තුලා රැසේ ත්‍රිත්වයෝගයෙන් ලග්න 9කට සුබපල

ඔක්තෝබර් 29, 2021

තුලා රාශියට සංක්‍රමණය වූ රවි - කුජ - බුධ ත්‍රිත්ව යෝගය නිසා මේෂ - වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-තුලා-ධනු-කුම්භ-මීන යන ලග්න 09ට ඉතා ප්‍රසන්න සුබපල ගෙනදෙන අතර කටක-වෘශ්චික-මකර යන ලග්නවලට මධ්‍යපල උදා කෙරෙනු ඇත.

ග්‍රහලොව රජු යන විරුදාවලිය ලත් රාජ්‍යකාරක රවි ලොව එළිය කරන්නාද වෙයි. රවි ඔක්තෝබර් 17 දින දහවල් 1.12ට තුලා රාශිගත විය. රවි තුලාවේ නීචවුවද අසුබ පල නොව සුබ පලම ගෙ දෙයි. කුජ මෙතෙක් කන්‍යා රාශියේ සතුරුව සිට රටේ නොසන්සුන්තා, විරෝධතා, වැඩ වර්ජන, සමාජ විෂමතා ගෙනදී යළි යථාවත් කරමින් ඔක්තෝබර් 22 දින අලුයම 02.20ට තුලා රාශියට සැපත් වී මිනිස් සිතිවිලි ක්‍රියාකාරකම් සන්සුන් බවට පත් කිරීමට හේතුවෙයි. ඒ අතර නොවැම්බර් 02 දින උදේ 9.54 ට තුලා රාශියට සම්ප්‍රාප්ත වන ඥානකාරක බුධ සමාජ ප්‍රතිශෝධනයකට මුලපුරනුු ඇත. මේ අනුව රවි-කුජ-බුධ යන ග්‍රහ ත්‍රිත්වය සිකුරුට අයත් තුලා රැසට පැමිණීම ඔබට, අපට, රටට ඉතා සුබවාදී ග්‍රහ රටාවක් උදාකරමින් අහස් සිතියම විසිතුරු කරනු ඇත. මේ අනුව විවිධ ආකාරයෙන් රාජ්‍ය පරිපාලනයට බලපෑ තර්ජන - පාරිසරික විෂමතා හා ජන සිත්සතන් තුළ මතු කළ ප්‍රතිරෝධතා සමනය වීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

සුබසෙත ජ්‍යොෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි

....................................................

දිව්‍යමය සුබ මුහුර්ත

(ඔක්. 29 දා සිට නොවැ 04 දක්වා)

29 ශු උදේ 06.57 සිට උදේ 07.09 දක්වා

30 ශ උදේ 05.57 සිට උදේ 06.27 දක්වා

31 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා

නොවැ 01 ච උදේ 08.29 සිට උදේ 08.45 දක්වා

02 කු උදේ 10.27 සිට උදේ 10.57 දක්වා

03 බු උදේ 09.57 සිට උදේ 10.27 දක්වා

04 ගු උදේ 09.09 සිට උදේ 09.28 දක්වා

 

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, සුබ කටයුතු ආරම්භයට සුබයි.

චම්පිකා අඹුවන්ගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.