සෙල්ලිපියෙන් හෙළිවන මිහින්තලා ඉතිහාසයට එක්වූ ආරෝග්‍යශාලා සේවය

ජුනි 14, 2019
ක්‍රි.ව. නවවන සියවසේදී ඉදිකරන ලද මිහින්තලේ රෝහල ලෝකයේ පැරණිතම රෝහල ලෙසටද විශ්වාසයේ පවතී. දේවානම්පියතිස්ස රජ සමයේදී ක්‍රි.පූ. 247 -207 මිහින්තලා කඳු මුදුනේ සිට මෙරට බොදු දහම හඳුන්වාදීම නිසා අනුරාධපුරයේ සිට සැතපුම් අටක් දුරින් පිහිටි මිහින්තලාවටද ඇතිවූයේ විශේෂ වැදගත් කමකි. 
 
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙරට පැවැති ආරෝග්‍ය ශාලා සේවය පිළිබඳ විස්තර ඉතිහාසගත ග්‍රන්ථවලින්ද ශිලාලේඛන මගින්ද පුරාවිද්‍යාත්මක නටබුන් වලින්ද සොයාගත හැකිය. අනුරාධපුර රජ පැමිණ රට පාලනය කළ සෑම රජකෙනෙක්ම ආරෝග්‍යශාලා සේවය ආරම්භ කරමින් ජනතා සුබසෙතට කටයුතු කළේය. 
රෝගීන්ට උපස්ථාන කිරීමේ පහසුකම්වලින් යුත් රෝගීන්ට සමූහ වශයෙන් නැවතී සිටිය හැකි රෝහල් සංකල්පය ක්‍රි.පූ. සිවුවන සියවස තරම් ඈත අතීතයේ දී පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ආරම්භ කරන ලදී. ඪම වැනි මහින්ද රජුගේ ක්‍රි.ව. නම සිය පණස්හයේ සහ නමසිය හැත්තැ දෙකේ දි ගිහියන් සඳහා අනුරාධපුරයේ රෝහලක් ඉදිකර ඇත. චේතිය කන්දෙහි ඪඪ සේන රජු ක්‍රි.ව. අටසිය පනස් එකේදි රෝහලක් ඉදිකර ඇත. අනුරාධපුරයේ හා පොළොන්නරුවෙහි අගනුවරයල් ඇති වු නිසා වෛද්‍ය ආයතන පිහිටුවීමෙන් විශේෂත්වයක් ඇතිකරන ලදී. පණ්ඩුකාභය සහ පස්වන කාශ්‍යප රජවරුන් ක්‍රි.ව. (913-923) අනුරාධපුර සෞඛ්‍ය ආයතන ඉදිකරන ලදී. පළමුවන උදය රජුගේ (ක්‍රි.ව. 792-797) කාලයේ දීද පුලස්ති නගරයෙහි රෝගීන් සඳහා විශාල රෝහලක් (ශාලාවක්) ඉදිකළේය. 
බුද්ධදාස රජු ( ක්‍රි.ව. 362-409) කාලය තුළත් ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) කාලයේදීත් දෙවැනි උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) කාලයේදීත් සෞඛ්‍යායතන ඉදිකරන ලදී. පළවන උදය යන රජවරුන් විසින් කොරුන් සඳහාත් බුද්ධදාස සහ දෙවන උපතිස්ස යන රජවරුන් විසින් අන්ධයින් සඳහාද රෝහල් ඉදිකළහ. ප්‍රථම මාතෘ නිවාසය දෙවන උපතිස්ස රජු විසින් බව කියවේ. හතරවන කාශ්‍යප රජු විසින් (896- 913) අනුරාධපුරයෙහි සහ පොළොන්නරුවෙහි රෝහල් ඉදිකරන ලදී. පොළොන්නරු රාජධානිය ශ්‍රී විභූතියෙන් පරිපූර්ණ කළ පළවන මහා පරාක්‍රමබාහු රජතුමා ආරෝග්‍යශාලා සේවය උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ රජ කෙනෙකි. රෝගීන්ට නවාතැන් පහසුකම් මෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබා දෙමින් හා ආහාරපාන හා ඇඳුම් ආදියද නොඅඩුව ලබාදුන් බව චූලවංශයෙහි දැක්වේ. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
සටහන 
එස්.එස්.එස්. ප්‍රනාන්දු
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.