නවම් මහේ කුජ මාරුවෙන්

පෙබරවාරි 12, 2021

අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්ෂේත්‍රවල වෙනස්කම් රැසක්

 

චන්ද්‍ර ශුක්‍ර - රවි චන්ද්‍ර සහ කුජශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය රවි, කුජ, කුජ, ශුක්‍ර චතුර්කෝණ දෘෂ්ඨිය, රවි ශුක්‍ර, ගරු, ශනි සහ කුජශනි යෝගය අර්ධ කාල සර්ප යෝගය සෙනසුරු බුධ, ගුරු නැප්චූන්, ප්ලුටෝගෙන් පාපකර්තරීවීම මූලාශ්‍රය කර ගනිමින් උත්තරයනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි භාග නවම් මහේ පුර එකොළොස්වක තිථියලත් පෙබරවාරි 22 වෙනි සඳු දින අලුයම 04.36 ට වෘෂභ රාශිය මකර නවාංශකය රවි හිමි කැති නැකතෙහි දෙවැනි පාදයෙන් මාර්තු 14 අලුයම දක්වා 2020 පෙබරවාරි 13 සුබසෙතෙන් අනාවරණය කරන ලද පෙබරවාරි 22 අතිබිහිසුණු කුජ ශනි ගිණි කතුරු යෝගය අවධිමත් වී විශ්වය පුරාවට සෙන්පති භූමි පුත්‍ර අඟහරුගේ සංක්‍රමණ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ ය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි මකර රාශිය උදාව පවතින මොහොතෙහි ගුරු නීචව සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව බුධ සමව ලග්නගතවද නැප්චූන් සමව සිකුරු මිත්‍රශීලීව 02 වැන්න වූ ධනස්ථානගතවද යුරේනස් සමව 04 වැන්නේ ද උච්චක්ෂේත්‍ර රාහු අඟහරු සමව 05 වැන්නේ ද චන්ද්‍රයා මිත්‍රශීලීව 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතවද කේතු උච්ච ක්ෂේත්‍රව අයස්ථාණය වූ 11 වැන්නේ ද ප්ලූටෝ මිත්‍රශීලීව 12 වැන්න වූ වැයස්ථානගතවද තැම්පත් වී විශ්වය පුරාවට දැඩි අර්බුධකාරී ස්වභාවයක් ජවබල සම්පන්නව විකාශනයට පාත්‍ර කෙරෙනු ඇත.

සෞඛ්‍යය, අධ්‍යාපනය, අධිකරණය, බාල, මහලු, තරුණ, වැඩිහිටි පන්තිභේද, වර්ණභේද තරා තිරම් නොසළකා උභතෝ කෝටික, විපරීත, කාල පරාසයකට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශයන පංච මහා භූත සංකලනයකට තුඩුදෙනු ලබන ග්‍රහ මාරුවෙකි. ලොව පවත්නා නීති පද්ධතිය ප්‍රාණවත්ව මුවහත්ව සක්‍රීය වෙනු ලබයි. නිරවද්‍යය මනුෂ්‍යත්වය මෙතෙක් දුරස්ථවීම මත රුධිර පාලන කුජ, ශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය, කුජ රාහු සංයෝග ගුරු, ශනි සංයෝගය, කුජ ගුරු ත්‍රිකෝණ දෘෂ්ටිය පොදුවේ සැමට වත්මන් මානව වර්ගයා කෙරෙහි ආශාව, වෛරය, මෝඩකම (ලෝභ, ද්වේෂ, මෝහ) විෂ කාරක රුධිරය ඉවත්කරළීමේ පුනරාගමනය පිණිස මෙසේ අඟහරු මාරුව සිද්ධ වෙන්නේ ය.

 

 

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.