වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශරීරය දරා සිටීමට උපකාරිවන අස්ථි පද්ධතිය
වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට පීඩා විඳීමට සිදුවන රෝගාබාධයන්, අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයකි අස්ථි හා සන්ධි ආශි‍්‍රත රෝග. මේවන විට බෝ නොවන රෝග ගණයෙහිලා සැලකෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිරපීඩනය යන රෝගයන් මෙන්ම අස්ථි හා සන්ධි ආශි‍්‍රත රෝග බෝ නොවන රෝග තරමටම සමාජය තුළ ව්‍යාප්ත වී ඇත. අස්ථි නිර්මාණය ආරම්භවන්නේ උපතටත් පෙර සිටය.
එය කාටිලේජ් හා තන්තුමය පටකවලින් අස්ථියක හැඩයකට ආරම්භ වේ. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමෙන් පසුව සත්‍යමය අස්ථියක් බවට පත්වේ. මෙහිදී අස්ථි වර්ධක සෛලය හා කැල්සියම් ලවන හා ක්‍රියාත්මක අස්ථියක් බට පත් වේ. අස්ථියේ හැඩයට උපකාරීවන්නේ මේවාය.
අපගේ ශරීරයේ අස්ථි වර්ධනය වන්නේ යම් රටාවකට ය. උපතේ සිට අවුරුදු නමය තෙක් එකාකාරීව අස්ථි වර්ධනය වේ. වයස අවුරුදු නමයත්, විස්සත්, තුළ ඉතා ශීඝ්‍රයෙන් අස්ථි වර්ධනය වන අතර අවුරුදු විස්සත්, තිහත් කාලයේදී අස්ථි වර්ධනය වන්නේ සෙමිනි. ඉන්පසුව සිදුවන්නේ අස්ථිවල ස්කන්ධය අඩුවීමකි. මේ නිසා ඔස්ටියෝ පොරෝසීස් රෝගය පවා ඇතිවීමට හැකිය.
මින් වැළකීමට නම් කළ යුතු වන්නේ අස්ථි ශක්තිමත් කර ගැනීමට ක්රියාකිරීමයි. අඩුවූ අස්ථිවල ස්කන්ධය වැඩිකර ගැනීම සඳහා ඇලෝබර අස්ථි හරහා ගමන් කරවීමට පියවර ගත යුතුය. සුදුසුම ප්‍රතිකාරය වන්නේ ව්‍යායාමයයි. ව්‍යායාමයක යෙදීමෙන් මාංශපේශීන් ඇදීම සහ තල්ලු කිරීම සිදුවේ. එමගින්ද අස්ථි ශක්තිමත් වේ. මේ සඳහා කළ යුතු හොඳම ව්‍යායාමය වන්නේ බර උසුලන ව්‍යායාමයන්ය. දිවීම ඇවිදීම, පඩිනැගීම, නැටීම, සෙල්ලම් කිරීම , පිහිනීම, බයිසිකල් පැදීම අස්ථිවලට හොඳම ව්‍යායාමයන් ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත්.එම්.පී. රාජපුර
සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු