වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
වාහන කැඩුණු කොණ්ඩදෙණියේ හිමිවරුන්ගේ කතා
මාර්තු 29, 2024
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ නොපැකිළ වූ අවස්ථාද එමටය.
ඒ ‘හාරලක්ෂයේ මංකොල්ලය’ සිදු වූ සමයයි. මංකොල්ලය පසුකාලීනව සියලු දෑ හෙළිදරව් විණි. කතා පුවත හා සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ ආරාධනය මත ගුරුකමක් කිරීමට කොණ්ඩදෙණිය සිට විජේරාමයට වැඩම කිරීමට හිමියන් යොදා ගත්තේ තමන් වහන්සේට පරිත්‍යාගයක් ලෙස ලැබුණු තරමක් පරණ ජීප් රථකයකි.
අතරමඟදී රථයේ දෝෂයක් හට ගන්නට විය. රථයේ රියැදුරුට කාර්මික දෝෂයක් නිවැරදි කර සකසා ගැනීමට එතරම් දැනුම් නොවීය. එනිසා කැඩුණු රථය අවට පිරිසගේ සහායෙන් තල්ලු කොට නුගේගොඩ බෝගහහන්දිය අසල එවකට තිබූ තරමක් ලොකු ගරාජයකට ගෙන ඒමට ඔවුන් සමත් විය.
එදා නුගේගොඩ පැවතියේ ග්‍රාමීය පරිසරයකි. අද මෙන් ජනාකීර්ණද නොවිණි. මෝටර් රථ භාවිතයද අවම ප්‍රමාණයක් විය. එබැවින් ඉඳහිට තමන් වෙත රැගෙන එන වාහන අලුත්වැඩියා කොට අධික මුදලක් සේවාදායකයාගෙන් අය කර ගැනීමට ගරාජ හිමිකරුවා පුරුද්දක් කොට ගෙන තිබිණි. ගරාජයටම අල්ලා ඔහුගේ දෙමහල් නිවසද ඉදිකර තිබිණි.
කෙසේ හෝ හිමිගේ රථය කඩිමුඩියේ අලුත්වැඩියා කරන ලදුව එහි වූ කාර්මික දෝෂය සකසන ලදි.
“ඔන්න මගේ වැඩේ අහවරයි. මගේ ගනුදෙනුව රුපියල් දහසයි. අලුත් කෑල්ලකුත් දාලයි තියෙන්නෙ”
ගරාජය හිමිකරු පැවසීය. එකෙණෙහිම අලුත්වැඩියා කරන තැනම රැඳී සිටි හිමියන්ගේ රියැදුරු හඬ අවදි කළේය.
“අලුත් කෑල්ලක් දානව නම් මම දැක්කේ නැහැ නොවැ”
“කාරි නැහැ. කාරි නැහැ...මහත්තයෝ, මේ හදිසියට මා ළඟ රුපියල් දහසක් නැහැ නොවැ එනිසා හැන්දෑ කොරේ ඒ මුදල් නොවරදවාම ගෙනත් දෙන්නම්. හදිසි ගුරුකම් වැඩකට ආපු ගමනක් නොවැ”
“එහෙනම් හාමුදුරුවනේ ඒ ගුරුකම් වැඩ අහවරකොට ඇවිත් මගේ මේ ගාස්තුව ගෙවල ජීප් එක අරන් යන්න එතකම් මෙතනින් අඩියක් වත් හොල්ලන්න ඉඩ තියන්නෙ නැහැ.”
හාමුදුරුවන්ගේ රියැදුරු ගරාජ හිමියා සමීපයට ගියේය.
“උන්නැහැ දන්නවද? මේ හාමුදුරුවො කවුද කියල?
යන්ත්‍ර මන්ත්රවලට සුප්‍රසිද්ධ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ”
“මම දන්නා දෙණියක් නැහැ අයිසේ”
මම ඔය යන්ත්‍ර මන්ත්‍ර තඹ පිච්චියකට මායිං කරන්නේ නැහැ”
“අපි කවදාවත් ඕව විශ්වාස කරන්නේත් නැහැ හලෝ වාහනය අරන් යන්න ඉඩ නොදුන්නොත් මොකද එයා මගේ ගැරේජ් එකට ගිනි තියන්ඩද? ඔහේ දැනගන්නව මම හොඳ සල්ලිකාරයෙක්. එයා මාව හිඟමනේට ඇද දාන්නද? මම ඕවට බය නැහැ. හාමුදුරුවො කවුරු වුණත් මට කමක් නැහැ. හරි හමං සල්ලිභාගයක්වත් නැතිව මහලොකුවට වාහන පාවිච්චි කරන්නේ”
“හොඳයි ඩ්‍රැයිවර් උන්නැහේ අපි පයින් යමු. හවස් කොරේ කාගෙන් හරි සල්ලියක් ඉල්ලගෙන ඇවිත් වාහනේ අරගෙන යමු.”
