මිනිස් මොළය තුළ මතකය ක්‍රියාත්මකවන ආකාරය

දෙසැම්බර් 18, 2020

මිනිස් ශරීරය තුළ මතකයට හිමිවන්නෙ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව මානව ජෛව ක්‍රියාකාරකමවලදී මෙන්ම යහපත් දිවි පැවැත්මකට මතකය යන්න නැතුවම බැරි දෙයක් වන බැවිනි. විශේෂයෙන් අධ්‍යාපනයක් ලැබීමටත්, බුද්ධිය වර්ධනය කර ගැනීමටත්, පසුගිය අත්දැකීම් තුළින් ජීවිතය යහපත් මාර්ගයක පවත්වාගෙන යාමටත් මතකය සැමවිටම උපකාරි වේ.

එසේම සිසු සිසුවියන් මෙම ලිපියට අදාළ කරුණු වටහා ගැනීම තුළින් වඩාත් ක්‍රියාකාරි මතක ශක්තියක් ඇති කර ගැනීමෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිය. ශරීරය තුළ නැත්නම් මොළය තුළ ක්‍රියාත්මක වන මතකය සමස්තයක් වශයෙන් ගත්විට එය එක්තරා ආකාරයක තොරතුරු පිරිසැකසුම් පද්ධතියක් :(information Processing system) ලෙස සැලකේ. මේ නිසාම මොළය එක් අතකින් පරිගණකයක ක්‍රියාකාරිත්වයට සමාන බව විද්‍යාඥයන් පෙන්වාදෙයි.

මෙම ස්වභාවිකව සිදුවන පිරිසැකසුම් ක්‍රියාවලිය ප්‍රධාන කොටස් 3 කින් සමන්විත වේ. එනම්

1 කේතිකරණය (encoding)

2 ගබඩා කිරීම නැත්නම් සංවායකය (storage)

3 සමුද්ධරණය (retrieval)

මොළයට තොරතුරු ලබාගන්නේ කේතිකරණය මගිනි. කේතිකරණය යනුවෙන් හඳුන්වන්නේ මතකය තුළ ගබඩා කරගත හැකි ආකාරයට අප ලබාගන්නා තොරතුරු සැකසීමේ ක්‍රියාවලියයි. මෙය මොළයට තොරතුරු ඇතුළුකිරීමක් නැත්නම් ආදානය කිරීමක් ලෙස සැලකේ. අප ශරීරයට අයත් පංචේන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය තුළින් පරිසරය හෝ අප ජීවත්වන වටපිටාව තුළින් ලැබෙන තොරතුරු මොළය විසින් කේතිකරණය කරයි .මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට තොරතුරු එකිනෙකින් වෙන්කොට හඳුනාගත හැකි ආකාරයට සකස්වන අතර මෙය ස්වයංක්‍රීයව නැත්නම් ඉබේම සිදුවන ක්‍රිියාවලියකි.

කේතිකරණය කරන ලද තොරතුරු මතකය තුළ රඳවා ගැනීම ගබඩා කිරීම යනුවෙන් හැඳින්වේ. එලෙසින් ගබඩා කරන ලද තොරතුරු නැවතත් ලබාගැනීම හෝ ඊට පිවිසීමේ ක්‍රියාවලිය සමුද්ධරණය යනුවෙන් හඳුන්වයි. නිදසුනක් ලෙස ඔබ දවල් ආහාරයට ගත්තේ මොනවා දැයි යමෙක් විමසු විට එය ක්ෂණිකව මෙනෙහිවීමක් සිදුවේ. ඊට හේතුව කේතිකරණයේදී සිද්ධියට අදාළ කාලය, අවකාශය, සංඛ්‍යාතය සහ වර්ගය ඊට ඇතළත්වන බැවිනි. මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලිය අපට නොදැනුවත්ව සිදුවන අචේතනික ක්‍රියාවලියකි. තවදුරටත් නිදසුනක් ගත් විට අප අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ යම් විභාගයකට මුහුණ දෙන අවස්ථාවකදී සිදුවන මතකය මෙනෙහි කිරීමේදී සාමාන්‍ය ජීවිතය හා සම්බන්ධ තොරතුරු වලට වඩා සංකීර්ණ තොරතුරු සම්භාරයක් කේතිකරණය කිරීමට සිදුවේ. මෙය හඳුන්වන්නේ පරිශ්‍රමික ක්‍රියාවලියක්

