර්යමත්ව කටයුතු කරන අතර නිතර අදහස් වෙනස් කරන ගතියක් ද ඇතිවේ. තමා ගැන යම් හොඳක් ඇසීමට සිදුවන දිනයකි.
කුම්භ
මුදල් හානි, මෙන්ම තමා සතු යම් යම් බඩු භාණ්ඩ කැඩීබිඳී යාමට ඉඩ ඇති දිනයක් වන අතර අන් අය අතර තමා කෙරෙහි පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යනු ඇත.
මීන
හොඳ දෙයට සිත යොමුවන අතර මිහිරි ආහාර පාන වර්ග ලැබෙන දිනයකි. අලුත් ආභරණ වස්තු ආදිය ලැබීමට ද පුළුවන. පෞද්ගලික කටයුතු කෙරෙහි හිත ඇදී යන අතර නිදහස්ව කටයුතු කිරීමටද යෙදෙයි.
ඡ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න්...
2024-02-08 18:30:00
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච...
2024-02-01 18:30:00
එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට...
2024-02-01 18:30:00
ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරියහත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31...
2024-01-25 18:30:00
ප්‍රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චිඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා...
2024-01-18 18:30:00
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තියකාලගුණික බලපෑම් දැඩි වෙයිප්රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි දැනුමට...
2024-01-11 18:30:00
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්...
2024-01-04 18:30:00
යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය...
2024-01-04 18:30:00
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තියලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක් රාශි...
2023-12-28 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන...
2023-12-21 18:30:00
සුබ නැකත ගැන රටම කතා කරනුයේ සිංහල අලුත් අවුරුද්දටය. එහෙත් උපන් දා සිට මැරෙනදා තෙක්ම නැකත් සමඟ කටයුතු කිරීමට පෙළඹී ඇත්තෙමු. සුබ නැකත් ඇත්තටම වැඩක්...
2023-12-14 18:30:00
මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය දෙසැම්බර් 28 පෙරවරු 06.02 ට ඥානකාරක බුධ සමඟ සෙන්පති අඟහරු අතර සිදු වනු ඇත. එයින් බුද්ධියට ආධිපත්‍යය දරන බුධ ග්‍රහයා ජය ගනී...
2023-12-07 18:30:00
ලග්න දොළසටම එකවර වාසනාවවෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ-ලග්න හිමියන්ට සස සහ රුචක යෝග බලයෙන් නිරෝගී දරු සම්පත්ලග්න දොළසටම ඵාශ, ගජකේශරී, වෙශී, වොශී,...
2023-11-30 18:30:00
එළැඹෙන වසරේ ජනවාරි 15 අලුයම දක්වා දෙසැම්බර් මාසයම ද ආවරණය කෙරෙන පරිදි ධනු රාශියේ මේෂ නවාංශකයේ මූල නැකතේ 01 පාදය ආශි‍්‍රතව සූර්ය දිව්‍යරාජයා ධර්ම...
2023-11-23 18:30:00
වනිතාවන්ට සහන සේවා රැසක්මැද පෙරදිග ගිනි ගැනීම්, යුද ගිනිබිය වර්ධනය වීම්සංචාරක සේවා වර්ධනය වෙයිරංගන, ගායන, කලාකාමීන්ට සුබසාධනනොවැම්බර් 30 ගුරු දින...
2023-11-16 18:30:00
වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ රාශිවලට කුජගෙන් රුචක යෝගරාය හා ශනිගේ සස යෝග බලයෙන් වාසනාව පෑදේමිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට බුධගෙන් භද්රායෝග බලය සමඟ...
2023-11-09 18:30:00