දෙදෙනා සැතපුම් කිහිපයක් පයින් ගමන් කොට තම සේවා ලාභියාගේ නිවසට පැමිණියහ. හිමිගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහු බලා සිටියේය.
හිමියෝ තම සේවාදායකයාට අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර කඩිනමින් ජප කරන්නට වූහ. නිවෙසේ හතර කොනින් පස් කුඩා ප්‍රමාණයක් ගෙන තාච්චියකට දමා රත්කොට පුපුරු ගසමින් බැදෙන්නට සැලැස්වීය. ඉන් ඉතා ස්වල්පයක් ගෙන කහදියර ඉහ නිවා සිංහ තෙල් බිඳුවක් සමඟ කුඩා රත්රන් සුරයකට දමා ඔහුගේ ගෙල පැලඳවීය.
“මහත්තයෝ බය නැතිව වැඩේට යන්න. මේ එන ගමනේදී ගැරේජ් කාරයෙක් මට කොලොප්පමක් කළා. එයාටත් පාඩමක් උගන්වලයි මම යන්නේ.”
එක නැට්ටෙ දෙහි ගෙඩි තුනක් ගෙන්වා ගත් හිමියෝ් ඊට මන්ත්‍ර ජප කරන්නට වූහ. ඒ සමඟම දෙහි ගෙඩි තුන රතු පැහැ ගැන්වී තිබිණි.
“ඩ්‍රැයිවර් කොල්ලෝ, මේ දෙහි ගෙඩි තුන අතට ගනිං. මම ගැරේජ්කාරයට සල්ලි දෙන අතරේ ගැරේජ් එකේ පැත්තක දාල තියෙන අබලි ටයර් එකක් ඇතුළට දෙහි ගෙඩි තුන දමාපං”
කාරයේ ඩ්‍රයිවර් හිමිගේ අණට කීකරු විය.
“මෙන්න තමුසෙගේ ගාස්තුව. අපි වාහනේ අරගෙන යනවා”
මාස ගණනාවකට පසු තවත් ගුරුකම් වැඩකට නුගේගොඩට වැඩම කළ හිමියන්ට දැක ගත හැකි වූයේ එදා තිබූ ගරාජයත් දෙමහල් නිවසත් ගින්නකින් දැවී ගොස් තිබූ සුන් බුන් පමණි.
ඒ අසල පිහිටි කුඩා බුලත්විට කඩයකින් හිමියන් ඒ ගැන විමසීය. “හාමුදුරුවනේ, දැන් ඒක වැහිල ගිහින් මාස, දෙක තුනක් වෙනවා නොවැ හදිසි ගින්නකින් ගරාජයේ නවතා තිබූ වාහනත් තට්ටු දෙකේ ගෙයත් සම්පූර්ණයෙන්ම දැවිල ගියා. මිනිසා හතර වටේටම ණයකාරයෙක් වුණා. ඒවා ගෙවලම ගැරේජ්කාරයාගේ මුළු දේපළම ඉවරයි. අන්න මිනිහා අර බෝගහ යටට වෙලා හිඟමන් යදිනවා.”
කොණ්ඩදෙණියේ වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ මෑතකදී තම වාහනයෙන් අලුයම රාජකාරි කටයුත්තකට කොණ්ඩදෙණිය සිට මහනුවර බලා පිටත් වූහ. කටුගස්තොටට ළඟාවීමත් සමඟම වාහනය ලෙඩ දෙන්නට විය. අවට හොඳ ගැරේජයක්ද පෙනෙන්නට නොතිබිණි. ඒත් ළඟපාත විජාතික කොලුගැටයකුගේ කුඩා ගරාජයක් තිබිණි. එයට වාහනය තල්ලු කරගෙන විත් දැමුවත් එයින් කාරය පණ ගැන්වීමට යමක් කර ගැනීමට ඒ හාදයාට නොහැකි විය. වාහනය අතපත ගෑවා පමණි. ඒත් කිසිදු අලුත්වැඩියාවක් නොකළත් ඔහු එය පරික්ෂා කළ බැවින් තරමක ගාස්තුවක් ගෙවන්නට හිමියන්ට සිදු විය.