(effortful) යනුවෙනි. මේ සඳහා අපගේ ක්‍රියාකාරි දායකත්වයක් හෝ සහයෝගයක් අවශ්‍යවේ. මින් අදහස් කරන්නේ කේතිකරණය කිරීම සඳහා මොළයට අප විසින් කිසියම් ආධාරකයක් දිය යුතු බවයි. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්න UNO ලෙස දැක්වීම එසේම ශක්තීන් දුරුවලතා අවස්ථා සහ තර්ජන යන්න SWOT ලෙස දැක්වීම දිගු අංක ගත්විට 555867530 යන්න 555,867,530 දැක්වීමෙන් නැත්නමි මිලියන හෝ ට්‍රිලියන ලෙස දැක්වීමෙන් පහසුවෙන් මතකයට ඇතුළුවේ. මීට තවත් නිදසුනක් ලෙස ඉගෙනගත් විෂයන්ට අදාළ මාතෘකා යටතේ ඇති විස්තර කෙටි සටහන් ලෙස පිළියෙල කර ගැනීම තුළින් විභාගයකට මුහුණදීමේදී නියමිත මාතෘකාවලට අදාළ කරුණු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් මෙනෙහි කළ හැකිවේ. කේති කරණයට අදාළ ප්‍රධාන ප්‍රභේදය වන්නේ දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ අර්ථ විචාර ගත යන කේති කරණයන්ය. මෙහිදී දෘශ්‍ය කේතිකරණය වෙන්ව ගත්කළ ඊට අයත්වන්නේ අප නිතරම පාහේ දක්නට ලැබෙන දර්ශන චිත්‍ර හෝ ප්‍රතිබිමිබයන්ය. එසේම ශ්‍රව්‍ය කේතිකරණයට අයත් වන්නේ අපට නිතරම ඇසෙන සහ අසන විවිධ ශබ්ධයන් සහ ප්‍රකාශිත වචනයි .සාමාන්‍යයෙන් දෘශ්‍ය කේතිකරණයට අයත් බොහෝ දේවල් ඉතා ඉක්මනින් මෙනෙහි කළ හැකිය. ඊට හේතුව ඒවා ඉතා ඉක්මනින් මනසට ආකර්ෂණය වන බැවිනි .නිදසුනක් ලෙස ඔබ පින්තූර පොතක දකින විවිධ චිත්‍ර හෝ ඡායාරූප දැක්විය හැකිය. එහෙත් ශ්‍රව්‍ය කේතිකරණයට අයත් බොහෝ දෑ ඉක්මනින් මෙනෙහි කිරීමට අපහසුය.

එහෙත් මෙම ශ්‍රව්‍ය කේතිකරණයට අයත් යම් ලතාවකට හෝ රටාවකට ගායනා කරන ගීත සහ සිංදු යනාදිය දිගුකලක් මතකය තුළ රැඳී පවතී. විශේෂයෙන් පහළ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වලදි බොහෝ අභ්‍යාස ගීත සහ සිංදු යොදා ගෙන ඉදිරිපත්කර ඇත්තේ මේ නිසාය ) නිදසුනක් ලෙස පෙර පාසල්වල උගන්වන බොහෝ ගීත දැක්විය හැකිය. මෙවැනි දෑ ඉක්මනින් මතක් කර ගැනීමට උපකාරව ඇත්තේ එවැනි අධ්‍යනයන් වලදී භාවිතාකරණ රිද්මයයි. තෙවනුව අර්ථ විචාරගත කේතිකරණය යන්න සලකා බලන විට ඊට අයත්වන්නේ වචන සහ ඒවයේ අර්ථයයි. මීට අයත් දෑ නැවත මෙනෙහි කිරීම ද එතරම් අපහසු නැත.

මීළගට වැදගත්වන්නේ ලබාගත් තොරතුරු මතකය තුළ ගබඩා කිරීමයි මෙය ප්‍රධාන කොටස් 3 කට බෙදා දක්වයි.

