වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ආදරවන්තයන් සාර්ථක විවාහයක් කරා ගෙන යන ග්‍රහයෝග
ළමාවිය පසුකරමින් තරුණවියට පා තබන සෑම අයෙකුගේම අපේක්ෂාව වන්නේ සෙනෙහෙබර ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් සොයා ගැනීම මෙන්ම අනාගතයේදී පී‍්‍රතිමත් සහ සාර්ථක ජීවිතයක් ගතකිරීමයි.
එහෙත් සෑම අයෙකුටම මෙම අපේක්ෂාවන් තමන් බලාපොරොත්තු වන අයුරින් ඉටුකර ගැනීමට නොහැකිවන අතර විවිධ කරදර බාධකවලට මුහුණදීමට සිදුවේ. වෛදික ඡ්‍යොතිෂයට අදාළ මග පෙන්වීමක් තුළින් මේ සඳහා උපදේශයක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි. විශ්වාසවන්ත සහ සෙනහසින් පිරීගිය ආදර වන්තයෙක් මෙන්ම ආදරවන්තියක් තෝරාගැනීම සහ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම පහසු කාර්යයක් නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.
මෑත කාලීන සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ආදරවන්තයන් අතුරින් විවාහ ජීවිතයක් කරා යන්නේ සියයට 35 කටත් අඩු සංඛ්‍යාවක් බවයි. එසේම එම විවාහ වන අය අතුරින් සාර්ථක විවාහ ජීවිතයක් කරා ළඟාවන්නේ සියයට 31 ටත් අඩු සංඛ්‍යාවක් බවයි මින් අදහස් කරන්නේ.
ඉතිරි අය පී‍්‍රතියක් නොමැති ගැටලු සහ ගැටුම් සහිතව ජීවිතය ගතකරන අය බවයි. මේ නිසාම වෛදික ඡ්‍යොතිෂයට අනුව සෙනෙහබර ආදර සබඳතාවයකට මෙන්ම සාර්ථක විවාහ ජීවිතයක් කෙරෙහි බලපාන ග්‍රහයෝග හඳුනා ගනිමු. මෙහිදී පළමුවෙන්ම සැළකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ.
1.අවධානය යොමු කළ යුතු රාශි
ලග්නය සහ ලග්නාධිපති මෙන්ම ස්ථානගතවී ඇති ග්‍රහයන්
4 සහ 5 වැන්න මෙන්ම එහි අධිපති ග්‍රහයා
7 වැන්න එහි අධිපති සහ තැන්පත් වී ඇති ග්‍රහයෝ
11 වැන්න සහ එහි අධිපති ග්‍රහයා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
07 වැනි පිටුවට
ඡ්‍යොතිෂවේදී
ටී.එම්.කුලරත්න