වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
සෙල්ලිපියෙන් හෙළිවන මිහින්තලා ඉතිහාසයට එක්වූ ආරෝග්‍යශාලා සේවය
ජුනි 14, 2019
ක්‍රි.ව. නවවන සියවසේදී ඉදිකරන ලද මිහින්තලේ රෝහල ලෝකයේ පැරණිතම රෝහල ලෙසටද විශ්වාසයේ පවතී. දේවානම්පියතිස්ස රජ සමයේදී ක්‍රි.පූ. 247 -207 මිහින්තලා කඳු මුදුනේ සිට මෙරට බොදු දහම හඳුන්වාදීම නිසා අනුරාධපුරයේ සිට සැතපුම් අටක් දුරින් පිහිටි මිහින්තලාවටද ඇතිවූයේ විශේෂ වැදගත් කමකි.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙරට පැවැති ආරෝග්‍ය ශාලා සේවය පිළිබඳ විස්තර ඉතිහාසගත ග්රන්ථවලින්ද ශිලාලේඛන මගින්ද පුරාවිද්‍යාත්මක නටබුන් වලින්ද සොයාගත හැකිය. අනුරාධපුර රජ පැමිණ රට පාලනය කළ සෑම රජකෙනෙක්ම ආරෝග්‍යශාලා සේවය ආරම්භ කරමින් ජනතා සුබසෙතට කටයුතු කළේය.
රෝගීන්ට උපස්ථාන කිරීමේ පහසුකම්වලින් යුත් රෝගීන්ට සමූහ වශයෙන් නැවතී සිටිය හැකි රෝහල් සංකල්පය ක්‍රි.පූ. සිවුවන සියවස තරම් ඈත අතීතයේ දී පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ආරම්භ කරන ලදී. ඪම වැනි මහින්ද රජුගේ ක්‍රි.ව. නම සිය පණස්හයේ සහ නමසිය හැත්තැ දෙකේ දි ගිහියන් සඳහා අනුරාධපුරයේ රෝහලක් ඉදිකර ඇත. චේතිය කන්දෙහි ඪඪ සේන රජු ක්‍රි.ව. අටසිය පනස් එකේදි රෝහලක් ඉදිකර ඇත. අනුරාධපුරයේ හා පොළොන්නරුවෙහි අගනුවරයල් ඇති වු නිසා වෛද්‍ය ආයතන පිහිටුවීමෙන් විශේෂත්වයක් ඇතිකරන ලදී. පණ්ඩුකාභය සහ පස්වන කාශ්‍යප රජවරුන් ක්‍රි.ව. (913-923) අනුරාධපුර සෞඛ්‍ය ආයතන ඉදිකරන ලදී. පළමුවන උදය රජුගේ (ක්‍රි.ව. 792-797) කාලයේ දීද පුලස්ති නගරයෙහි රෝගීන් සඳහා විශාල රෝහලක් (ශාලාවක්) ඉදිකළේය.
බුද්ධදාස රජු ( ක්‍රි.ව. 362-409) කාලය තුළත් ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) කාලයේදීත් දෙවැනි උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) කාලයේදීත් සෞඛ්‍යායතන ඉදිකරන ලදී. පළවන උදය යන රජවරුන් විසින් කොරුන් සඳහාත් බුද්ධදාස සහ දෙවන උපතිස්ස යන රජවරුන් විසින් අන්ධයින් සඳහාද රෝහල් ඉදිකළහ. ප්‍රථම මාතෘ නිවාසය දෙවන උපතිස්ස රජු විසින් බව කියවේ. හතරවන කාශ්‍යප රජු විසින් (896- 913) අනුරාධපුරයෙහි සහ පොළොන්නරුවෙහි රෝහල් ඉදිකරන ලදී. පොළොන්නරු රාජධානිය ශ්‍රී විභූතියෙන් පරිපූර්ණ කළ පළවන මහා පරාක්‍රමබාහු රජතුමා ආරෝග්‍යශාලා සේවය උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ රජ කෙනෙකි. රෝගීන්ට නවාතැන් පහසුකම් මෙන්ම ඖෂධ ප්‍රතිකාර ලබා දෙමින් හා ආහාරපාන හා ඇඳුම් ආදියද නොඅඩුව ලබාදුන් බව චූලවංශයෙහි දැක්වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
සටහන
එස්.එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
ජූනි 22 වැනිදාමෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම...
