මවටත් පුතුටත් සම්මාන හිමිකර දුන් සෙනසුරු ඒරාෂ්ටක

දෙසැම්බර් 13, 2024

අද දිනයේදී බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නටය. ඒ අන් කිසිවකුත් නොව මුළු රටම දන්නා රංගන ශිල්පිනියක වන මාදනී මල්වත්තගේ මහත්මියයි. ඔක්තෝබර් 21 වැනිදාවක කන්‍යා ලග්නයෙන් උපත ලබා ඇති මාදනී මහත්මියගේ උත්පත්ති දළ කේන්දර සටහන පහත පරිදි වේ.

මේ කේන්දර සටහනෙහි රවි සහ සිකුරු යන ග්‍රහයින්ගෙන් ඉතා බලගතු නීචභංග රාජ යෝගයක් නිර්මාණය වී ඇත. සිකුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස දෙවැනි භාවය තුළ තැන්පත්ව සිටීමද චන්ද්‍ර සහ සිකුරු යන ග්‍රහයන් එකම රාශිය තුළ යාබද අංශකවල සිටීමද අනුව, ඇය වෘත්තීමය කලාකාරියක් වන බව පෙන්නුම් කෙරේ. තවද මේ කේන්දර සටහනේ, ඉතාම ප්‍රබල සිංහාසන යෝගයක් තිබීමට අනුව ඇයට ප්‍රසිද්ධවීමට සහ ප්‍රධානත්වයක් දැරීමට භාග්‍යය උදා වී ඇති බව පෙනේ.

පසුගිය සතියේ ඇය ඉතා සුවිශේෂි කටයුත්තක් ආරම්භ කළාය. එනම් කොළඹ සුදර්ශි ආයතනයේ “ඒජචඤඥථර ධට බඩඥචබපඥ ඒපබඵ” විසින් මෙහෙයවනු ලබන නාට්‍ය හා රංගකලාව සයමාසික වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය දැක්වීමය. දශක දෙකකටත් වඩා වැඩි කාලපරිච්ඡේදයක් තුළ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය, ඇයගේ ජීවිතයේ අමතක නොවන ජයග්‍රහණ පිළිබඳව සහ හද කම්පා කරවන මතකයන් පිළිබඳව කතාබහ කළේ මෙසේය.

මේ සුප්‍රසිද්ධ කලාකාරිනියගේ උත්පත්ති කේන්දර සටහනට අනුව 2007 වසරෙහි ජූලි 7 වැනිදාත්, 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියරද එයින් පසුව එළැඹෙන වසර දෙක දෙක හමාරක පමණ කාලසීමා තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාවද ගත කර ඇති බව පෙනේ. ඒ අනුව 2007 වසරේදී ඇය රාජ්‍ය නාට්‍ය උළෙලෙහි හොඳම රංගන ශිල්පිනිය බවට පත් වද්දී ලග්න ඒරාෂ්ටකයේ ප්‍රථම අදියරද 2009 වසරේදී ඇය රාජ්‍ය නාට්‍ය උළෙලෙහි හොඳම රංගන ශිල්පිනිය බවට පත්වද්දී ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ද ගත කර ඇති බව පෙනේ. මෙතරම් අති විශිෂ්ට ජයග්‍රහණ පවා ඒරාෂ්ටක කාලවකවානු තුළ ලැබීමෙන් ඒරාෂ්ටක කාලවකවානුවල ලැබෙන්නේ අසුබ ප්‍රතිපල පමණක්ම නොවන බව ඉතා හොඳින් තහවුරු වෙයි.

මාදනී මල්වත්තගේ රංගවේදිනියට , 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලසීමාව තුළ, ලග්න ඒරාෂ්ටකයේ පළමු අදියර සහ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ඒ අනුව ඇය 2010 වසෙර්දී පැවැති රයිගම් ටෙලිස් සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානයෙන් පිදුම් ලබන විටද, 2011 වසරේ පැවති ටෙලිනාට්‍ය සම්මාන උළෙලකදී හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වද්දී ද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව සහ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගතකර ඇති බව පෙනේ.

