කුජ සිකුරුගේ නොපනත්කම් මැඬලීමට ග්‍රහලොව රජු මැදිහත්වේ

ජූලි 30, 2021

කුජ යනු ආවේගශීලී මෙන්ම කිසියම් දෙයක කඩිනම් බවක් ඇති කරන දඩබ්බර ගතිගුණ ඇති ග්‍රහයාය. සිකුරු ආදරයට ආලයට පෙමට මුල්වන සෞන්දර්යවාදියා යයි කීවොත් නිවැරදිය. මේ දෙපළ එකට මුණගැසීම ආදරයේ උච්චතම බවක් හා පෙම්ලොවේ ප්‍රබල සිදුවීම් ඉහළයාමක් මතු කෙරෙනු ඇත.

 

මේ කොයි හැටි වෙතත් සිකුරු සිංහ රාශිගත වීම මේ මස 17 වැනි ශනි උදේ 09.26 ට සිදුවන අතර කුජ මේ මස 20 වැනි දින සවස 05.54 ට සිංහ රාශිගත වෙයි. කුජ සිංහයට මිත්‍ර වන අතර සිකුරු සිංහයට සතුරු වෙමින් පැමිණෙන නිසා සිකුරුගේ සෞන්දර්යවාදී බව ආදරණීය බව අහෝසි වී යාම තුªළ සොඳුරු ආදරණීය බවට වඩා අසුන්දරවාදී අදහස් පළ කරන්නකි. ඒ අනුව කුජගේ සෘජු බව හමුවේ නම්‍යශීලීවන සිකුරුගේ හැසිරීම් රටාව අනුව පිවිතුරු අදහස් වෙනුවට අහිමිරි සිදුවීම් පළවන සුළුය. ඒ අනුව කාන්තා හිංසන ළමා අපචාරවල අඩුවක් නම් දකින්නට නොහැක. ඒවායේ ඉහළ යාමක් පෙන්වයි. ගින්දරට පුළුවන් මෙන් කුජ සිකුරු එක්ව ගෙන එන මේ අසමාන හැසිරීම මඳකට හෝ සමාජය දුෂ්ශීල වන සුළු වෙයි. එහෙත් මේ මස 16 වැනි දා සවස 04.54 සිට ග්‍රහලොව රජු ලෙසින් හඳුන්වන රවි කටක රාශි ගත වීම නිසා කුජ සිකුරුගේ මේ නොපනත්කම්වලට නම් ඉඩ හසර ලැබෙන්නේ නම් නැත.

ඒ අනුව රවිගේ ග්‍රහ දෘෂ්ටිය ඒ අය වෙත ලැබීමෙන් කුජගේ දඩබ්බරකම් මෙල්ලවනවා මෙන්ම සිකුරුගේ නොමනා හැසිරීම් පාලනය වීමට බොහෝ විට ඉඩ ලැබෙනවා ඇත.

මේ නිසා සමාජයේ සිදුවන අශීලාචාර අසංවර කාම අපචාර වේවා නොමනාකම් වේවා ඒවාට නීතියේ වැඩ බැඳෙන හොඳම අවස්ථාව මෙය හැටියට සලකා නව නීති සම්පාදනය වීම තිබෙන නීති හරියාකාරව ක්‍රියාත්මක වීම කෙරෙහි රටේ බලවතුන්ගේ යොමුවීම නිසි ලෙස සිදුවනු ඇත. ඒ අනුව රටේ පැහැදිලි ගමනකට කටයුතු සැලසෙනු ඇත.

 

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.