මෙවැනි අවස්ථාවක නම ‘කිරිඅප්පච්චි” වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් කළ කී දෑ මතකයට නැංවිණි. කටුගස්තොට හාදයාද හිමියන්ව එතරම් ගණන් ගත්තේම නැත.
“දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ නොවැ.
අපි මේක කාලි මෑණියන්ටවත් කියා බලමු.”
නිමේෂයක් ගතවත්ම අනුරුද්ධ නායක හිමියන් සංසුන්ව තම පිළිවෙත් අනුගමනය කරමින් හෙමින් සීරුවේ මන්ත්‍රයක් ජපකොට තමන් වහන්සේට හදිසියේ සිදුවූ මේ ඇබැද්ධිය කාලිමෑණියන්ට මනසින් පවසන්නට විය. තඩි කළු පූසෙක් ආපදාවට ලක්වූ වාහනය මතට පැන හිමි පාමුල දැවටෙන්නට විය.
ගතවූයේ මොහොතකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මෙයට වසර හතළිස් ගණනකට පෙර හාමුදුරුවන් සමඟ සිටි සමකාලීන මිතුරකු වූ අශෝක මහතා එක්විටම මුණගැසුණි.
ඔහු වෛද්‍ය පරීක්ෂාව උදේම නිමකොට නිවස බලා තම කාරයෙන් පිටත්ව යාමට සූදානම් වුවද හදිසියේම කාලිමෑණියන් සිහිපත් විය. එතුමා කාලිමෑණියන් විශ්වසනීයත්වයෙන් අදහන බැතිමතෙකි. කලකට පසු කාලිමෑණියන් සිහිපත් වුණේ කළ වෛද්‍ය පරීක්ෂණයේ අඩුපාඩුවක්වත් සිදු වුණා දෝ’යි ඔහුට සිත් විණි.
“ආ........හ්........ මට රුධිර පීඩනය බලන්න අමතක වුණා නේන්නම්.”
ආපසු වාහනය පණ ගන්වා කටුගස්තොට නගරයට පිවිසීමත් සමඟ අශෝක මහතාට අනුරුද්ධ හිමියන් මුණගැසුණි.
සිදු වූ ඇබැද්ධිය අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් අශෝක මහතා වහාම ඉදිරිපත්ව තම මුදලින්ම වාහනය අලුත්වැඩියා කොටදී ඉතා ඉක්මනින් උන්වහන්සේගේ ගමන් පහසුව සලසා දුණි.
මෙම කතා පුවත් දෙක කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් විට මගේ සිත කාලවකවානු දෙකකදී ගරාජ තුළ කොණ්ඩදෙණියේ හිමිවරුන් මුහුණු දුන් අභියෝග සහ දෙදෙනා ගත් පියවරවල වෙනස පිළිබඳවය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ
෴ සබැඳි ලිපි ෴
බොහෝ පුරාණයේ සිටම සතර පෝයට පෙහෙවස් සමාදන් වීමේ සිරිතක් පැවතිණි. ලංකාවේ ද 1971 වර්ෂය දක්වාම රටේ බොහෝ වෙහෙර විහාරස්ථානවල උපාසක උපාසිකාවන් සිල්සමාදන්ව...
2020-09-03 18:30:00
ඥාණේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං සත්්යාධර මූෂබ මූෂික වාහන නිත්්යං හස්ති චක්‍ර සාධර මත ස්වේත ධන්ත භින්නං පුෂ්පාසන ග්‍රාම නේත්‍ර ශ්‍රී...
2020-09-03 18:30:00
මහියංගණ ඇසළ මහා පෙරහර මහියංගණ ථූපය කේන්ද්‍ර කොට ගෙන රජමහා විහාරයේ පෙරහරත් එම ථූපයේ නිර්මාතෘ ලෙස සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහරත්...
2020-08-27 18:30:00
ජීවිතයේ දෙවැනි උපත නමින් හැඳින්වෙන විවාහය ශිෂ්ට සම්පන්න මානව සමාජයේ ලොව බිහි වූ දින පටන් අද දක්වාම පවත්වාගෙන එනු ලබන ස්ත්‍රී පුරුෂ ගති පැවතුම් සහ...
