වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වරය හා වත් පිළිවෙත්
මැයි 3, 2019
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය.
මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය සැපවත් කරන නිරෝගී කරවන මහඟු අවස්ථාවකි. එබැවින් මල්වරයේ දී ඉටු කළ යුතු වත් පිළිවෙත් ගැන දෙමව්පිය වැඩිහිටියන් මනා අවබෝධකින් කටයුතු කළයුතු අතර දැරියට යම් අවබෝධයක් ලබාදිය යුතු ය.
අපේ ජනසමාජයේ බොහෝ විට ගෙටවීමේ නැතහොත් මල්වරවීම පිළිබඳ කටයුතු එදා සිට පැවත ආ වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරනු ලැබීය. මේ නිසා ඔවුන්ට නිරෝගීතාවය මෙන්ම සැපවත් ජීවිතයකට අවස්ථාව ලැබිණ. එදා මල්වරවීමට ආසන්න දැරිය ගැන දෛවඥවරයකුට ජන්ම පත පෙන්වා දිනවකවානු දැනගත්හ. ඒ අනුව දැරියට ලබා දිය යුතු උපදෙස් මෙන්ම ආරක්ෂාවද ලබාදුන්හ.
මල්වරයේ දී පළමුව සිදුවන රජස් වීම කිල්ලක් ඇතිවන බවත් එම මල්වර කිල්ල දින පහළොවක් පමණ පවතින බැවින් ඉන් පසු මාසික රජස්වීම ස්නානය කරන තෙක් පවතින බැවින් දැරිය හොඳින් රැක බලාගත්තාය. මල්වර කාලසීමාවේ දී විශේෂයෙන් දැරිය තනිනොකොට තෙල්කෑම, පුළුටුකෑම, මස් මාංශ, බිත්තර, කිළිමාළු නොදීමෙන් රැක බලාගත්තේ බෙහෙවින් දැරියට අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත, ප්‍රේත, පිසාදීන්ගේ ඇල්ම බැල්ම ඇතිවේ යැයි කියන හේතුවෙනි. ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකන මල්වරවීමේ අවස්ථාව එදා ජන සමාජය බෙහෙවින්ම ආරක්ෂා කරගත්හ. මල්වරවීම නැතහොත් කොටහළු වීමේ දී කිලි තහංචියක් ලෙස සලකා නොයෙකුත් ආහාර වර්ග නුදුන්හ. ඒ අනුව තෙලෙන් බදින ලද ආහාර පුළුස්සන ලද ආහාර, මස්, මාළු වර්ග මෙන්ම කිලියැයි සලකන සියලුම ආහාරවර්ගද ගෙදරට පවා නොගත්හ. එළවළු අතර අළුකෙසෙල්, අළු පුහුල්, ද නුදුන් අතර මෝර මාළු, තෝර මාළු, මගුරු මාළු මෙන්ම මස්, ඌරු මස් ද කිළි ආහාර ලෙස දැරියන්ට නුදුන්හ. එමෙන්ම කිරිවර්ග, බිත්තර, මිටිකිරි යෙදූ ආහාර ද නුදුන් අතර දියකිරි යොදා පිසූ පතෝල වැටකොළු ආදී එළවළු සහිත බත් කෑමට සූදානම් කළ අතර කායම් හොද්ද මිරිස් අඩුවෙන් යෙදූ මිරිස් හොදි ලබාදුනි. මෙසේ කෑම වර්ගවලින් දැරිය ආරක්ෂා කළේ යම් යම් ශාරීරික ආබාධවලින් වළක්වා ගැනීමට හා පළමු රුධිරය වහනය හේතුකොට යම් නොසලකා හැරීමක් වුවහොත් අමනුෂ්‍ය උපද්‍රවලට හේතුවක් වන නිසාත් ය.
ප්‍රවේසම් වියයුතු ප්‍රවේසම් කළයුතු මල්වර දැරිය යම් හෙයකින් ඒ දිනයන්හිදී තෙල්කෑම තෙල් බැදුම් කෑම මෙන්ම කිළියැයි සඳහන් කෑම තහංචියකින් තොරව කෑමෙන් යම් අමනුෂ්‍ය දෝෂ කළුකුමාර දිෂ්ටිය හේතුවෙන් ඔසප් කාලයේ දී අධික උදර වේදනාව, යටි බඩේ වේදනාව, ක්ලාන්ත ගතිය, වරින්වර ඇතිවන හිසකැක්කුම මෙන්ම කෑම අපි්රයතාවයද ඇතිවිය හැකිය. මල්වරයේ දී සිදුවන යම් දෝෂ හේතුවෙන් මතුකාලයේ දී ශරීරය වැහැරී රූප ශෝභාවද අඩුවේ. තෙල් බැදුම් කෑමට නිතර නිතර පි‍්‍රය වේ. අවේලාවන්හිදී සක්මන් කිරීමටත් වැඩිහිටි අවවාද නුුරස්සන ගතියකුත් පිළිබිඹු වේ. එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිට සිහිනෙන් බියවීම්, සුළු දෙයකට පවා තැති ගැනීම් ආදියද දැකගත හැකිය. මෙවැනි දැරියන්ට ඇඹුල් පහ මතුරාදීම සුළු ශාන්තිකර්මයක් කිරීම ආරක්ෂා කිරීම් තුළින්ද දෝෂ මග හරවා ගත හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
ඡ්‍යොතිර් විද්‍යාවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි මොරටුවේ
තිස්ස මහානාම
සටහන
එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
එදා සිරිලක් ගිහි පැවිදි දෝ සතර දත් මහා වියතුන් රාශියක් ‘පත්තර මහගෙදරට’ පැමිණ මහා සාකච්ඡාවකින් පසුව අප කියවන සත වෙත සිරිසෙත සලසන සතිපත වූ සුබසෙත 1969....