1 සංවේදී මතකය

මෙම මතකය පිළිබඳව වැඩි වශයෙන් පර්යේෂණ පවත්වා ඇත්තේ ඇට්කින්සන්-ශිප්රින් යන විද්‍යාඥයන් විසිනි. ඔවුන් ඉදිරිපත්කර ඇති ආදර්ශයට අනුව අප ජීවත්වන පරිසරය තුළින් අපට ලැබෙන විවිධ උත්තේජක සංවේදී මතකය මගින් පිළියෙල කිරීමක් හෝ සකස් කිරීමක් සිදු කෙරේ. මෙහිදී උත්තේජක යනුවෙන් හඳුන්වන්නේ අප විසින් දකින විවිධ දර්ශන ද සුවඳ වැනි රස විදීම් යනාදී දේවල්ය. මේවා මතකය තුළ ගබඩාවීම තත්පර කිහිපයකට පමණක් සීමාවිය හැකිය. මෙයින් වැඩි කොටසක් අනවශ්‍ය දෑ බැවින් මතකය මගින් බැහැර කරයි. එහෙත් වැදගත්යයි හැඟෙන තොරතුරු ඇත්නමි ඒවා කෙටිකාලීන මතකයට ගොස් එහි ගබඩාවේ.

2 කෙටිකාලීන මතකය

කෙටිකාලීන මතකය යනුවෙන් හඳුන්වන්නේ සංවේදී මතකය තුළින් එන කෙටිකාලීනව ගබඩාවන තොරතුරුවලින් සමන්විත මතකයයි. බොහෝවිට මෙම තොරතුරු තත්පර 20 පමණ කෙටි කාලයකින් අවසන්වේ. එහෙත් මෙම කෙටිකාලීන තොරතුරුවලින් අපට වැදගත්යයි හැඟෙන තොරතුරු පමණක් දිගුකාලීන මතකය කරා ගොස් එය තුළ ගබඩාවේ.

3 දිගුකාලීන මතකය

මෙහි නොකඩවා තොරතුරු ගබඩාවන අතර කෙටිකාලීන මතකයේ කිසියම් ධාරිතාවයක් පැවතුන ද මෙම මතකයෙහි එවැනි ධාරිතා සීමාවන් නැත. මෙහි ගබඩාවන තත්පර, විනාඩි, පැය, දින, සති, මාස සහ අවුරුදු යන කාල පරාසයන් වලට අයත් තොරතුරු ඕනෑම අවස්ථාවක නැවත මෙනෙහි කිරීමට හැකියාවක් ඇත. ඊට හේතුව ඒවා අප ජීවිතයේ විවිධ අවස්ථාවලදී වැදගත්වීමයි. කෙසේ වෙතත් දිගුකාලීන මතකයේ ඇති සියලුම තොරතුරු ප්‍රබල හෝ බලගතු තොරතුරු නොවේ. එසේම මෙහි ඇති සමහර තොරතුරු ඉක්මනින් මෙනෙහි කළ හැකිවුවත් තවත් සමහර තොරතුරු ක්ෂණිකව මෙනෙහි කළ නොහැකිය.

නිදසුනක් ලෙස එක්සත් රාජධානියේ අගනගරය යන්න ඔබට පහසුවෙන් මෙනෙහි කළ හැකි වුවත් මීට මාස 3 කට පෙර කොළඹදී ඔබ ආහාර ගත් හෝටලයේ නම ක්ෂණිකව සිහිපත් කිරීම අපහසුය. මෙහිදී අදාළ තොරතුරුවල ඇති අවශ්‍යතාවය හෝ වැදගත්කම මූලිකවේ. කෙසේ වෙතත් මෙම දිගුකාලින මතකය කොටස් කිහිපයකට බෙදා එහි ස්වභාවය අවබෝධකරගත හැකිවේ.

ප්‍රධාන කොටස් 2 කි:

1 සවිස්තර සහ ඉතා පැහැදිලි මතකය - මෙය ප්‍රකාශිත මතකය යනුවෙන් ද හඳුන්වයි

2 පරිපුර්ණ හෝ ප්‍රකාශිත නොවන මතකය

ප්‍රකාශිත මතකය:

මෙය නැවත කොටස් 2 කට බෙදෙන අතර, ඉන් පළමුවැන්න වන්නේ සිද්ධි හෝ සිදුවිමි පිළිබද මතකයයි. දෙවැන්න නම් අර්ථ විචාරය නැත්නම් දැනුම සංකල්ප හා සම්බන්ධ මතකයයි. මෙහි පළමුවැන්න නැවත කොටස් 2 කට බෙදා ඇත. එනම් පටිපාටිගත මතකය සහ චිත්ත වේගාත්මක මතකය යනුවෙනි. මෙයින් පටිපාටිගත මතකයට අයත්වන්නේ අප කරනු ලබන කාර්යයන් සහ කුසලතාවන් වන අතර චිත්තවේගාත්මක මතකයට අයත්වන්නේ චිත්තවේගී අංශයට අයත් තොරතුරුය.