2020-08-27 18:30:00
මහනුවර නගරයේ ඇති පැරණිම ගොඩනැඟිල්ල ලෙස නාථ දේවාලය හඳුන්වන අතර එහි පිහිටි ගෙඩිගේ ක්‍රි.ව. දාහතර වැනි සියවසට අයත්වූවක් බවද සැළකේ. සතර මහා දේවාල අතරින්...
2020-08-20 18:30:00
පියකරු මුහුණක් ලස්සන මුහුණක් වඩාත් ලස්සන වන්නේ සුන්දර සිනහව මතය. සිනහවේ ප්‍රභේද රාශියක් ඇත. සමහරු දත් පාමින් මහ හඬ නඟමින් සිනහ වෙති. සමහරු කට කොණින්...
2020-08-20 18:30:00
පෘථිවිය බොහෝ කොට ජලයෙන් මහමුහුදෙන් පිරී පැවැතීම ස්වභාවය වේ. මත්ස්‍ය විශේෂ ප්‍රධාන කොටස් 02 ක් වේ. මිරිදිය මත්ස්‍ය හා කරදිය මත්ස්‍ය ලෙසට වේ....
2020-08-20 18:30:00
මනුෂ්‍යත්වයක් ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ කියල පැරණි කතාවක් කොච්චරවත් අහල ඇති. එහෙම කිව්වේ එසේ සිදුවීමක් කොච්චර දුර්ලභ කාර්යයක් ද...
2020-08-13 18:30:00
රවි, චන්ද්‍ර දෙදෙනාම පෘථිවියේ කාර්ය සිද්ධ කෙරෙන ස්ථානයන් යන තුන්තැන ඒකාබද්ධවන ත්‍රිකෝණය කිනම් කටයුත්තකදී වුවද මුහුර්තයක් තෝරා ගැනීමේ දී මූලික වේ. ත්...
2020-08-13 18:30:00
තමන් සිතන පතන සම්පත් ලබාගැනීමට පෘතජන සියල්ලෝ කැමැතිවෙති. එහෙත් එවැනි වරමක් ලබාගන්නේ කෙසේදැයි යන්න සැමට ප්රශ්නයකි. සිතූ පැතූ සම්පත් ලබාදීමට හේතු වන...
2020-08-13 18:30:00
සමහර දෙමාපියන් වැඩිහිටියන් තම දරුවන්ට අද වගේ හොඳ දවසක අරක්කු ටිකක්, බියර් ටිකක් බීවාට මුකුත් වෙන්නේ නැත කියා අරක්කු, බියර් පොවති. බයිට් එකට හොඳ මේවා...
2020-08-13 18:30:00
මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් අතර ඉන්න සුදුසු නිවාසයක් හෝ සුදුසු ස්ථානයක්, කෑමට ආහාර හා ජලය නැතිවම බැරිය. මේ නිසාම ලෝකය පුරාම ජනාවාස ගොඩනැඟී ඇත්තේ...
2020-08-06 18:30:00
මධ්‍ය යුගයේ සිට ඡ්‍යොතිෂ කටයුතුවල නියලුණු අය නැකැත්තා ගණිතයා යන නම්වලින් හඳුන්වා ඇත. ග්රහතාරකා ගැනීමෙන් සුභාසුභ කථනය නැකැත් කීම විය. ඒ අනුව ඡ්...
2020-08-06 18:30:00
පැරැණි කවියන් ස්ත්රීන්ගේ මුහුණ හඳට උපමා කර ඇත. එහෙත් ඇත්තටම ගැහැනියකට හඳමෙන් රවුම් මුහුණක් ඇතැදියි කිව නොහැකි ය. කෙසේ වුවද සාමාන්‍යයෙන් බලන විට...
2020-08-06 18:30:00
දඹදෙණියේ රාජශි‍්‍රයට පත් පරාක්‍රමබාහු මහරජතුමා චන්ද්‍රභාණු නම් රජ කෙනෙකුගෙන් රට බේරාගැනීම සඳහා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා...
2020-08-06 18:30:00
ශ්‍රී දළදා වහන්සේ උදෙසා මහනුවර රජ මාලිගාවේ දළදා මැදුරේ දිනපතා පැවැත්වෙන නිල පුද පුජා විධි ක්‍රමය “දළදා තේවාව” ලෙස හඳුන්වයි. මෙම තේවාව උදෙසා දිනපතා...
2020-07-30 18:30:00