2024-05-30 18:30:00
එදා මුළු පත්තර මහගෙදරම බලා සිටියේ මහත් අපේක්ෂාවෙනි. වසර දෙකකට පමණ පසු සුබසෙත යළි මුද්‍රණය කරන බවට කන්තෝරුව පුරා ආරංචිය නොගිය සවන්පතක් නැති තරම්ය....
2024-05-30 18:30:00
බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා පිහිට රුද්රාක්ෂයට ඇත්තා සේම එහි අන්තර්ගත රසායනික හා ජීව චුම්බක විද්‍යුත් ශක්තිය...
2024-05-30 18:30:00
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ ගැමි පරිසරය තුළ සෞන්දර්යවත් නිවෙසක දිවි ගෙවූ මේ අපූරු හෙළයේ මහා ගත්කතුවරයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨතම අති...
2024-05-30 18:30:00
‘සත වෙත සිරිසෙත සලසන සතිපත’- සුබසෙත පුවත්පතට 2024 මැයි 28 දිනට වසර 55 ක් සපිරුනි.1969 මැයි මස 28 වැනිදින සුබ මොහොතින් ඇරඹුණු සුබසෙත පත්‍රයෙන් මේ...
2024-05-30 18:30:00
පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව අපේ රටේ ජනතාවගේ ඇති බැඳියාව නූතන බටහිර විද්‍යාව විසින් යට කර දමනු ඇතැයි යුගයෙන් යුගයට බොහෝ වියතුන් පවසනු ලැබුව ද එය...
2024-05-30 18:30:00
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කාන් ඔරලෝසු කණුව සමීපයෙන් බටහිර දෙසට ගලා යන මහා දිය දහරකි. අගනුවර සැරිසරන ජනතාවගේ ගී‍්‍රස්මය මකන මේ ජලපහරින් බෙදා හරින මද...
2024-05-30 18:30:00
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)ඡ්‍යොතිෂ අවිශ්කාර් ඡ්‍යොතිෂ ශිරෝමණී ආචාර්ය විජය සමරසිංහකොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් හිමිදිරි පාන්දර...
2024-05-30 18:30:00
තරුණවියේ පසුවන වෘත්තිකයන් සිව්දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණගැසීම නිසා තම ජීවිතයට...
2024-05-30 18:30:00
වසර 55 සංවත්සරයට එළැඹෙන සුබසෙත පුවත්පත අද දැනුමෙන් පිරි පරිණත භාවයකට පත්ව ඇත. දැනට ජීවතුන් අතර නැතත් එදා මගේ පියාණන් ඉතා කැමැත්තෙන් කියැවූ එකම...
2024-05-30 18:30:00
ජුනි මස පළමුවැනි ශනි දින යුරේනස් වෘෂභ රාශිගත වෙයි. වෘෂභ රාශිය මකර නවාංශකය, කැති නැකත 2 පාදය කන්‍යා උදා රාශිගතව ධර්ම කර්මාධිපති නීච භංග රාජ...
2024-05-30 18:30:00
ශ්‍රී ලාංකික සූපවේදයේ විවිධ බත් වර්ග කිහිපයක් විය. ඒවා අතර චිරාත් කාලයක සිට පැවත එන අනර්ඝ වූත් උස් පහත් කාටත් පොදුවූත් බත කිරිබත නම් විය. සුභ...
2024-05-23 18:30:00
වෙසක් යනු බෞද්ධ දින දර්ශනයේ අති පූජනීය දිනයයි. හින්දු සහ බෞද්ධ දින දර්ශනවල වෙසක් මාසය වන මැයි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලැබේ....
2024-05-23 18:30:00
යම් රෝගාබාධයක් හේතුකොටගෙන මිනිසා පත්වන ලොකුම දුක වන්නේ වේදනාවය. වේදනාවෙන් මිදෙනු උදෙසා විවිධ ඖෂධ ඇති නමුත් බොහෝ අවස්ථාවලදී ඒවායින් පිහිටක් ලැබෙන්නේ...
2024-05-23 18:30:00
ගණිත සතර පිළිබඳ ඇති දැනුම හොඳ සැපතින් යුතුව යන ජීවිත ඔරුව පැද විසා නැකතෙ මුල් පාදෙන් උපත ලද පිනැතියෙක්ය පැතුරුණ කිතු කිරණ කඳ දෙවැනි පාදයද එයටම සම වෙන...
2024-05-23 18:30:00