ඇයට, 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත්, 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ඒ අනුව මාදනී මල්වත්තගේ මහත්මියට 2013 වසරෙහි පැවති රාජ්‍ය නාට්‍ය උළෙලෙහිදී හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මානය ලැබෙන විටද ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කර ඇත. මීට අමතර ලෙස, 2014 වසරේදී සරසවි නිර්මාණ රංග පියස මෙහෙයවන ලද 31 වැනි සරසවි සම්මාන උළෙලේදී ප්‍රසාද පූජා සම්මානයෙන් පිදුම් ලබන විටද ඇයට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

2016 වසරෙහි නොවැම්බර් 8 වැනිදා මාදනී මල්වත්තගේ මහත්මියගේ මෑණියන් අභාවයට පත්වී ඇති අතර එය ඇයට කිසිදා පිරවිය නොහැකි හිස් තැනක් බවට පත් වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ 2014 වසරෙහි නොවැම්බර් 03 වැනිදාත් 2017 වසරෙහි ජනවාරි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ ඇයට ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වීමය. මෙයින් පෙනී යන්නේ ඇයගේ මව අභාවයට පත්වීමේ අතිශය සංවේදී සිදුවීම ඇයට සිදු වී ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියරේදී බවය.

මීට කලින්ද සඳහන් කළ පරිදි 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලසීමාව තුළ ඇයට ඇයගේ උත්පත්ති කේන්දර සටහනට අනුව ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. ඒ අනුව 2014 වසරෙහි නොවැම්බර් 1 වැනිදා ඇය ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පදනම මඟින් ලබා දෙන සම්මානයකින් පිදුම් ලබන විටද ඇය ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කර ඇති බව පෙනේ.

මාදනී මහත්මිය 2000 වසරෙහි ජුනි 5 වැනිදාත්, 2001 වසරෙහි ජනවාරි 20 වැනිදාත් අතර කාලසීමාව තුළ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ගත කර ඇති බව පෙනේ. ඇය ජීවිතයේ පළමු වතාවට කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත්තේ 2000 වසරේ අග භාගයේදීය. මෙයින් පෙනී යන්නේ ඇය ජීවිතයේ පළමු වතාවට කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වී ඇත්තේද ප්‍රබල ඒරාෂ්ටකයක් ගතවද්දී බවය.

මේ රංග ශිල්පිනියට 2003 වසරෙහි දෙසැම්බර් 19 වැනිදා පුතෙකු ලැබී ඇති අතර ඔහුගේ ලග්නය කටක ලග්නයයි. ඒ අනුව ඔහුට 2023 වසරෙහි ජනවාරි 19 වැනිදාත්, 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වැනිදාත් අතර කාලසීමාව තුළ අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් පවතියි. 2024 වසරෙහි දෙසැම්බර් 1 වැනිදා මේ දරුවාට අතිවිශිෂ්ට ගණයේ ජයග්‍රහණයක් ලැබී ඇත. එනම් වයස අවුරුදු 21ක් පමණක් වන ඔහු රාජ්‍ය නාට්‍ය උළෙලේ ඉංගී‍්‍රසි අංශයෙන් රංගන ශිල්පියකු ලෙස මුළු දිවයිනෙන්ම දෙවැනි ස්ථානය ලැබීමය. මුළු රටක්ම හඳුනන රංගන ශිල්පිනියක වන ඔහුගේ මව වන මාදනී මල්වත්තගේ මහත්මිය ජීවිතයේ වඩාත්ම සතුටට සහ වඩාත්ම ආඩම්බරයට පත් වූ දිනයක් ලෙස තම දරුවා එම විශිෂ්ට ජයග්‍රහණය ලබන ලද දිනය හඳුන්වයි. පුතුගේ ජයග්‍රහණය කෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක්ද යන්න එයින් ද තහවුරු වෙයි. කෙසේ වෙතත් ඔහුගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, ඔහු මේ විජයග්‍රහණය ලබා ඇත්තේ අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත වද්දී බව සියයට සීයක්ම තහවුරු වෙයි.

මේ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, අනාගතයේදී 2027 වසරෙහි ජුනි 9 වැනිදාත්, 2027 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත්, අතර කාලසීමාව තුළද 2028 වසරෙහි පෙබරවාරි 28 වැනිදාත්, 2030 අපේ‍්‍රල් 19 වැනිදාත් අතර කාලසීමාව තුළද ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලවකවානුවක් ගතවීමට අනුව ඇයට එම කාලසීමාව තුළ විශාල අභියෝග මධ්‍යයේ විශාල ජයග්‍රහණ ලැබෙන අතරම ඇයගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ යන්නට ද ඉඩකඩ පවතින බව පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.