මීළඟට වැදගත් වන්නේ සමුද්ධරණයයි .මොළය කරා යන උද්වේග හෝ චිත්තවේග ඇතුළත්කර ගැනීම සහ පිරිසැකසුම් කිරීම කරනු ලබන්නේ මොළය තුළ ඇති ඇමිග්ඩලා නමි ග්‍රන්ථිය මගිනි

ප්‍රකාශිත මතකය සම්බන්ධයෙන් වැදගත්වන්නේ මොළය තුළ ඇති හිපොකැමිපස් නමි ග්‍රන්ථියයි. චිත්ත වේගාත්මක ප්‍රතික්‍රියා සිදුවන විට මෙම ග්‍රන්ථින් 2 ක අන්‍යෝන්‍ය ලෙස ක්‍රියා කරමින් එම ආවේගයන් ප්‍රකාශිත ප්‍රතිඵල බවට පත්කරයි. මස්තිෂ්ක ව්‍යුහය තුළ පවතින ඇමිග්ඩලා නමි ග්‍රන්ථිය ආවේග සඳහා ප්‍රතිචාර දක්වන ප්‍රධානතම ග්‍රන්ථියවේ. තැලමස් යනු

මොළය තුළ පිහිටි මතකය හා සමිබන්ධ ග්‍රන්ථියක්වන අතර මෙහි කාරය භාරය වන්නේ විවිධ

ප්‍රතිග්‍රාහකවලින් ලැබෙන නියුරල් ආවේගයන් පරිවර්තනය කොට මස්තිෂ්කය වෙත යැවීමයි. මේ

නිසාම තැලමස් ග්‍රන්ථිය සංවේදී ප්‍රයෝජකයක් ලෙස සැලකේ.

ඉහත දක්වන ලද මිනිස් මොළයට අයත් මතකය හා සමිබන්ධ සියලුම ක්‍රියා කාරකම් පාලනය කිරීම සහ මෙහෙයවීම සිදුකරනු ලබන්නේ මොළයට සම්බන්ධ ප්‍රධාන ග්‍රන්ථින් 5 ක් මගිනි. ඒවා නම්

1) හිපොකැමිපස්

2) ඇමිග්ඩලා

3) තැලැමස්

4)හිපොතැලමස් සහ

5)බේසල් ගැන්ග්ලියා

යනුවෙන් හැඳින්වේ. ඉහත දක්වන ලද ක්‍රියාවලිය ස්වාභාවිකව මෙහෙය විම සඳහා එම ග්‍රන්ථින් සියල්ලම ඒකාබද්ධව ක්‍රියාත්මකවේ.

මෙය ඉබේම සිදුවන ක්‍රියාවලියක් වන අතර අනෙක් අතට ඉහත දක්වන ලද ග්‍රන්ථින් එකිනෙකට විශේෂිතවු ක්‍රියා කාරීත්වයන් ද ඇත. හිපොකැමිපස් වෙන්ව ගත්කල එමගින් යම් අයෙකුගේ අධ්‍යාපනය බුද්ධිය මෙන්ම පෙළඹවීම පාලනය කරන අතර එය සමස්තයක් ලෙස මතකය හසුරුවනු ලබයි. එසේම එමගින් ශාරිරික උෂ්ණත්වය, බඩගින්න ,විඩාව සහ නින්ද යන දෑ පාලනය කරයි. ඇමිග්ඩලා වැදගත්වන්නේ මතකය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා මෙන්ම චිත්තවේග වලට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙනි. තැලමස් ග්‍රන්ථියෙන් නින්ද පරීක්ෂාකාරී බව සහ විඥානය නියාමනය කරනු ලබයි.

හිපෝතැලමස් ග්‍රන්ථියෙන් සිදුවන්නේ මතකයේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමකි. බේසල් ගැන්ග්ලියා මගින් ශාරීරික චලනය, ඉගෙනීම, පලපුරුදුකම්, නැණස සහ ආවේග පාලනය කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.