2024-06-20 18:30:00
හදිසි අනතුරකදී කලකෝලාහයකදී, වැටීමකදී, කැපීමකදී, රෝගී අවස්ථාවකදී අධික ලෙස රුධිරය පිටවීමකදී හෝ ශරීරයට අවශ්‍ය රුධිරය නොමැති අවස්ථාවකදී හෝ රුධිරය...
2024-06-13 18:30:00
ඈත අතීතයේ සිටම පොළොවට අධිපති මහා අදෘශ්‍යමාන බලවේගයක් පවතින බවට විශ්වාස කරමින් ඒ සඳහා පුද පූජා පවත්වමින් ධන නිධාන ලබාගත් බවට ජනවහරේ පවතින...
2024-06-13 18:30:00
තක්කාලි යුෂ ගෙදරදී මේ ලෙස සදා ගනිමු. එසේ සාදාගතහොත් කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවී තක්කාලි කල් තබාගත හැකිය. මිල අඩු කාලයට ඔබට තක්කාලි යුෂ...
2024-06-13 18:30:00
හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිදුණු කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් පන්සල්භූමිය ඇමද, වැව්තාවුල්ලට ගොස් දිය නා ගෙන පැමිණ බුදුගේ බුද්ධ වන්දනාමාන...
2024-06-13 18:30:00
මාගේ වැඩිමහල් සහෝදරයා ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මේෂ ලග්නයෙන්...
2024-06-13 18:30:00
ජීවිතය ජය ගැනීමට හා ජීවිත සාර්ථකව දියුණු කර ගැන්මට බුදුගුණ ශක්තිය උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එදිනෙදා ජීවිතවලට එල්ලවන බාධා...
2024-06-13 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයින් සිව් දෙනෙකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ...
2024-06-13 18:30:00
අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වූයේ බතය. මේ බත්පත අප අතට එන්නේ වී ගොවිතැන නැතහොත් කුඹුරු ගොවිතැන ඔස්සේ ය. වී වගාව සාර්ථකව සිදු...
2024-06-06 18:30:00
විශ්වකර්මයා විසින් ලොවට දායාද කළ විස්මිත ගුණදෙන මැණික්මය ඛණිජයක් ලෙස පැරැන්නෝ ගෞරව බහුමානයෙන් යුතුව කැට්ස් අයි (Cat’s eye) සලකති. මේ මැණික් විශේෂය...
2024-06-06 18:30:00
අප ජීවත්වෙන සමාජය තුළ නොයෙකුත් ආකාරයේ පුද්ගලයෝ සිටිති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියාකලාපයන් පිළිබඳ විමර්ශනය කිරීමේදී එක් එක් පුද්ගලයන්ගේ ගතිගුණ...
2024-06-06 18:30:00
රුද්රාක්ෂයේ විවිධ ගුණ පිළිබඳ පසුගිය සතිවල අපි කතා කළෙමු. සුබසෙත පාඨකයන් වෙනුවෙන් ඒවා හඳුනාගැනීමේ ක්‍රම පිළිබඳ මෙසේ පැහැදිලි කරන්නෙමු.රුද්...
2024-06-06 18:30:00
බ්‍රහ්ම මුහුර්ථයෙන් හිමිදිරි පාන්දර අවදිවන කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තම වත් පිළිවෙත් අවසන් කර බුදුමැදුරේත්, දේව මන්දිරියේත් සුවඳ දුම්...
2024-06-06 18:30:00
දුම්මල සුවඳක් දේවාල භූමියෙන් පිටවී වටපිටාවට පැතිර ගියේය. වටේ රැස්වී සිටි පිරිසට දැණුනේ දෙවියන් මඟ වඩිනවා වැනි හැඟීමකි. සුවඳ පසුපස සෙමින් ඇදී ආවේ...
2024-06-06 18:30:00
ලබන ජුලි මස 06 වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට නියමිත අතර අවසන් මහා පෙරහර ජුලි මස 21 වැනි දින පවත්වා ජුලි මස 22 වැනි දා කතරගම මැණික් ගඟේ...
2024-06-06 18:30:00
1969 මැයි මස 28දා සුබ මොහොතින් නිකුත්වු සුබසෙතට වසර 55 පිරීම සුබසෙත පාඨකයින්ට මෙන්ම මටද ඇතිවන්නේ මහත් සතුටකි. වසර 48 පුරා ලිපි ලේඛන සපයමින්...
2024-05-30 18:30:00